IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පිරිසක් ඇතින්නට වස දෙති

ගල්ගමුව මීගලෑව සියඹලන්ගමුව වැවි ඉස්මත්තේ වැටී සිටින මෙම ඇතින්න කිසියමි විසක් ශරීර ගත වී බරපතල ලෙස රෝගාතුරවී ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

මීගලෑව රෝහණ කුමාර ගොවි මහතා ඇතුළු ගොවියෝ කීපදෙනෙක් මෙම ඇතින්න  රැකබලා ගනිති. ලණු දමා ඇතින්න නැගිටුවීමට ඔවුහු වෑයම් කරති.

.

 



අදහස් (0)

පිරිසක් ඇතින්නට වස දෙති

දසනායක Monday, 23 December 2013 09:55 AM

රෝහණ කුමාර ගොවි මහත්තයෝ මේ පිනම ඇති ඔබ තුමාට ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න. වස දුන්න මනුස්සයට මේ අත්මේම දඩුවම් ලැබේවි.(නදී)

:       0       0

ධම්ම Monday, 23 December 2013 10:41 AM

මට මතක්වෙනවා මා කුඩා කාලයේ අපේ ගදර හිටි දැවැන්ත කීකරු ඇතින්න. ඇයගේ අවසාන කාලයේ අසනීපව අපේ ගේ ඉස්සරහ වැටිලා හිටියේ මේ විදියට. ඇය මියගියේ ඇත්ගොව්වා විසින් ඇගේ නියපොතු අතරින් ගසන ලද විස කටුවක් නිසා.(දිල්)

:       0       0

රජින්ද Monday, 23 December 2013 10:57 AM

මේ දේ කරපු අයට හොඳක් නම් සිද්ධ වෙන්න එපා. ඒ වගේම පින් සිද්ධ වෙනවා මේ ගොවි මහත්මයින්ට. ලංකාවේ අලි ඇත්තු ටිකෙන් දැන් 35% කට වඩා ඉවරයි. (ස)

:       0       0

රන්දික ටිෂන් Monday, 23 December 2013 11:36 AM

අපිට වගේම මේ සතුන්ටත් ජීවත් වෙන්න අයිතිය තියෙනවා. බුදු දහම පිළිබඳව ඇති සර්දාව ඇති අපේ අයගේ වැඩද මේවා? ජීවත් වීම විශ්වීය පොදු අයිතියක්.(නදී)

:       0       0

ටෙනිසන් Tuesday, 24 December 2013 08:40 AM

දයා අලහාකෝන් මේ ලෝකය අයිති අපට විතරක් නොවෙයි. අපේ දේපලක් අන් අයකු බලහත් කාරයෙන් අත්පත් කරගත්තොත් අපි එයට විරුද්දව කළහ කරනවා නැතිනම් නීති මගින් ක්‍රියා කරනවා. ඒ අයිතිය මේ සතුන්ටත් තිබෙනවා. අනුන්ගේ දේපල කොල්ල කාල හිමි කරුවා මරල දාපුවම හරිද. ''සතුන් මවා ඇත්තේ නුඹලාගේ ප්‍රයෝජනය පිණිසය'' මිනිසුන් එයට වැරදි අර්ථකතන දුන්නත් ලෝකය සමබරව ඉදිරියට යාමට සතා සිව්පාවා විශාල මෙහෙවරක් කරනවා. (නදී)

:       0       0

විජේසිංහ Monday, 23 December 2013 11:47 AM

හරක් මැරුවොත් අපිට කියන්ඩ. නිකන් ඉන්න එකේ අපි එන්නම් වටලන්න.(නදී)

:       0       0

බංඩාර Tuesday, 24 December 2013 08:47 AM

ගල්ගමුව වල් වදින්න වෙලා දැනට අවුරුදු 20 ක් වෙනවා. ඒ පොදු පෙරමුනේ වරද නොව ගල්ගමුවට පත් කල මන්ත්‍රීන් ගේ වරදයි. ඒ අය‍ට හැකියාවක් නැ පාර්ලිමේන්තුවේ මේ ගැන ප්‍රකාශයක් කරලා අලි ප්‍රශ්නය විසදන්න ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ අය ගොඩක් ආස කොන්ත්‍රාත් වලට.(නදී)

:       0       0

උජිත වර්ණකුලසුරිය Sunday, 22 December 2013 07:47 PM

පව් අසරණ සතා.(නදී)

:       0       0

බුද්ධික ඒකනායක Monday, 23 December 2013 12:16 PM

කරුණාකරල මේ රටේ ඉන්න මේගොල්ල හැමෝම ආදරයෙන් රැක බලාගන්න කැමති වෙන රටකට යවන එක නේද බලධර‍යිනි හොදම විසදුම. මැරෙන්න අරින්න එපා මේ සම්පත්. (ත)

:       0       0

සුමංගල - ඇල්පිටිය Sunday, 22 December 2013 08:04 PM

බැරිම තැන මිනිස්සු කරපු වැඩක් වෙන්න ඇති ! රජය මැදිහත් නොවන නිසා (ත)

:       0       0

ශාලික Sunday, 22 December 2013 08:48 PM

කෝ වන ජීවි අය​? (ත)

:       0       0

දයා අලහාකෝන් Monday, 23 December 2013 02:31 PM

මේවට කොහොමද අනේ අනේ අපොයි කියන්නේ. අද උදෙත් 21 හැවිරිදි උපාධි පාඨමාලාවකට ගිය සිසුවියකුත් වල් ප්‍රහාරයකට ලක්වෙලා.(නදී)

:       0       0

තිලක් Monday, 23 December 2013 03:11 PM

මේවා අලින්ගේ වරද නෙමෙයි. අලි ගමට ගෙන්වපු අයගේ වරද. (ස)

:       0       0

සෙලිනා Monday, 23 December 2013 12:24 AM

පව් අසරණයා. මොනවා කලත් වස දෙන්න තරම් නපුරු හිතක් කොහොමද ආවේ ඉක්මන් සුවය ලැබේවා! (නදී)

:       0       0

සිරිල් Monday, 23 December 2013 12:48 AM

මේ වගෙ වැඩ කරන තිරිසන් මිනිස්සු මැරෙන්නෙ මීට වඩා විදවලා.(නදී)

:       0       0

පෙරේරා Monday, 23 December 2013 02:05 AM

අපිට වනයේ මෙවැනි දැවන්තියින් දැක ගැනීමේ වාසනාව අහිමිවීමේ දවස වැඩි දුරක නැහැ. (නදී)

:       0       0

ශිරානි Monday, 23 December 2013 05:37 AM

පඩි දීලා වනජීවි සහ පශු වෛද්‍ය නිලධාරීන් මේ වෙනුවෙන් දමා සිටිද්දී . සතුන් ගැන ඔවුන්ගේ සෞඛ්‍ය ගැන නොදන්නා ගොවියෝ කොහොමද මේවා කරන්නේ. අන්තිමට සතාව මැරෙන එක තමයි වෙන්නේ. වගකිව යුත්තෝ පස්සේ ඒවි පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site