ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්වල දරු දරුවනට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ උත්සවය පසුගියදා මිනුවන්ගොඩ පීල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික සහ සුභ සාධක සංවිධානය ශිෂ්‍යත්ව ප්‍රධානය සංවිධානය කරයි.
ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි 19 වැනි වතාවටත් පවත්වන ලද මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයේදී සිසු සිසුවියෝ 40 දෙනෙක් ශිෂ්‍යත්ව ලදහ.
තවත් සිසුන් 50 දෙනෙකුට එක අයෙකුට රුපියල් 4000 බැගින් මුදල් පරිත්‍යාග කැරිණි.
මෙම පරිත්‍යාගය සඳහා පුර්ණ දායකත්වය සපයන ලද්දේ ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකික, ලාඔස් සහ වියට්නාම් ජාතික පින්වතුන් විසිනි.
කැළණි විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මල්වානේ චන්දරතන හිමියෝ උත්සවයේ මුලසුන හෙබැවුහ.
විද්‍යෝදය මහා පිරිවෙනෙහි අධිපති රාජකීය පණ්ඩිත බලන්ගොඩ සෝභිත හිමි විශේෂ අනුසාශනාවක් පැවැත්වුහ,
ප්‍රංශයේ සිට පැමිණ සිටි ශ්‍රී ලාංකික, ලාඕස, වියට්නාම් සහ ප්‍රංශ ජාතිකයෝ රැසක් මේ අවස්ථාවට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැණ ගුණ පිරුණු දරුවන් ලෝකෙට දෙන්න ගන්නා මෙහෙවරට අපේ තුති පුද මෙන්න.(නදී)
මේ අපේ පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ, ගුරු ලොකු හාමුදුරුවෝ නේද?. අපේ සිරිධම්ම හාමුදුරුවෝ වගේ ගෝල හාමුදුරු කෙනෙක් සසුනට දායාද කලාට, පරවාහැර නායක හාමුදුරුවන්ට ගොඩක් පින්. (නදී)
පරවාහැර චන්ද්‍රරතන හිමියන්, එඩිතර ඝෘජු තීරණ ගන්නා හිමිනමකි. වසරක් පාසා සිදුකරන මෙම අගනා මෙහෙවර,මීටත් වඩා හොදින් ඉදිරියේදී කරගෙන යාම සදහා උන්වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා! චිරං ජයතු.(නදී)
අපේ චන්ද්‍රරතන හාමුදුරුවන් ගැන අපි දන්නවා. උන් වහන්සේ කරන මේ උතුම් සේවය අපි හැමදාම අගය කරනවා.(නදී)
අපේ හාමුදුරුවන්ගේ ධර්ම දුත මෙහෙවර ගැන ආඩම්බරයි. නොසැලෙන අධිෂ්ඨාන ශක්තියට අපේ ප්‍රණාමය. (නදී)
අප හාමුදුරුවෝ නැවතත් පීල්ලවත්ත පන්සලට ආපු එක ගැන අපි සතුටු වනවා ,(දිල්)