පැරිස් නුවර ජේතවන විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යයේ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.
මෙම පිංකම සඳහා ප්‍රංශයේ පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම වියට්නාම, කාම්බෝජ, ලාඕස්, නෙදර්ලන්ත, බුරුම, බෙල්ජියම් සහ ප්‍රංස ජාතික බෞද්ධයෝ බොහෝදෙනෙක් සහභාගී වුහ.
විද්‍යෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත බලන්ගොඩ සෝභිත නාහිමි, බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාල හිටපු කථිකාචාර්ය පුවක්ගහහේනේ වජිරඥාන හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමි, විච්ත්‍ර භාණක මාපලගම බුද්ධසිරි නාහිමි ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර පිරිවෙන් අධ්‍යක්ෂක විතාරන්දෙණියේ මේධානන්ද හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමි, මනම්පිට අමිත හිමි සමඟ වියට්නාම, බුරුම සහ කාම්බෝජ ජාතික ස්වාමින්වහන්සේලාද සහභාගිවුහ.
කඨින චිවරය සඟසතුකොට පුජාකිරිමේදී වියට්නාම, කාම්බෝජ, සිංහල සහ ප්‍රංශ භාෂාවන්ගෙන් අනිශාසනා පැවැත්වීම එදින දක්නට ලැබුන විශේෂ ලක්ෂණයක් බව විහාරාධිපති ඥානිස්සර නාහිමි පැවසිය.
බලන්ගොඩ සෝභිත හිමි සහ මුරුංගස්යයේ ඥානිස්සර නාහිමියන් කඨිනානිශංස දේශනා පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු,සාදු,සාදු.අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)
ජේතවන විහාරස්ථානයේ අධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන්ට බොහොම ස්තුතියි මේ කරනා අවංක නිහඬ සේවයට. හිමියනි, ඔබට තෙරුවන් සරණයි (නි)
බුදු සසුන බැබලේවා! (ස)