IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැරිස් ලාංකිකයෝ ටෙනිස් ශුරයෝ තනි නොකරති

රටවල් 124 ක් සහභාගි වන 56 වෙනි ටෙබල් ටෙනිස් ලෝක ශුරතාවය පැරීසියේ අන්තර් ජාතික බර්සි ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ දී මැයි 13 වැනිදා සිට 20 දක්වා පැවැත්වේ.

එයට සහභාගි වීමට ශ්‍රී ලාංකික කණ්ඩායමක් පැරීසියට පැමිණියහ. ශ්‍රී ලංකාවේ ජාතික පුහුණුකරු ජගත් රාජපක්ෂ, පරිවාරි නිලධාරිනී ලෙස ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සම්මේලනයේ උප සභාපති තමරා හේවගේ මහත්ම මහත්මීහුද, ක‍්‍රීඩකයෝ 9 දෙනෙක්ද කණ්ඩායමට ඇතුලත් වුහ.

ගුවන් හමුදාවේ ගුවන් භට නායක රොහාන් සිරිසේන යුද හමුදාවේ දෙවන ලූතිනන් සුජිත් කාවින්ද, නිර්මල ජයසිංහ, මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදාර රණසිංහ ,යුද හමුදාවේ ගුවන් භට නායිකා ඉෂාරා මධුරංගි, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නුවනි විතානගේ, මහනුවර මහමායා විදුහලේ රිද්මි කරඳනආරච්චි, කුරුණෑගල මලියදේව විදුහලේ පවනි සිරිසේන, මහනුවර උසස් බාලිකාවේ ප‍්‍රවීනා සිල්වා  ඔවුහුය.

ඔවුන් ඉන්දියාවේ දිල්ලියේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල තරග වලට සහභාගිවී ප‍්‍රංශයට පැමිනෙන අතර වාරයේ ගුවන් ගමනාන්තයේ ඇතිවූ ප‍්‍රමාදයක් නිසා පසුගිය සෙනසුරාදා රාත‍්‍රියේ පැරීසියට ගොඩ බැස්සේය. එනමුදු ඔවුන් 11 දෙනාට නවාතැන් පහසුකම් නොමැත. ඒ සදහා නවාතැන් ලැබෙන පසුදින උදේ වරුව දක්වා බලා සිටිය යුතුය. එම රාත‍්‍රිය ගත කිරීමට හෝටල් වලට ගෙවීමට ඔවුන් ලඟ යුරෝ නැත .

ටෙනිස් කණ්ඩායම එම රාත‍්‍රියේ ගුවන් තොටුපොලේ මුල්ලක නිදා ගැනීමට තීරණය කළේය.සිද්ධිය ආරංචි වු පැරිසියේ සිටින මොහාන් පෙරේරා ටෙනිස්  කණ්ඩායම පැරීසියට රැගෙන ආවේය. කෑම, බීම, ඉදුම් හිටුම් සැපයීය.

ප‍්‍රංශ ලංකා සුභ සාධක සංවිධානයේ සභාපති සනත් මුතුනමගෝන්නගේ , එම සංවිධානයේ රංජිත් අහංගමගේ, ප‍්‍රසංග සිල්වා  හා රන්ජන් ප‍්‍රනාන්දු ඔහුට සහය වුහ.



අදහස් (0)

පැරිස් ලාංකිකයෝ ටෙනිස් ශුරයෝ තනි නොකරති

පිටිගල මිලානෝ Friday, 17 May 2013 07:50 PM

කැපී පෙනෙන්න නෙමෙයි, පුරුද්දක් හැටියට උදව් කරන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

ගාමිණී Friday, 17 May 2013 08:05 PM

ඔබ කළ සේවයට තුති! (නි)

:       0       0

පද්මිණි Saturday, 18 May 2013 10:46 AM

කවදාවත් අපේ සිංහල,හෝ දෙමල සහෝදරයෙක් මෙහාට එන අයව නොදැක්ක වගේ යන්නේ නැහැ. අපිට ආපු ගමන් මුදල් වලින් උදව් කලේ මෙහෙ ඉන්න දෙමල සහෝදරයෙක්. එය අපිව දැකලවත් තිබුනේ නැහැ ලංකාවේදී. ඒ මුදල් ආපහු ගත්තේත් නැහැ. (නි)

:       0       0

ඇන්ටන් Friday, 17 May 2013 09:44 PM

ප්‍රංශයේ ඉන්නේ ඉතාමත් අගනා කොල්ලෝ කෙල්ලෝ (නි)

:       0       0

සේරම් පැරිස් Friday, 17 May 2013 10:05 PM

පැරිස් ලාංකිකයෝ ගාව අර සිංහලයන්ගේ සිංහල ගති ගුණ තියෙනවා. ඔවුන් ආගන්තුක සත්කාර වලට බොහොම කැමති කොටසක්. මම එය පිළිගනිමි. හොඳට කාලා බීලා සන්තෝසෙන් ඉන්න කොටසක් ෆ්‍රාන්ස් වල සිංහලයෝ (නි)

:       0       0

මෝරපිටිය Wednesday, 22 May 2013 05:28 PM

ඉතා අනර්ඝයි මොහාන් පෙරේරා හද පතුලේ එම ක්‍රියා දාමය අගය කරමි. මෙම කටයුත්තට සහය දුන් හැමටම සුබ අනාගතයක්.(නදී)

:       0       0

අරවින්ද Saturday, 18 May 2013 03:11 AM

සුභපතනවා මම

:       0       0

ආනන්ද Saturday, 18 May 2013 03:12 AM

අයියෝ සල්ලි

:       0       0

අනුර Friday, 17 May 2013 05:47 PM

අන්න නියම සිංහලයෝ. හරිම සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site