ප‍්‍රංශයේ ප‍්‍රංශ - ලංකා සුභ සාධන සංගමය වසරක් පාසා පවත්වන නත්තල් ප‍්‍රසංගය මෙවරත් දෙසැම්බර් මස 15 වෙනි ඉරුදින සවස 02.30ට පැරීසියේ කළාප අංක 20 හී රූ ඩෙ බැනියොලේ අංක 124 ශාලාවේදි පැවැත්වේ. කැරොල් ගීතිකා, දරුවන්ට නත්තල් තෑගි බෙදා දීමෙන් පසු ඇරඹෙන මෙම නත්තල් සැදැවට ශ්‍රී ලංකාවේ ජනප‍්‍රියම ගායක කන්ඩායම වන සෙන්ටිගේ‍්‍රඞ් ගායකයෝ හා පැරීසියේ චමින්ද ලිවේරා ප‍්‍රමුඛ චායා වෛයිබ්‍රේෂන් සංගීත කන්ඩායමද එදින සැදැව වර්ණවත් කරනු ඇත්තේය. ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණරත්න හඟවත්ත මහතා, එම මැතිණිය ,විවිධ ආගමික නායක පූජකවරු ද ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අන්තර් සංස්කෘතික කටයුතු පිලිබඳ ප‍්‍රථම ලේකම් කිසාගෝතමි සරච්චන්ද්‍ර මහත්මිය ඇතුලූ විශාල පිරිසක් මෙම අවස්ථා සහභාගී වෙති. මෙම ප‍්‍රසංගයේ ප‍්‍රතිලාභයන් ප‍්‍රංශ ලංකා සුභ සාධන සංවිධානය විසින් සිදුකරන ශ්‍රී ලංකාවේ අසරණ වකුගඩු රෝගීන්ගේ හා අසරණ පිලිකා රෝගීන්ගේ සුභ සාධන ව්‍යාපෘතිය සදහා යෙදෙවන බව එහි ගරු සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා එසැනට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නත්තල් කැරොල් ගී ගයනාව වෙනත් රටවල අයත් කරනවාද? නැත්නම් ශ්‍රී ලාංකිකයින් හඳුන්වා දුන් අංගයක්ද? (දිල්)
ප්රංශයේ ශ්‍රී ලංකා සුභ සාදන සංවිදානයේ ජාතික මෙහෙවර අපි අගය කරන අතර එයට අපි සුභ පතන්නෙමු.(නදී)