ප‍්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ලෝක මේසපන්දු ශූරතාවලියට සහභාගීවීම සඳහා ගිය ශී‍්‍ර ලංකා මේසපන්දු කණ්ඩායමට නවාතැන් සොයාගත නොහැකිවීම නිසා පැරිසියේ චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළේදී අතරමංවූ අවස්ථාවේදී ඔවුන්ට එදින රාති‍්‍රයේ පැරිස් නුවර නවාතැන් සැපයීමට ප‍්‍රංශ . ශී‍්‍ර ලංකා සුභසාධන සංගමය කටයුතු කළ බව වාර්තා වේ.
නවදිල්ලි නුවරදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරගාවලියට සහභාගි වීමෙන් පසුව පැරිස් නුවරට පැමිණි ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමට එදින රාති‍්‍රයේ ගතකිරීමට සූදානම් වූයේ ‘චාර්ල්ස් ඩි ගෝල්’ ගුවන් තොටුපොළේ බව පැරිස් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන සුනිල් ආනන්ද මහතා පවසයි.
ඊට හේතු වී ඇත්තේ ඔවුන්ට නිලවශයෙන් තරග සංවිධායකයන්ගේ නවාතැන් හිමිවන්නේ පසුදිනයේ සිට වීමය.
කෙසේ වෙතත් ගුවන්තොටුපොළ පර්යන්තයේ කොනක නිදාගැනීමට සැරසුණු බව කියන සංචාරක ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම එදින රාති‍්‍රයේම ගුවන් තොටුපොළෙන් පිටතට කැඳවාගෙන ගොස් ආගන්තුක සත්කාර සමග නවාතැන් පහසුකම් සපයා දීමට මැදිහත් වී ඇත්තේ ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික කි‍්‍රකට් කී‍්‍රඩකයකු වන මොහාන් ප‍්‍රනාන්දු, සනත් මුතුනමගොන්නගේ, රංජිත් අහංගමගේ, ප‍්‍රසංග සිල්වා සහ රංජන් ප‍්‍රනාන්දු යන ප‍්‍රංශ . ශ්‍රී ලංකා සුභසාධන සංවිධානයේ සාමාජිකයන්ගේ මූලිකත්වයෙනි.
ලෝක මේසපන්දු ශූරතාවලිය ඊයේ (20) නිමාවට පත්වීමට නියමිතව තිබුණු අතර ඊට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩකයෝ සිවු දෙනෙක්, කී‍්‍රඩිකාවෝ පස් දෙනෙක් සහ නිලධාරීහු දෙදෙනෙක් ඇතුළත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නියම මිනිස්සු! (නි)
ක්‍රීඩා වලට සල්ලි ඕනෑ තරම් ලැබෙනවා කියනවා.කෝටි ගණන් වියදම් කරලා කාර් රේස් තියන රටේ මේ ළමයින්ට ගෞරවාන්විතව නවතින්න තැනක් දෙන්න බැරිද? (නි)
ලංකාව නියෝජනය කරමින් යන ගමනක් මීට වඩා සැලසුම් සහගතව කරන්න බැරිද? වැරැද්ද ක්‍රීඩකයින්ගේද? පරිපාලනයේද? සංවිධායකයින්ගේද? (නි)
ඔය කියන සංවිධානේ ලංකාවේ කව්රු හරි මෙහෙ යන එන තැනක් නැතිව ඉන්න විට හැරිලැවත් බලන්නේ නැහැ. කව්රු හරි පිලිගත් ලොක්කෙක් ආවොත් දැන හදුනාගන්න ඕවා කරනවා.(නදී)
ඔබ කළ මෙහෙය අපි අගය කරනවා. ඒ තමයි ශ්‍රී ලාංකිකයින් තුළ පවතින ආගන්තුක සත්කාරයේ අගය.(නදී)
හරිම සතුටුයි, අපේකම! තාම තියනවා එහෙනම් නේද? (නි)
කොහොම හරි වෙලාවට මිනිස් කම දන්නා ශ්‍රී ලාංකිකයෝ ටිකක් සිටියා. මේ ආපු කට්ටිය ආපසු යාවිද ? දේශපාලන රැකවරණ පතාවිද දන්නේ නැහැ. බොහෝ විට පැරිස් ආපු ක්‍රීඩකයන්ට ඇති වන ආසාවක් ඕක.(නදී)
එතකොට ක්‍රීඩා ඇමති පදින බී.එම්.ඩබිලිව් වාහනය? චී ලැජ්ජයි මේවා අහනකොට.(නදී)
ලංකාවේ... අපි ලංකාවේ... (නි)
ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් පලකිරීමට නිදහසක් ඇත්තා සේම තමන්ගේ අදහසක් පලකරන ඕනෑම කෙනෙක් එහි සත්‍යතාවය දැනගෙන එම අදහස පලකරනවා නම් එය වඩා හොදය. ඔවුන් එහිදී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කළ ආගන්තුක සත්කාර සහ කළ උපකාර අමිල මෙහෙවරකි. නන්නාදුනන රටක තමන්ගේම මිනිසුන් උදවු කිරීම අගය කළ යුතුය. උදවු කළ සැමට සහ පැරිසියේ වෙසෙන සියලුම ශ්‍රි ලාංකිකයන්ට මගේ ස්තුතිය !!! (නි)