පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ප්‍රතිකාර ලබා දීමට වෛද්‍ය රොබෝවරයකු කොළඹ ජාතික රෝහලට ගෙන්වා ගැනීමේ මුලික පිඹුරුපත් සකස් කරගෙන යයි. එවැනි රොබෝවරයකුගේ මිල රුපියල් තිස් කෝටියකි.
මෙමගින් සර්වාංගයන්හි සැත්කම් සිදු කිරීම පවා අවස්ථාව සැලසෙන බව ජාතික රෝහලේ ජන්‍ය මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය නෙවිල් පෙරේරා මහතා පැවසීය.
පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සඳහා ලොකු කැපීම් මගින් කෙරෙන සැත්කම් වෙනුවට දැන් ‘යතුරු සිදුරු‘ක්‍රමයෙන් සැත්කම් අරඹා ඇත.
ඊළඟ පියවර වන්නේ වෛද්‍ය රොබෝවරයකු ඒ සඳහා යොදවා ගැනීමයි.
රොබෝ හසුරුවාලමින් සැත්කම සිදුකරන්නේ වෛද්‍යවරයාය.රොබෝ මගින් ශරීර අභ්‍යන්තරයේ කොටස් ත්‍රිමාන ලෙස දැකිය හැකියි.
එය සැත්කමේදී ඉතා වැදගත් බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
මෙවැන්නක් ජාතික රෝහලට අත්‍යවශ්‍ය වේ.එම නිසා වෛද්‍යවරුන් රැසක්ම මේ හා සම්බන්ධව මුලික සාකච්ඡාවක් පවත්වාගෙන යයි.
වයස අවුරුදු පනහ ඉක්ම වු පිරිමින් සඳහා සිදු කරන විශේෂ රැධිර පරීක්ෂණයකින්
පුරස්ථියේ පිළිකා මුල් අවස්ථාවේදී ම හඳුනා ගැනීමට හැකිවන බව මහාචාර්යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි තිහක් වියදම් කරලා රොබෝවරු ගෙන්න ඕන නැහැ අපේ දක්ෂ වෛද්‍ය වරු ඉන්නවා,ඔය කෝටි තිහෙන් ඉස්පිරි තාල වලට අඩුපාඩු සහ බේත් ගෙනත් දෙන්න. (අ)
මේ වගේ ඉතා ප්‍රයෝජනවත් වැඩකට කෝටි 30ක් වියදම් කරනවා කියන්නේ ලොකු මුදලක් අගය කලයුතු හොද තීරණයක්. (දිල්)
බොර වියදම් නතරකරලා මේවගේ වැදගත් දෙයක් ගැන බලමු (දී)
ඉතාමත් හොද අදහසක්.හැබැයි ඒවා ගෙනාවට පාවිච්චි කර ප්‍රයෝජන ගන්නත් වෛද්‍යවරු උනන්දු විය යුතුයි (දිල්)
මේවා රටට ජනතාවට කළයුතු යුතුකම්. පුරස්ථි ග්‍රන්තියේ පිළිකා සැත්කම් සඳහා පිටරට යාමට දැන් අවශ්‍ය නැහැ. රජයට ජනතා ප්‍රණාමය. (දී)
සල්ලි කීයක් ගියත් මේ වගේ වැඩ කරන්න ඕන. මේවා වටිනා වැඩ. (අ)