ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නිළ වශයෙන් ආරම්භවී වසර 24ක් පිරිම නිමිතිකරගෙන පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ සෙත්පැතීමේ පිංකමක් පැවැත්විණි.
පැරිස් විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරයේදී මෙම පිංකම පැවැත්විණි
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කළ මෙම පිංකමට මාලිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙනෙහි අධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය බලන්ගොඩ සෝභිත නාහිමි, පුවක්ගහහේනේ වජිරඥාන නාහිමි,මාපලගම බුද්ධසිරි නාහිමි, ශ්‍රී ලංකා පිරිවෙන් අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත විතාරන්දෙණියේ මේධානන්ද හිමි සහ මනම්පිට අමිත හිමි සමඟ පරිස්නුවර ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති කොන්ගස්දෙනියේ ආනන්ද නාහිමි, පැරිස් ජේතවන විහාරාධිපති මුරුන්ගස්යයේ ඥානිස්සර නාහිමි පැරිසියේ ජාතන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමියෝද වැඩම කළහ.
පැරිසියේ ජාතන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකික මෙන්ම යුරෝපා සහ අනෙකුත් ජාතික බෞද්ධ සැදැහැවත්හු විශාල සංඛ්‍යාවක් මෙම පිංකමට සහභාගී වුහ.
පිංකම සඳහා ශ්‍රී ලංකාවේ සිට වැඩමකළ ස්වාමින්වහන්සේලා නොවැම්බර් 01වෙනි දින පැවැත්වෙන කඨින පිංකමටද සහභාගිවීමට නියමිතබව පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියෝ පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගලට අමු කැවිලා වාගේ . සියල්ල දත් කෙනෙක් වෙන්ට යන්නේ . පළමුව ඔබගේ මොලය පරික්ෂා කර ගන්න . කාම්බෝජ සහ තායිලන්ත බැතිමතුන්ට ඔවුන්ට විශේෂ වූ පන්සල් තිබෙනවා . නමුත් ඔවුන් සිංහල පන්සල් වල ආගමික වතාවත් වලට සහබාගි වනවා . සිංහලයන්ද ඔවුන්ගේ ආගමික උත්සව වලට සහබාගි වනවා. පන්සල් යැපෙන්නේ සිංහල බැති මතුන්ගෙනි . ඉතාලිය ප්‍රංශය මෙන් ආර්ථික අර්බුදයක් ඇති රටක් නෙවෙයි. තවමත් ඉතාලියට ආර්ථික පරිහානියෙන් ගොඩ එන්නට මුදල් වැඩියෙන් වැඩ කරන්නේ යුරෝපියන් රටවලින් ජර්මනිය සහ ප්‍රංශය . ලැජ්ජා වන්නට එපා සත්‍ය පිලි ගැනිමට පිටිගල මිලානෝ . ඔබගේ මොලය පිහිටා තිබෙන්නේ කොහෙද කියා මම දනිමි (ස)
සිංහල අය ඡායාරූප වලට පෙනී හිටින්න උත්සාහ කලාට මෙම පන්සලට මුල්‍යාධාර ගොඩක් සපයන්නේ නිහඬ කාම්බෝජ සහ තායි බෞද්ධ බැතිමත්තු. (ස)