පැරීසියේ විල්නෙව් සෙන්ට් ජේාර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර කඨින පිංකම නොවැම්බර 02 වැනි ඉරිදා විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ ගුරු උපදේශක හා ජනාධිපති උපදේශක පණ්ඩිත නැදගමුවේ විජයමෛත‍්‍රී හිමි, ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේනාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමි , ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර බෞද්ධ විහාරාධිපති හල්යාලේ විමලරතන හිමි , මහරගම ධර්මායතනයේ දියතලාවේ පියදස්සි හිමි, වතුරගම වේළුවනාරාමයේ ගම්පහ සිරිසීවලී හිමි, සූරිච් බෞද්ධ විහාරයේ කරුවලගස්වැව අනුරුද්ධ හිමි, ගාල්ල තලංගල්ලේ ශ්‍රී සුබෝධාරාමාධිපති පාන්තියේ පියදස්සි හිමි, මිරිසවැටිය විහාරවාසි නෙකටුනවැවේ ඥාණරතන හිමි හා කඩුවෙල බෝමිරියේ විහාරයේ කිරින්දේ ධම්මාලෝක යන හිමි පිංකමට වැඩම කළහ.
සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ආරම්භයත් එයින් සිදුවන සමාජ මෙහෙය අතීතය, වර්තමානය හා අනාගතය ලෙස විවිධ කරුනු ඔස්සේ කරුණු ඉදිරිපත් කරමින් පූජණීය ස්ථානයකින් හෝ සමාජයට යහපතක් මිස අයහපතක් සිදු නොවන බවත් එබැවින් එම ස්ථාන ආරක්ෂා කර ගැනීම හා එමගින් අපගේ දේශීය සංස්කෘතිය රැක ගැනීම සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම බවත් නැදගමුවේ විජයමෛත්‍රී හිමියෝ කීහ. අභාවයට ඇද හැළෙන අපේ සිංහල භාෂාව ආරක්ෂා කර ගැනීම, විදේශගත ශ්‍රී ලාංකික දරුවන්ගේ සිංහල භාෂා දැනුම පෝෂණය කිරීමට සහාය වීම එම දේමාපියන්ගේ වගකීමක් වන අතරම සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස සියලූ දෙනා සහජීවනයෙන් එක් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමේ වැදගත්කම පහදා දෙමින් එම විහාරස්ථානයේ වැඩ විසූ අපවත්වූ කොස්ගොඩ සෝභිත හිමියන්ට පිංපමුණුවා නෝර්වේ, ඩෙන්මාර්ක්, ජර්මනිය, ස්විට්සර්ලන්තයේ විහාරස්ථාන වල කඨින පිංකම් වලට සහාභාගි වූ විජයමෛත්‍රී හිමියෝ කීහ.
නෙකටුනවැවේ ඥාණරතන හිමියන් විසින් සමාධි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන් වෙත සර්වඥ ධාතුන් වහන්සේ පිළිගැන්වීමෙන් අනතුරුව ධාතු ප‍්‍රදර්ශනයක්ද පැවැත්විණි. දහවල් දන්සැලෙන් හා කඨින පෙරහරෙන් පසු කඨින චීවර පුජාව සිදුවිය.
අටවිසි බුද්ධ පූජාව හා ධර්ම දේශනා වලින් පසු ධාතුන් වහන්සේ විහාර මන්දිරයේ තැන්පත් කිරීමෙන් පිංකම අවසන් විය. ලයනල්, නාලනී ජයරත්න ඇතුළු පවුලේ සියලූ දෙනා කඨින චීවරය ජූජා කළහ.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී ශ්‍රී මහා බෝධියේ අංකුරයක් පැරිසියේ සමාධි විහාරස්ථානයේ රෝපණය වෙනවා .එදාට සමාධි විහාරය වැඳ පුදා ගැනීම අනුරාධපුරයේ අටමස්ථානය වැඳ පුදා ගත්තා වගෙයි .එය පැරිසියේ බෞදධයන්ට වටිනා අවස්ථාවක් .ඒ සදහා සුමංගල හාමුදුරුවන්ට දිරිය ලැබේවා ! උන්වහන්සේට නිරෝගී සුවය ලැබේවා ! (දිල්)
හරීම ලස්සන පින්කමක්. ඔබ වහන්සේගේ සියලු බලාපොරොතු සපලවේවා.! (ර)
දැන් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් පැරිසියේ සමාධි විහාරයේ වැඩවසනවා. ඒක අපිට කොයිතරම් ලොකු ආඩම්බරයක්ද? අපිට ධාතුන් වහන්සේ නමක් වැඳපුදාගන්න ලැබීමත් මොන රම් වාසනාවක්ද? සාදු ! සාදු !!! සාදු !!!! (නි)
හොඳ පින්කමක්.(හේ)
ලෝකයේ බොහෝ පන්සල්වල මේ දිනවල ශක්ති ප්‍රමාණයෙන් මෙවන් කඨින පින්කම් පවත්වනවා. මෙයද එවන් ලස්සන පින්කමක්. මේ උතුම් පින්කම් මාලාවන් දෙසම අපි ඉතා පහන් සිතින් බලා පින් අනුමෝදන් වෙනවා. සාදු ! සාධු !! සාධු!!! (නදී)
හරිම සතුටුයි. සාධු සාධු!! (නි)
පැරිස් සමාධි විහාරස්ථානයේ කඨින පුණ්‍ය උත්සවය 2014 වර්ෂය විහාරාධිපති ගරු තලංගල්ලේ සුමංගල හිමිපාණන්ගේ, ප්‍රධානත්වයෙන් සහ අනිකුත් දායක පින්වතුන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වුණ අතර එය සාර්ථකව පැවැත්වීම පිළිබදව මාගේ ස්තුතිය. (ර)
වටිනා ලස්සන පින්කමක්. සුමංගල හිමිට තව තවත් ශක්තිය ලැබේවා! (නි)
ඉතාම හොඳ පින් කමක් දැක බලා අපි සතුටු උණා. අපේ සුමංගල හිමියන්ට උතුම් තුනුරුවනේ රැකවරණය ලැබිලා යුරෝපයේ බුදු දහම බෙදාදෙන්න සියලුම ශක්ටතිය පාර්ථනා කරමි. ලස්සන පින් කමක්. (ර)
විශාල පිංකමක්! සාධු සාධු සාධු!.(හේ)
බුදු සසුන බැබලේවා !(දිල්)