IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පැරිස් සමාධි කඨිනයට ලංකාවෙන් සඟරුවන

පැරීසියේ විල්නෙව් සෙන්ට් ජේාර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර කඨින පිංකම නොවැම්බර 02 වැනි ඉරිදා විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ ගුරු උපදේශක හා ජනාධිපති උපදේශක පණ්ඩිත නැදගමුවේ විජයමෛත‍්‍රී හිමි, ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේනාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද  හිමි , ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර බෞද්ධ විහාරාධිපති  හල්යාලේ විමලරතන හිමි , මහරගම ධර්මායතනයේ දියතලාවේ පියදස්සි හිමි, වතුරගම වේළුවනාරාමයේ ගම්පහ සිරිසීවලී හිමි, සූරිච් බෞද්ධ විහාරයේ කරුවලගස්වැව අනුරුද්ධ හිමි, ගාල්ල තලංගල්ලේ ශ්‍රී සුබෝධාරාමාධිපති පාන්තියේ පියදස්සි හිමි, මිරිසවැටිය විහාරවාසි නෙකටුනවැවේ ඥාණරතන හිමි හා කඩුවෙල බෝමිරියේ විහාරයේ කිරින්දේ ධම්මාලෝක යන හිමි පිංකමට වැඩම කළහ.

සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ආරම්භයත් එයින් සිදුවන සමාජ මෙහෙය අතීතය, වර්තමානය හා අනාගතය ලෙස විවිධ කරුනු ඔස්සේ කරුණු ඉදිරිපත් කරමින් පූජණීය ස්ථානයකින් හෝ සමාජයට යහපතක් මිස අයහපතක් සිදු නොවන බවත් එබැවින් එම ස්ථාන ආරක්ෂා කර ගැනීම හා එමගින් අපගේ දේශීය සංස්කෘතිය රැක ගැනීම සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම බවත් නැදගමුවේ විජයමෛත්‍රී හිමියෝ කීහ. අභාවයට ඇද හැළෙන අපේ සිංහල භාෂාව ආරක්ෂා කර ගැනීම, විදේශගත ශ්‍රී ලාංකික දරුවන්ගේ සිංහල භාෂා දැනුම පෝෂණය කිරීමට සහාය වීම එම දේමාපියන්ගේ වගකීමක් වන අතරම සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස සියලූ දෙනා සහජීවනයෙන් එක් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමේ වැදගත්කම පහදා දෙමින් එම විහාරස්ථානයේ වැඩ විසූ අපවත්වූ කොස්ගොඩ සෝභිත හිමියන්ට පිංපමුණුවා නෝර්වේ, ඩෙන්මාර්ක්, ජර්මනිය, ස්විට්සර්ලන්තයේ විහාරස්ථාන වල කඨින පිංකම් වලට සහාභාගි වූ විජයමෛත්‍රී හිමියෝ කීහ.

නෙකටුනවැවේ ඥාණරතන හිමියන් විසින් සමාධි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන් වෙත සර්වඥ ධාතුන් වහන්සේ පිළිගැන්වීමෙන් අනතුරුව ධාතු ප‍්‍රදර්ශනයක්ද පැවැත්විණි. දහවල් දන්සැලෙන් හා කඨින පෙරහරෙන් පසු කඨින චීවර පුජාව සිදුවිය. 

අටවිසි බුද්ධ පූජාව හා ධර්ම දේශනා වලින් පසු ධාතුන් වහන්සේ විහාර මන්දිරයේ තැන්පත් කිරීමෙන් පිංකම අවසන් විය. ලයනල්, නාලනී ජයරත්න ඇතුළු පවුලේ සියලූ දෙනා කඨින චීවරය ජූජා කළහ.

01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16

 

 

 

 



අදහස් (0)

පැරිස් සමාධි කඨිනයට ලංකාවෙන් සඟරුවන

චිත්‍රා දමයන්ති පැරීසිය Tuesday, 04 November 2014 12:43 PM

ඉදිරියේදී ශ්‍රී මහා බෝධියේ අංකුරයක් පැරිසියේ සමාධි විහාරස්ථානයේ රෝපණය වෙනවා .එදාට සමාධි විහාරය වැඳ පුදා ගැනීම අනුරාධපුරයේ අටමස්ථානය වැඳ පුදා ගත්තා වගෙයි .එය පැරිසියේ බෞදධයන්ට වටිනා අවස්ථාවක් .ඒ සදහා සුමංගල හාමුදුරුවන්ට දිරිය ලැබේවා ! උන්වහන්සේට නිරෝගී සුවය ලැබේවා ! (දිල්)

:       0       0

මරතුගොඩ උපරතන හිමි - ඩෙන්මාර්ක් Monday, 03 November 2014 04:27 PM

හරීම ලස්සන පින්කමක්. ඔබ වහන්සේගේ සියලු බලාපොරොතු සපලවේවා.! (ර)

:       0       0

මාලනී පැරිසිය Monday, 03 November 2014 06:43 PM

දැන් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් පැරිසියේ සමාධි විහාරයේ වැඩවසනවා. ඒක අපිට කොයිතරම් ලොකු ආඩම්බරයක්ද? අපිට ධාතුන් වහන්සේ නමක් වැඳපුදාගන්න ලැබීමත් මොන රම් වාසනාවක්ද? සාදු ! සාදු !!! සාදු !!!! (නි)

:       0       0

අරුණ Tuesday, 04 November 2014 08:13 AM

හොඳ පින්කමක්.(හේ)

:       0       0

නාලි Tuesday, 04 November 2014 01:13 AM

ලෝකයේ බොහෝ පන්සල්වල මේ දිනවල ශක්ති ප්‍රමාණයෙන් මෙවන් කඨින පින්කම් පවත්වනවා. මෙයද එවන් ලස්සන පින්කමක්. මේ උතුම් පින්කම් මාලාවන් දෙසම අපි ඉතා පහන් සිතින් බලා පින් අනුමෝදන් වෙනවා. සාදු ! සාධු !! සාධු!!! (නදී)

:       0       0

නිහාල් Tuesday, 04 November 2014 09:48 PM

හරිම සතුටුයි. සාධු සාධු!! (නි)

:       0       0

තාරක විතාරණ - පැරිස් Monday, 03 November 2014 02:35 PM

පැරිස් සමාධි විහාරස්ථානයේ කඨින පුණ්‍ය උත්සවය 2014 වර්ෂය විහාරාධිපති ගරු තලංගල්ලේ සුමංගල හිමිපාණන්ගේ, ප්‍රධානත්වයෙන් සහ අනිකුත් දායක පින්වතුන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වුණ අතර එය සාර්ථකව පැවැත්වීම පිළිබදව මාගේ ස්තුතිය. (ර)

:       0       0

හේමාලංකාර හිමි Wednesday, 05 November 2014 12:43 AM

වටිනා ලස්සන පින්කමක්. සුමංගල හිමිට තව තවත් ශක්තිය ලැබේවා! (නි)

:       0       0

කටුගස්තොට උපරතන හිමි Monday, 03 November 2014 03:09 PM

ඉතාම හොඳ පින් කමක් දැක බලා අපි සතුටු උණා. අපේ සුමංගල හිමියන්ට උතුම් තුනුරුවනේ රැකවරණය ලැබිලා යුරෝපයේ බුදු දහම බෙදාදෙන්න සියලුම ශක්ටතිය පාර්ථනා කරමි. ලස්සන පින් කමක්. (ර)

:       0       0

උදාර Tuesday, 04 November 2014 04:34 AM

විශාල පිංකමක්! සාධු සාධු සාධු!.(හේ)

:       0       0

මදූ Tuesday, 04 November 2014 11:56 AM

බුදු සසුන බැබලේවා !(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 903 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site