ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවය පසුගියදා විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමිපාන් වහන්සේගේ අනුශාසනා පරිදි බුවාද වැන්සන්හි පිහිටි එම විහාරස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබිය.
ප්‍රංශයේ ජිවත්වන ශ්‍රී ලාංකික මෙන්ම විවිධ ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතාමත් අලංකාර අන්දමට පැවැත්වුන මෙම පිංකම සඳහා ශ්‍රී ලංකාවෙන් සහ ප්‍රංශයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරයන්හි මහා සංඝරත්නය 12 නමක් වැඩම කළහ.
පැරිසියේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝ.ආනන්ද හිමි, පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පරිවේනාධිපති බලන්ගොඩ සෝභිත නාහිමි, පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහෝපාධ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, පුවක්ගහහෙනේ වජිරඥාන නාහිමි, රත්මලාන සමාධි බෞද්ධ විහාරාධිපති මාපලගම බුද්ධසිරි නාහිමි, මනම්පිට අමිත හිමි, කොළඹ සම්බුද්ධලොක විහාරස්ථානයේ විතාරන්දෙණියේ මේධානන්ද හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමි ඇතුළු මාහ සංඝරත්නය මුළු දවස පුරාවටම පැවති බුද්ධ පුජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ පිරිත් දේශනා ආදී සියලු වැඩකටයුතු සඳහා සහභාගී වුහ.
මේවසරේ කඨින පිංකමේ ප්‍රධාන දායකත්වය දරන ලද්දේ ලාඕස් ජාතික සැදැහැවතියක විසිනි.
විහාරස්ථ දායක කාරකාදීන් සියලුම දෙනා එදින වැඩකටයුතු සඳහා උපරිම ශ්‍රම දායකත්වය සැපයු බව චන්දරතන හිමියෝ පැවසුහ.
කඨින චිවරය සකස්කිරීමේ සහ පුජාකිරීමේ අවස්ථාවට ශ්‍රී ලාංකික, තායිලන්ත, වියට්නාම, බංග්ලාදේශ, ප්‍රංශ සහ ලාඕස් ජාතික සැදැහැවතුන් සහභාගී වුහ. පිංකම සඳහා වැඩමකළ මහා සංඝරත්නය උදෙසා දානය පිරිනැමූ අතර ගිහි පින්වත්හු සියලුම දෙනාට ආහාර පානාදියෙන් සංග්‍රහ කරනු ලැබුහ.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන හඟවත්ත මහතා සහ එම මහත්මියද පිංකම සඳහා සහභාගිවුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල මිනිස්සු නැත්තේ දැන් මෙහෙ පන්සල් එපා වෙලා හින්දා.(නදී)
අපේ මහා නායක අති පුජනිය චන්ද්‍රරතන නා හිමියන් ඇතුළු පින්කමට සහභාගී උන පුජනිය මහා සන්ඝරත්නයට පින් සිදුවේවා අපිට මේ මහා පුණ්‍යකර්මයට දායකවීමට ඉඩ සලසා දුන්නට.(නදී)
හාමුදුරුවරු දැන් බොහෝවිට පාත්‍රයේ දන් වළදන්නේ නැහැ. (නි)
පරවාහැර චන්දරතන හිමියන් ප්‍රංශයේ සිට ආගමික, සංස්කෘතික හා සමාජමය වශයෙන් ශ්‍රී ලංකාවටත් ප්‍රංශයටත් ප්‍රසංසනීය මෙහෙයක් ඉටුකරනවා. එතුමන්ටත්, එතුමන්ට සහය වන කෝ. ආනන්ද නායක හිමියන්ටත්, මුරුන්ගස්යායේ ඥානිස්සර නායක හිමියන්ටත් මේ කටයුතු සඳහා ධෛර්ය, ශක්තිය හා නිරෝගී සුව ලැබේවා.(නදී)
රන්ජන් මහතා කවමදාකවත් අපේ ගරු චන්දරතන නාහිපානන්ගේ පින් කමකට සහාබගිවී නැතිවා වගෙයි. ඒක නිසා තමයි මෙහෙම කතා කියන්නේ. අනිත් දවසේ ඇවිත් බලන්න එතකොට ඔය මෝහයෙන් අන්ද වෙච්ච ඇස්දෙක හොදට පෙනේවි.(නදී)
අපේ සංඝනායක අති පූජනීය පරවාහැර චන්දරතන හිමියන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! ආයු රක්ඛන්තු ආවඩා!! (නි)
අයියෝ සිංහල මිනිස්සු කවුරුත් ගිහින් නැහැ වගේ. මොකක්ද මේකට හේතුව ? (නි)
සාදු,සාදු,සාදු, පින දැක සතුටු වීම මිස එය කුමන ආකාරයකින්වත් විවේචනය කිරීම අප ශ්‍රද්දාව නැති කරගැනීමත් සසර ගමන අතරමන් වීමටත් මාර්ගයන් වේ. බුදුන් වදාලේ ,මෙම වාසය කරන මුළු ලෝක වාසින්ගෙන් සතර අපායට නොවැටී නැවත මිනිස් ලොවට එන්න නියපොත්ත අගට ගත් පස් ස්වල්පයක් තරම් ඊට සුළු පිරිසක් වන බවත් ,සෙසු පිරිස සතර අපා ආදියටත් බ්‍රහ්ම/ දියලෝක වලට ඉතාමත්ම සුළු පිරිසක් යන බවත්ය.තෙරුවන් සරණයි.(නදී)
මහේෂ් මහතාත් සිවුරක් දාගත්ත නම් මරු.උන්වහන්සේටත් ආයු රක්ඛන්තු ආවඩා ! එතකොට පැරිසියේ කටින සැණකෙළි තරඟයෙන් ජය කාටද ? (ස)
කටින සැණකෙළිය හරිම අපුරුයි. (නදී)
ආහාර වේල නොමිළයේද? (නි)
රන්ජන්,ගොඩක් සිංහලයෝ කළගුණ දන්නේ නැහැ. ඒකයි හේතුව. (නි)
හොද වැඩක් (දී)
රන්ජන්, හේතුවද දැනගන්න ඕනෑද? 'පින්මඳ වීම'. චන්දරතන හාමුදුරුවෝ ලංකාවේ දුප්පත් ළමුන් රාශියකගේ දෑස් පෑදු මුනිවරයෙක්.උන්වහන්සේට නීරෝගී සුව සහ දීර්ගායුෂ ලැබේවා! (නි)
ඔබ පැළඳ සිටින උපැස් යුවල ගලවා හොඳින් බලන්න.මෝහය දුරලා අඳුරින් ආලෝකයට එන්න.(නදී)
පන්සල් වලින් බෞද්ධ හිමියන්ගෙන් විය යුත්තේ මේ වාගේ දේවල්. පරවාහැර චන්ද්‍රරතන වාගේම, තමා කෝ. ආනන්ද නායක හිමියන් සහ මුරුන්ගස්යායේ ඥානිස්සර නායක හිමියන් කරනා සේවාවන් අපට මෙහි ලියා විස්තර කිරීමට ඉඩ මදිය . තිදෙනාටම චිරන් ජයතු පතමි. (ස)