ගාල්ල රිච්මන්ඩ් - මහින්ද ක්‍රිකට් තරගය අතර මැද දී මහින්ද විදුහලට සම්බන්ධ බව කියන පිරිසක් පිටිය මැදට පැමිණ කලබලකරන්නට වූ බැවින් මින් සුළු මොහාතකට පෙර තරඟය අතරමග නැවතී ඇත. පොලීස් කැරළි මර්ධන ඒකකය තත්ත්වය පාලනය කිරීමට සූදානම්ව සිටියි. පළමු ඉනිමේ රිච්මන්ඩ් විදුහල ලකුණු 257ක් ලබා ගත්තේය. පළමු ඉනිම ක්‍රීඩා කළ මහින්දය ලබාගත්තේ ලකුණු 126කි. දෙවැනි ඉනිමේ කඩුළු නමයකට 128ක් ලබා සිටිය දී මේ තත්ත්වය ඇතිවිය. පිටියට කඩා වැදුණු පිරිස් රිච්මන්ඩ් කණ්ඩායමේ ක්‍රීඩකයකුට ද පහරදුන් බව පොලීසිය කියයි. වඩාත් සුහද ශීලී තරඟයක් වූ බැවින් මේ තරඟය හඳුන්වන්නේ ආදරවන්තයන්ගේ සටන යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම ගාල්ලේ අය ආදරය හොඳින් අඳුනනවා, අවුරුදු 109ක් වන මහා තරග ඉතිහාසයේ දැන් වසර දෙක තුනක් වෙලේ ඉඳල කළු පැල්ලම් එකතු කරන්න බොහෝ දෙනා උත්සහ කරන බවක් පේනවා. මම මහින්දෙවත් රිච්මන්ඩ් වත් නෙමෙයි. මගේ පාසලේ බිග් මැච් තිබුනේ නැහැ නමුත් ගාල්ලේ බාල මහලු සියලුදෙනා පාසල් බේදයකින් තොරව බිග් මැච් එකේ මිහිර චිරාත් කාලයක් විඳගත්තා. එක නිසා ඔයාට තියෙන දක්ෂිණ භීතිකාව මග ඇරිලා යන්න කොන්දට බෙහෙතක් කරගන්න. (නදී)
පිටියට කඩා පැනීම හරිම අවිනිතයි. ආදී මහින්දියෙක් හැටියට ලැජ්ජයි නමුත් මෙයට වගකිව යුත්තේ සිසුන් නෙවෙයි ආදී ශිෂයෝ කියාගන්න මැච් එක දවසට රා බීගෙන දගලන ඉස්කෝලේ ගියාට ඉගෙන ගත්තේ නැති නුගතුන් ටික දෙනෙක්. රිච්මන්ඩ් සොයුරනි ඔබගේ විශිෂ්ට ජයග්‍රහණයට හද පත්ලෙන්ම සුබ පතමි.(නදී)
මේ අය ක්‍රිකට් වල මහත්මා ගති ගැන දන්නේ නැහැ.(නදී)
රටේ විනයක් නැති බවට තවත් සාක්කියක්. මේ රටේ නියම නීතියක් තියන්ඩ ඕනා. රට දියුනු කිරීමට නම්. සිමෙන්ති ගොඩනැගිලි හෝ පාරවලින් දියුනුව මැනිය නොහැකිය. රටේ නීතිය ක්‍රියාත්මක කර වැරදි කල අයට දඬුවම් දෙන්ඩ.(නදී)
මංජුල ගිය දුරක්! හිත රිදුනා නම් සමාවන්න. (නධී)
බෙන්තර ගගෙන් එහා පැත්තෙනං කවර කතාද.(නදී)
රා බීපු කතාවක් කොමන්ට් එකක තිබුනා.ආදරවන්තයින් රා බොනවද? සිරිලක දේ සිරි සැප දේ කීවලු.(නදී)
මහින්දෙ දැකලවත් නැති අය මහින්දෙ ගැන ප්‍රතිචාර දමන එක වැරදි. (ත)
සල්ලිකාර මෝඩයන්ගේ විකාර. සමබර අධ්‍යාපනය මේකද? (නදී)
මමත් රිච්මන්ඩ් ආදී සිසුවෙක්. අපි නම් හැබැයි මේපාරත් අපේ සමවයසේ මහින්ද ආදී සිසු යහලුවෝ සමග බොහොම සතුටින් බිග් මැච් එකට ගතිපු නිවාඩුව ගතකලා. රිච්මන්ඩ් අයට මහින්දෙ අය තමයි හැමදාමත් රැකියා අවස්ථා වලදී පවා උදව් කරන්නේ. මහින්දෙ අයටත් රිච්මන්ඩ් අය එහෙමයි. මේ පාසල් දෙකම එකට බැදුන දෙයක් කියන ඒක අපේ මල්ලිලට මතක් කරන්න ඕනේ වගේ අයෙමත්. (නදී)
මහින්දෙ තමයි ඉස්කෝලෙ.(නදී)
ධම්මට සමාව දෙමු මංජුල මල්ලි., නොදැන කියපු කතාවට., මිලින්ද මල්ලි මුකුත් අකරතැබ්බයක් වත් උනාද බෙන්තර ගගෙන් එහා ගිහින්...? (නදී)
පාසල් අතර සහයෝගය වර්ධනය කරන්න ගිහින් අන්තිමේදී ගැටුම් වර්ධනය වෙනවා, එක අතකින් මේවා ස්වභාවිකයි.(නදී)
ආදරවන්තයින්ගේ සටන,නියම නම.(නදී)
රිච්මන්ඩ් එකට බිග්මැච් ගහන්න විනය ගරුක පාසැලක් හොයාගන්න වෙයි වගේ. (නදී)
අවුරුදු 109 ක් ගැහුවා කියන්නේ සෙල්ලන්ද ?(අ)
ආදරවන්තයිනේ සටනනේ. ආදරේ කරන්න පනින්න ඇති (දී)
ආදරයට කොහේදෝ බාධා නැත්තේ (දී)
අනේ කාලේ වනේ වාසේ කියුවලු ක්‍රිකට් වලට ගිය කල (දී)
මේකට තමයි ගාල්ලේ අය ආදරය කියන්නේ. ආදරවන්තයෝ මෙහෙමලු.(නදී)
පරාජය අනුවන අයට ඉවසාගත නොහැකි වේදනාවක්.(දී)
මිනිස්සුන්ගේ නොහැදියාව තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ (දී)