ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුනාරත්න හඟවත්ත පැරීසියේ ශ්‍රී ලාංකික සංවිධාන හා විවිධ ක‍්‍රියාධරයන් රැස්කොට රැස්වීමක් පවත්වා; තානාපති කාර්යාලය හා මහජනයා අතර සිදුවෙන දෛනික කටයුතු විධිමත් ලෙස පිළිසකර පවත්වාගෙන යෑමටපියවර ගත්තේය.
ඒ සදහා වැඩ පිළිවෙළක්ද ඔහු විසින් සභා ගත කැරිණි. කාර්යක්ෂමව වැඩ කටයුතු කිරීමට සුදුසු ඉඩ පහසුකම් ඇති නව තානාපති ගොඩනැගිල්ලක අවශ්‍යයතාවය හා ඒ සදහා සුදුසු ගොඩනැගිල්ලක ඇති වටිනාකමද එතුමා පැහැදිලි කළේය.
මේ වනතුරු එවැනි ගොඩනැගිලි වෙනසක් සිදු නොවුනද; මහජන කටයුතු ප‍්‍රමාදයක් ඇති නොවන ලෙසට සිදුකර දීමට සුදුසු කාල සටහනක් මහජන දැන ගැනීම පිණිස තානාපති කාර්යාලය විසින් පසුගියදා එළි දැක්විණි.
මහජන කටයුතු සිදුකර දෙන වේලාවන් පහත දැක්වෙන ලෙස වෙනස්වී ඇති බව ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලයයේ නව කාල සටහන පහත දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රෝමේත් මේ විදියට කාර්යක්ෂමව වැඩ කරනවානම් අපි හරි වාසනාවන්තයි නේද?(නදී)
සුනිල් මහත්තයෝ, සෞදි තානාපති කර්යාලෙට හැමදාම පත් කලේ දේසපාලන අතකොලු නේද? ඒ නිලදාරීන් හරිම අසත්පුරුෂයි. ඒකේ වෙනස ඒකයි. ඒ නිසා උත්සහ කළාට වැඩක් වෙන්නේ නැහැ.(නදී)
මහාචාර්ය කරුනාරත්න හඟවත්ත මහතා හිටපු කඩවසම් සිනමා නළුවෙකි. ආශා දෑසින්, තිලක් හා තිලකා ඔහු රගපෑ චිත්‍රපටයි. ඔහු මාළනී පොන්සේකා මන්ත්‍රී තුමියගේ නංගිගේ සැමියාය. මොන රටට වුනත් තානාපතිවරු පත්කරන්නේ දේශපාලන හිතවත් කම් මැදයි. වැදගත් වන්න් එම තනතුරේ වැඩ ඉතා හොදින් අවංකව කිරීමයි. ඉතාලියේ හිටපු හේමන්ත වර්ණකුලසූරිය මහතා හරියට වැඩ කළ බව ඉතාලියේ පදිංචිකරුවෝ කියති. හැම රටටම යැවිය යුත්තේ මෙවැනි තානාපතිවරුවය.(නදී)
පමා වී හෝ මෙවැනි වැඩපිළිවෙලක් සකස් කිරීම අගය කල යුතුයි. නමුත් වඩා වැදගත් වෙන්නේ මෙම දැන්වීමට අනුව කාර්යක්ෂමව සහ වඩාත් පහසු අන්දමට ජනතාවට සේවාවන් සැපයීමයි.(නදී)
තානාපති සේවාව ගැන අපි කතා නොකර ඉමුද (දී)
ලන්ඩනයටත් ඕනෑ මේ වගේ වුවමනාවෙන් අවංකවම වැඩ කරන්න පුළුවන් කෙනෙක්. මේ වගේ රටට ආදරේ කරන කෙනෙක් ගෙන්න ගන්න පුලුවන්ද? (නි)
වටින වැඩක්නේ මහත්තයෝ (දී)
පැරිස් කාර්යාලය ගැන නම් දන්නේ නැහැ, මේක හොද වැඩක් වාගේ පෙනෙනවා. සමහර තානාපති කාර්යාල වල නිලධාරීන් ඇවිත් ඉන්නේ වැඩ කරන්නද නැත්නම් තමන්ගේ වැඩ කරගන්නද කියලත් හිතෙනවා, මේ ගැන හොයා බලන්න කවුරුත් නැහැ නේද? දේශපාලන බලයෙන් එන අය කොහොමත් ඔහොමයි බේරගන්න අය ඉන්න නිසා බය නැහැ. නිසි විභාග වලින් සුදුසුකම් අනුව පත් කරන්නේ නම් හොදයි නේද?(නදී)
කුමාරිහාමි නංගී, තානාපතිතුමා හොඳ වෙන්න පුළුවන්. නමුත් අන්තවාදියෝ තමයි ඔය ආයතන කුණු කරන්නේ. (නි)
සෞදියේ තානාපති කාර්යාලයෙන් සංගම් තහනම් කරලා නැහැ. සෞදි රජයෙන් තමයි සියළුම සංගම් තහනම් කරලා තියෙන්නේ.අපේ තානාපති කාර්යාල අදාල රටේ නීතියට ගරු කරන්න වෙනවා (නි)
මෙතුමාට එඩිතරව යහපත් සේවයක් කරන්න ,කාර්‍යාල සේවයේ නියුතු සැමගේ සහයෝගය දියයුතුය. (නි)
මේවා අනිවාර්ය සේවයන් තානාපති කාර්යාලවලින් සිදුවන. තානාපති කාර්යාලයක් පවත්වන්නේ එයටය. නමුත් සමහර තානාපති වරුන් දේශපාලන මිතුරු කම හෝ පවුල් සම්බන්ද කමට පැමිණ මහජන මුදලින් යෙපෙමින්. මහජන මුදල් කාබාසිනියා කරති. පැමිණ දිනයේ සිට වෛද්‍ය වරුන් සොයා යමින් .දු පුතුන් රජයේ මුදලින් තිබෙන ඉහලම මුදල් ගෙවන පුද්ගලික පාසල් වලට යවති. කෙසේ හෝ අපට මෙම තානාපති තුමා අපට සේවයක් කරනා බව වැටහේ. ඔබට ඔබගේ සේවය කරගෙන යාමට ත්‍රිවිධ රත්නයේ පිහිට සහ අපගේ නොමසුරු ආදාරය ලැබෙනවා.(නදී)
අනේ ලන්ඩනයත් තානාපති කාර්යාලයත් මේ වගේ වැඩ කරනවා නම් අපිත් වාසනාවන්තයි නේද?(නදී)
සුභ අනාගතයක්! (නි)
අපේ තානාපති සේවයට දෙයියන්ගේම පිහිටයි (නි)
රෝමෙටත් බොහොම උගත් හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් තානාපති කෙනෙක් එවල ඉන්නවා.(නදී)
උදේ නවයට බාර දුන් ඉල්ලුම් පත්‍රයට එදාම හවස තුනට පිළිතුරු ලැබෙනවාද? නැත්නම් ලංකාවේ ආණ්ඩුවේ කන්තෝරුවල වගේ හෙට හවස එන්න කියනවාද?(නදී)
ප්‍රංසයේ ශ්‍රී ලාංකික සංවිදාන සමග තානාපති සේවය එකමුතුව කටයුතු කිරීම පැසසිය යුතුයි. නමුත් සෞදි අරාබියේ තියෙන එකම සංවිදානය වන ශ්‍රී ලංකා විදේශ ගත වූවන්ගේ සංගමයට අපේ තානාපති කාර්යාලයෙන් එය පවත්වාගෙන යන්න අවශ්‍ය පහසුකම් (නීතිමය) ලබාදෙන්නේ නැහැ .අපි තවමත් උත්සහ කරනවා. එක එක නිලදාරින් පිල් වලට අදිනවා.(නදී)
හොඳ පියවරක්. අගයකරනවා. තානාපතිවරු ඒ රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෝ එක්ක සමගියෙන් සහයෝගයෙන් සේවය කරනවා දැකීමත් සතුටක්. ඒත් අවාසනාවකට ලන්ඩනයේ නම් එහෙම නැහැ කියලයි ආරංචි. තානාපති එයාගේ හොර, බොරු අහුවෙන නිසා කාටවත් එන්නවත් දෙන්නේ නැහැලු. ඔත්තුකාරයොත් ඉන්නවලු එන යන අය බලන්න. අන්දයෝ මෝඩයෝ වගේ කඩේ යන යට විතරලු එන්න දෙන්නේ. (නදී)
සේරම් පැරිස් තානාපතිවරු ගැන පමණක්ම කථා කරන්න එපා, ඇයි දේශපාලන බලයෙන් පැමිණි තානාපති කාර්යාලයේ සේවකයින් කරන දේවල් කැතයි නේද? කිසිම හැගීමක් රට ගැන නැහැ නේද එහෙම අයට, ඇවිත් කරන්නෙත් මොනවාද කියලා හෙව්වොත් සුදුසුකමින් ආව නිලධාරීන්ට වෙච්ච දේවල් හොයන්නවත් බැහැ නේද? (දී)
ලෝකයේ දියුනුරටවල තානාපති වරුන් වශයෙන් පත්කර යවන්නේ , අඩුම තරමේ අවරුදු 10-15 විදේශ තානාපති සේවයේ පළපුරුදු දක්ෂ නිලධාරීන් , අපේ රටේ යවන්නේ දෙසපලකයන්ගේ හිතවතුන් , ඔවුන්ගෙන් එවැනි පුද්ගලයන්ගෙන් හොද සේවයක් බලාපොරොතු විය නොහැක , ඔවුන් අවංකවම මහන්සිවී වැඩ කලද තානාපති නිලධාරියකු ට අවශ්‍ය පලපුරුධ ඔවුන්ට නොමැත නිසා , වඩු බාස් ගේ කාර්යය මේසන් බාස් කෙනෙකුට කල නොහැක (දී)
පැරිසියේ තානාපති කාර්යාලයේ වැඩ ගැන හෙලි කලොත් උඩ බලාගෙන කෙල ගහ ගත්තා වගේ වෙනවා .අත යට මුදල් අරගෙන සේවයෙන් අස් කරපු සමහර අය නැවත ගන්න කියලා කොළඹින් නියෝග එනවා . අවුරුදු දෙක ඉවරවෙලා ලංකාවට වාර්තා කළයුතු අය දරුවෝ මල්ලො මෙහෙ ගෙන්නා ගෙන කසාද බන්දලා මෙහේ පැලපදියම් වෙන්න කටයුතු කරනවා .තව තව කතා ඕනෑ තරම් තියෙනවා . අරුණ මල්ලී පිස්සු ඩබල් වෙනවා ඒවා ලිව්වොත් .පැරිසියේ ඉන්න අපිනේ දන්නේ ඕක ඇතුලේ මොනවද වෙන්නේ කියලා . බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා . (දී)