IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පැරිස් නත්තල් කැරොල් ගී හෙට

ප‍්‍රංශයේ ප‍්‍රංශ - ලංකා සුභ සාධන සංගමය වසරක් පාසා පවත්වන නත්තල් ප‍්‍රසංගය මෙවරත් දෙසැම්බර් මස 15 වෙනි ඉරුදින සවස 02.30ට පැරීසියේ කළාප අංක 20 හී රූ ඩෙ බැනියොලේ අංක 124 ශාලාවේදි පැවැත්වේ.  කැරොල් ගීතිකා, දරුවන්ට නත්තල් තෑගි බෙදා දීමෙන් පසු ඇරඹෙන මෙම නත්තල් සැදැවට ශ්‍රී ලංකාවේ ජනප‍්‍රියම ගායක කන්ඩායම වන සෙන්ටිගේ‍්‍රඞ් ගායකයෝ හා පැරීසියේ චමින්ද ලිවේරා ප‍්‍රමුඛ චායා වෛයිබ්‍රේෂන් සංගීත කන්ඩායමද එදින සැදැව වර්ණවත් කරනු ඇත්තේය. ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණරත්න හඟවත්ත මහතා, එම මැතිණිය ,විවිධ ආගමික නායක පූජකවරු ද ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අන්තර් සංස්කෘතික කටයුතු පිලිබඳ ප‍්‍රථම ලේකම් කිසාගෝතමි සරච්චන්ද්‍ර මහත්මිය ඇතුලූ විශාල පිරිසක් මෙම අවස්ථා සහභාගී වෙති. මෙම ප‍්‍රසංගයේ ප‍්‍රතිලාභයන් ප‍්‍රංශ ලංකා සුභ සාධන සංවිධානය විසින් සිදුකරන ශ්‍රී ලංකාවේ අසරණ වකුගඩු රෝගීන්ගේ හා අසරණ පිලිකා රෝගීන්ගේ සුභ සාධන ව්‍යාපෘතිය සදහා යෙදෙවන බව එහි ගරු සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා එසැනට පැවසීය.



අදහස් (0)

පැරිස් නත්තල් කැරොල් ගී හෙට

ධම්ම Sunday, 15 December 2013 10:20 AM

නත්තල් කැරොල් ගී ගයනාව වෙනත් රටවල අයත් කරනවාද? නැත්නම් ශ්‍රී ලාංකිකයින් හඳුන්වා දුන් අංගයක්ද? (දිල්)

:       0       0

ගංගා කුමාරි පැරිසිය Saturday, 14 December 2013 06:30 PM

ප්‍රංශයේ ශ්‍රී ලංකා සුභ සාදන සංවිදානයේ ජාතික මෙහෙවර අපි අගය කරන අතර එයට අපි සුභ පතන්නෙමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 669 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site