බටහිර රවටල් කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන බව පවසන යෝජනාවලට විරෝධය දක්වමින් යුරෝපයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. ඒ සදහා පැරීසියේ පදිංචි ලාංකිකයෝ විශාල පිරිසක් ද සහභාගී වි සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට සම්බාධක වැටේවි. හැබැයි ඒක බලපාන්නේ සිංහලයට විතරයි. (ස)
රටට වින කරනා උන්ට වස් කවියක් වේවා.............???? දෙවියො... කෝප වි තොපේ බෙලි මිරිකේවා......./// (ස)
ජාතිය, ආගම ආරක්ෂා කරගන්න සාධාරණත්වය වෙනුවෙන් නැගී සිටින මිනිසුනි..., ජාතියේ ගරුත්වය ඔබට හිමිවේවා..! (ස)
මිලානෝ වලින් ගිය ටික දෙනා නම් හතර ගාතෙන් ආපහු ආවේ. (දී)
රටට ආදරය කරනවා කියන්නේ නීතියේ ගරුත්වය ආරක්ෂා කිරීම. (දිල්)
ශ්රී ලංකාවට ජය වේවා! ලෝකයේ කොහේ හිටියත් අපි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියට එමු. (නි)
හැම ජාතියකම මිනිස්සු තමන්ගේ රටට ජාතියට ආදරෙයි. සමහරු ඒ හැගීම නැතිවත් වැඩ කරනවා .ඒවා නවත්තන්න ඕනේ දැන්වත්. එකමුතු වුනොත් අපි රැකෙනවා. (දිල්)
රටක් මවුබිමක් දේශයක් කියන්නේ වැලි, බොරළු, කළු ගල්, ගස් වැල්,දියඇලි, ගංගා නොව, එහි ජිවත් වන ජනතාවයි. මිලියන 21කට වැඩියෙන් ශ්‍රී ලාංකීය ජනතාවට නිදහස දෙන්න නම් 18වෙනි සංශෝදනය ඉවත්කොට 17 වන සංශෝදනය බලාත්මක කිරීමයි. එවිට, එල්.එල්.ආර්.සි රට තුල ක්‍රියාත්මක වනු ඇත. එවිට විදේශ බලවේග වලට නවනීදම් පිල්ලේ මැතිනියට, කැමරොන් අගමැතිතුමාට විතරක් නොව යම රජුට උවත් අප රටට බලපෑම් කල නොහැක. (දී)
ජයවේවා! (දී)
ඔව් ඔව් අබේ, ඒ ගොල්ලන්ට ජය වේවි. එක නම් ෂුවර්. අපටයි වරදින්නේ . ඒ බව තේරුම් ගන්න බැහැ වගෙයි නේද? (අ)
17 වන සංශෝධනය කියන්නේ මොකක්ද?දන්නේ නැති නිසා අහන්නේ.(දී)
මම නම් කියන්නේ ලංකාවට සම්බාධක වැටෙන එක හොඳයි කියලයි. එවිට සිංහල මිනිස්සු හැදේවි. ලොකු තාන්න මාන්න අරගෙන ඉන්න අය පවා එවිට පාරට වැටේවි. රටත් හැදේවි. (නි)
එන්සිනා, 17 කියන්නේ පොලිස්, මැතිවරණ, අධිකරණ හා රාජ්‍ය සේවා යන කොමිෂන් සභා පිහිටුවා පුර්ණ බලතල එයට පැවරීම සහ ඒ තුළින් දේශපාලනය ඇඟිලි ගැසීම් බල රහිත වී, ඒ තුළින් සමස්ත ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීමයි. (නි)
ඉසුරි, ඔබට ඒ පැහැදිලි කිරීම ගැන ස්තුති කරමි. (නි)
ඉසුරි පැරිස් ඉන්න අන්තවාදීන්ට ඔය සංසෝදන ටික ගැන කොහොම හරි කියලදෙන්න එතකොටවත් මෙයාලගේ ඔලුගෙඩිටික හොද වේයිද බලන්න.(නදී)