ප්‍රංශයේ පැරිස් නුවරට අද එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් අඩු ගණනේ 150 ක් මියගොස් ඇතැයි ප්‍රංශ පොලිසිය කියයි.
පැරිස් පොලිස් වාර්තා වලට අනුව පැරිසියේ නෘත්‍ය ශාලාවක්,කැම්බෝඩියානු ආහාර සපයන ආපනශාලාවක්,ප‍්‍රංශ හා ජර්මන් පාපන්දු කණ්ඩායම් සුහද පාපන්දු තරගයක නිරත වෙමින් සිටි කී‍්‍රඩාංගනයක් සහ කලාගාරයක් යන ස්ථානයන් ත‍්‍රස්ත ප‍්‍රහාර වල ඉලක්කයන් වී ඇත.
මුල්ම ප‍්‍රහාරය එල්ලවී තිබෙන්නේ ප‍්‍රංශ හා ජර්මන් පාපන්දු කණ්ඩායම් තරගයක නියැළී සිටි ස්ටේඞ් ඩෙ ෆ්රාන්ස් කී‍්‍රඩාංගනයටය.මෙම තරගය නැරඹිීමට ප‍්‍රංශ ජනපති ෆ‍්‍රැන්කොයිස් හොලන්ඬේද පැමිණ සිට ඇත.
කී‍්‍රඩාංගනය පිටත සිටි මරාගෙන මැරෙන බොම්බකරුවන් දෙදෙනෙක් බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
නරඹන්නන්ගේ ජයගෝෂා හඩ පරයා බෝම්බ පිපිරීම් හඬ ඇසී තිබෙන බව සඳහන්ය.
පිපිරීම් හඩ ඇසුණු වහා කී‍්‍රඩකයින් තරගය නවත්වා තිබෙන අතර පේ‍්‍රක්ෂකයින්ද වහ වහා පේ‍්‍රක්ෂකාගාරයෙන් ඉවත්වන කී‍්‍රඩාංගනයට එක්රැුස්වී තිබේ.ප‍්‍රංශ ජනපතිවරයා ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක නිලධරයින් කටයුතු කර ඇත.
දෙවැනි ප‍්‍රහාරය එල්ලවී තිබෙන්නේ පෙටිට් කැම්බොජේ නම් කැම්බෝඩියානු ආහාර සපයන අවන්හලකටය.
සිද්දිය ඇසින් දුටුවන් පවසන අන්දමට මෝටර් රථ වලින් පැමිණි පිරිසක් අවන්හලේ රැුදී සිටි පිරිස ඉලක්ක කර වෙඩි වරුසාවක් එල්ල කර තිබේ.
පොලිසිය පැමිණෙන විට 15 දෙනෙක් පමණ වෙඩි වැදී මියගොස් සිටියහ.
අවන්හලට අත්බෝම්බ ප‍්‍රහාර කිහිපයක්ද එල්ලවී ඇතැයි පැවසේ.
නෘත්‍ය ශාලාවට ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි සංගීත ප‍්‍රසංගයක් පැවැත්වෙමින් තිබී ඇති අතර දිවි ගලවාගත්තවුන් පවසන්නේ අවි අතින් ගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් එක්වනම ශාලාව මැදින් මතුවී හතර අතට වෙඩි තැබීමට පටන්ගත් බවයි.
විනාඩි 15 ක් පමණ ඔවුන් මෙසේ වෙඩි තබමින් සිට ඇත.
වෙඩි වැදී සිරුරු එකපිට එක වැටෙද්දී තමන් මෙසේ කරනුයේ සිරියාව වෙනුවෙන් බව ඔවුන් හඬගා කීවේයැයිද දිවිගලවාගත්තවුන් කියයි.
වෙඩි තැබීමෙන් අනතුරුව තුවක්කුකරුවන් නෘත්‍ය ශාලාවේ ඉතිරිව සිටියවුන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටියදී එතැන වටළා ඇති පොලිසිය වෙඩි හුවමාරුවකින් පසු ඔවුන් තිදෙන මරා දමා ශාලාවේ සිරව සිටි සාමාන්‍ය වැසියන් බේරාගෙන තිබේ.වෙඩි හුවමාරුවට මැදිව පොලිස් නිලධරයින් තිදෙනෙක්ද මියගොස් ඇතැයි වාර්තා වේ.
ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති නමුත් මේ පසුපස සිටින්නේ අයිඑස් සංවිධානය බවට ප‍්‍රංශ බලධරයින් සැකකරයි.
මේ දක්වා දියත් කර තිබෙන සෝදිසි මෙහෙයුම් වලින් අයිඑස් සංවිධානය හා සබඳතා පවත්වා ඇති බවට අනාවරණයව තිබෙන පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත්ව ඇත.
වෙඩි තැබීම සිදුවුනු කැම්බෝඩියා අවන්හල පිහිටා තිබෙන්නේ චාලි හෙබ්ඩෝ නම් ප‍්‍රහසන කාටූන සගරාවේ ප‍්‍රධාන කාර්යාලය ආසන්නයේම බව සදහන්ය.
අපහාසාත්මක කාටූන පළකරන්නේයැයි අන්තවාදීන් තිදෙනෙක් පෙර අවස්ථාවකදී මෙම කාර්යාලයට ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළ අතර එහිදී චාලි හෙබ්ඩෝ කාර්යමණ්ඩලයේ 13 දෙනෙක් මියගියහ.
ප‍්‍රහාරත් සමග ප‍්‍රංශයේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කිරීමට ජනපති හොලන්ඬේ පියවර ගෙන තිබෙන අතර දේශසීමාද තාවකාලිකව වසා දැමිීමට ඔහු නියෝග කර තිබේ.
ප‍්‍රංශ ජනතාව මේ අවස්ථාවේදී ශක්තිමත්ව හා ඉවසිල්ලෙන් කි‍්‍රයා කළ යුතු බව ඔහු ජාතිය අමතමින් කළ ප‍්‍රකාශයේ දැක්වේ.
ඇමරිකාව හා බි‍්‍රතාන්‍යයද ප‍්‍රහාරය හෙළා දකිමින් ප‍්‍රකාශ නිකුත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්
කිරන් Saturday, 14 November 2015 02:54 AM
අනේ පවු අහිංසක මිනිස්සු! (නි)