IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැරිස් ගුවන්තොටුපොළේ අතරමං වූ ජාතික මේසපන්දු කණ්ඩායමට ශී‍්‍ර ලාංකික සංවිධානයක් පිහිටට එයි

ප‍්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ලෝක මේසපන්දු ශූරතාවලියට සහභාගීවීම සඳහා ගිය ශී‍්‍ර ලංකා මේසපන්දු කණ්ඩායමට නවාතැන් සොයාගත නොහැකිවීම නිසා පැරිසියේ චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළේදී අතරමංවූ අවස්ථාවේදී ඔවුන්ට එදින රාති‍්‍රයේ පැරිස් නුවර නවාතැන් සැපයීමට ප‍්‍රංශ . ශී‍්‍ර ලංකා සුභසාධන සංගමය කටයුතු කළ බව වාර්තා වේ.

නවදිල්ලි නුවරදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරගාවලියට සහභාගි වීමෙන් පසුව පැරිස් නුවරට පැමිණි ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමට එදින රාති‍්‍රයේ ගතකිරීමට සූදානම් වූයේ ‘චාර්ල්ස් ඩි ගෝල්’ ගුවන් තොටුපොළේ බව පැරිස් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන සුනිල් ආනන්ද මහතා පවසයි.

ඊට හේතු වී ඇත්තේ ඔවුන්ට නිලවශයෙන් තරග සංවිධායකයන්ගේ නවාතැන් හිමිවන්නේ පසුදිනයේ සිට වීමය.
කෙසේ වෙතත් ගුවන්තොටුපොළ පර්යන්තයේ කොනක නිදාගැනීමට සැරසුණු බව කියන සංචාරක ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම එදින රාති‍්‍රයේම ගුවන් තොටුපොළෙන් පිටතට කැඳවාගෙන ගොස් ආගන්තුක සත්කාර සමග නවාතැන් පහසුකම් සපයා දීමට මැදිහත් වී ඇත්තේ ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික කි‍්‍රකට් කී‍්‍රඩකයකු වන මොහාන් ප‍්‍රනාන්දු, සනත් මුතුනමගොන්නගේ, රංජිත් අහංගමගේ, ප‍්‍රසංග සිල්වා සහ රංජන් ප‍්‍රනාන්දු යන ප‍්‍රංශ . ශ්‍රී ලංකා සුභසාධන සංවිධානයේ සාමාජිකයන්ගේ මූලිකත්වයෙනි.

ලෝක මේසපන්දු ශූරතාවලිය ඊයේ (20) නිමාවට පත්වීමට නියමිතව තිබුණු අතර ඊට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩකයෝ සිවු දෙනෙක්, කී‍්‍රඩිකාවෝ පස් දෙනෙක් සහ නිලධාරීහු දෙදෙනෙක්  ඇතුළත් වූහ.



අදහස් (0)

පැරිස් ගුවන්තොටුපොළේ අතරමං වූ ජාතික මේසපන්දු කණ්ඩායමට ශී‍්‍ර ලාංකික සංවිධානයක් පිහිටට එයි

රොෂාන් Wednesday, 22 May 2013 03:20 PM

අන්න නියම මිනිස්සු! (නි)

:       0       0

සදුනි Wednesday, 22 May 2013 03:23 PM

ක්‍රීඩා වලට සල්ලි ඕනෑ තරම් ලැබෙනවා කියනවා.කෝටි ගණන් වියදම් කරලා කාර් රේස් තියන රටේ මේ ළමයින්ට ගෞරවාන්විතව නවතින්න තැනක් දෙන්න බැරිද? (නි)

:       0       0

සුදත් Wednesday, 22 May 2013 11:13 AM

ලංකාව නියෝජනය කරමින් යන ගමනක් මීට වඩා සැලසුම් සහගතව කරන්න බැරිද? වැරැද්ද ක්‍රීඩකයින්ගේද? පරිපාලනයේද? සංවිධායකයින්ගේද? (නි)

:       0       0

සර්ලි Wednesday, 22 May 2013 04:22 PM

ඔය කියන සංවිධානේ ලංකාවේ කව්රු හරි මෙහෙ යන එන තැනක් නැතිව ඉන්න විට හැරිලැවත් බලන්නේ නැහැ. කව්රු හරි පිලිගත් ලොක්කෙක් ආවොත් දැන හදුනාගන්න ඕවා කරනවා.(නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 22 May 2013 11:50 AM

ඔබ කළ මෙහෙය අපි අගය කරනවා. ඒ තමයි ශ්‍රී ලාංකිකයින් තුළ පවතින ආගන්තුක සත්කාරයේ අගය.(නදී)

:       0       0

කමල් Wednesday, 22 May 2013 12:07 PM

හරිම සතුටුයි, අපේකම! තාම තියනවා එහෙනම් නේද? (නි)

:       0       0

මර්සි ලංකා Wednesday, 22 May 2013 04:59 PM

කොහොම හරි වෙලාවට මිනිස් කම දන්නා ශ්‍රී ලාංකිකයෝ ටිකක් සිටියා. මේ ආපු කට්ටිය ආපසු යාවිද ? දේශපාලන රැකවරණ පතාවිද දන්නේ නැහැ. බොහෝ විට පැරිස් ආපු ක්‍රීඩකයන්ට ඇති වන ආසාවක් ඕක.(නදී)

:       0       0

දම් Wednesday, 22 May 2013 05:15 PM

එතකොට ක්‍රීඩා ඇමති පදින බී.එම්.ඩබිලිව් වාහනය? චී ලැජ්ජයි මේවා අහනකොට.(නදී)

:       0       0

උපුල් Wednesday, 22 May 2013 01:37 PM

ලංකාවේ... අපි ලංකාවේ... (නි)

:       0       0

චතුරිකා ලියනගේ Thursday, 23 May 2013 10:48 AM

ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් පලකිරීමට නිදහසක් ඇත්තා සේම තමන්ගේ අදහසක් පලකරන ඕනෑම කෙනෙක් එහි සත්‍යතාවය දැනගෙන එම අදහස පලකරනවා නම් එය වඩා හොදය. ඔවුන් එහිදී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කළ ආගන්තුක සත්කාර සහ කළ උපකාර අමිල මෙහෙවරකි. නන්නාදුනන රටක තමන්ගේම මිනිසුන් උදවු කිරීම අගය කළ යුතුය. උදවු කළ සැමට සහ පැරිසියේ වෙසෙන සියලුම ශ්‍රි ලාංකිකයන්ට මගේ ස්තුතිය !!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site