කොළඹ සහ ඊට යාබද තදාසන්න ප්‍රදේශ එක් කරමින් කාර්යක්ෂම නව දුම්රිය සේවයක් ආරම්භ කිරීමේ හැකියාව සොයාබැලීමට ප්‍රංශයේ ප්‍රධාන පෙළේ දුම්රිය සමාගමක් වන ආර්ඒටීපි දුම්රිය සේවයේ සභාපති ඇතුළු පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවේ බලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
පැරීසියේ උමං දුම්රිය සේවය යුරෝපයේ දෙවැනි හොඳම දුම්රිය සේවාව ලෙස සැළකේ. පැරිස් නගරය කේන්ද්‍ර කොට ලක්ෂ 40ක් පමණ ජනතාව දිනකට පොළොව යටින් ගමන් කරති. ඒ සඳහා සැකසු පැරීස් උමං දුම්රිය පද්ධතිය හා ඉන් පිටත කිලෝමීටර් 245ක වපසරියකට අයත්වේ.
ගමනාන්ත දෙකක් අතර ධාවනය වන එකිනෙකට වෙනස් දුම්රිය සේවා 16ක් පැරිසියේ ඇත්තේය. උමං දුම්රිය ස්ථාන 300කි. දුම්රිය මංසන්ධි 62කි. උදේ හා සවස විනාඩි දෙකකට වරක් දුම්රියක් ධාවනය වෙයි. අලුයම පහට ඇරඹෙන සේවාව පසුදා අලුයම දෙකට අවසන්වේ. පැරීසියේ උමං දුම්රිය සේවාව ආර්ඒටිපී යන නමින් හඳුන්වන ප්‍රංශ රාජ්‍ය ආයතනයෙන් පාලනය වේ. උමං දුම්රිය, ට්රෑම් සේවාව හා මහජන බස් සේවා ආදි එම ආයතනයෙන් පාලනය වේ.
නවීන තාක්ෂණය, ආරක්ෂාව,වේගය, සැප පහසුව, කාලය ආදී කරුණු වලින් එම ආයතනය ලෝක ගමනා ගමනයේ නමක් දිනා සිටියි. එංගලන්තය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ඩුබායි, ඉන්දියාව, චීනය, දකුණු කොරියාව, හොංකොං, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, ඇමෙරිකාව, ඇල්ජීරියාව, මොරොක්කෝව ආදි රටවල දුම්රිය සේවා ආර්ඒටීපි ආයතනය විසින් ස්ථාපිත කොට ඇත්තේය.
මාස කිහිපයකට පෙර විදේශ ඇමති මංගල සමරවීර, නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා ප්‍රංශ තානාපති තිලක් රණවිරාජා යන මහත්වරුන් හා එම සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් පැවැත්විණී.ශ්‍රී ලංකාවේ දුම්රිය සාමාන්‍යධිකාරි, බස්නාහිර පළාත් මෙගා පොලිස් සැලසුම් ආයතනයේ සභාපති අජිත් ද කොස්තා හා වෙනත් උසස් නිලධාරීන් හමුවීමට නියමිතය.
මෙහි සියලූ කටයුතු මෙගා පොලිස් සැලසුම් ආයතනය විසින් සම්බන්ධීකරණය කරන අතර ඔවුන් හඳුන්වා දීමට පැරීසියේ පදිංචි දමිත් ද සිල්වා හා පීටර් සෙනෙවිරත්න යන මහත්වරු පෙරමුණ ගෙන ක්‍රියා කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය ඔය කොචියත් මාසයක් යන්ද කලින් කඩනවා. කැමරා සවි කරන්න. (ර)
ඉතාමත් උසස් අදහසක්. තාක්ෂණයෙන් උසස් තත්වයක පවතින ආර්.ඒ.ටී.පී. ගමන් සේවය, පැරිස් අගනගරය හා තදාසන්න නගරවල ජනතාවට අති විශාල සේවයක් කරයි.උමං මෙන්ම, පොළොව මත දිවෙන මෙම දුම්රිය සැමවිටම මගීන්ගෙන් පිරී තිබේ.තාක්ෂණික අතින් දුර්වල, කලාපයේ සමහර රටවලින් දෙන "තෑගි" ක්රමයන්ට වඩා, ප්‍රංශය සමග ශ්‍රී ලංකාව මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වුනොත් එය අපේ රටට වාසිදායක දෙයක් වෙනවා නොඅනුමානයි !!! (හේ)
කට්ටියට සතුටුයිද දැන්? (නි)
එක දෙයක් දන්නවා. එයාලට දුන්නොත් වැඩේ හරියට කරයි. (නි)
ඔන්න කරනවා නම් වැඩ. බොරුවට අපිට මේවා පෙන්නලා සියලු වැඩ කොටස ඉන්දියාවට බාරනොදී මේ වගේ දියුණු රටක් සමඟ අඩිතාලමක් දැම්මොත් නම් අපිටත් ඒ ගැන විශ්වාසයි (නි)
මෙවැනි කොම්පැනියක් ලංකා රජයට හදුන්වල දෙන්නේ ප්‍රංසයේ පදිංචි දමිත් දී සිල්වා සහ පීටර් සෙනවිරත්න නමැති පුද්ගලයන් දෙදෙනා, මේ කොම්පැනිය හොඳ දක්ෂ ලෝක ප්‍රසිද්ද කොම්පැනියක් මෙවැනි දේවල් තැනීමට. මෙයට සම්බන්ද මිනිස්සු කීප වතාවක් මීට පෙර මෙහි සඳහන් පුද්ගලයන් දෙදෙනා රැගෙන ඇවිත් තියනවා. අපේ ආණ්ඩුවට \"පාන්ඩුව\". මේ වැඩේට බැහැල තියෙන්නේ මෙම පුද්ගලයන් දෙදෙනාගේ ඕනේ කමට. ලංකාවට තිබෙන ලදී කමට. අපේ ආණ්ඩුවේ අය බුධි. (අ)
මේවා සිහින වලට සීමානොවේවා! (නි)
අනේ මෙහෙම දේවල් කරනවා නම් කොතරම් හොඳයිද? කොතරම් පහසුද? (නි)
එංගලන්තේ දේශපාලකයෝ ඒ රටේ උමං දුම්රිය හැදුවේ 1800 අන්තිම බාගයේ. ඒ ඔවුන් අනාගතය දුටු නිසා. අදටත් මිලියන ගණනක් දවසකට ඒ දුම්රියන් භාවිතා කරනවා. නිදහස ලැබිලා අවුරුදු 60ක් ගිහිල්ලත් අපිට බැරිවුණා තමන්ගේ ප්‍රධාන නගරය වුණ කොළඹ යා කරන දුම්රිය පද්ධතියක් හදන්න, තදාසන්න පැතිවල ඉඳලා. මේ තිබෙන වාහන තදබදයට එකම විසඳුම එ්කයි (නි)
මේවා තමයි කළයුතු වැඩ (නි)
මෙවැනි රටවල් සමඟ තමා ගනුදෙනු කළයුත්තේ. ඉන්දියාව වගේ වැඩකට නැති රටවල් සමඟ නොවේ. ඉන්දීය ගැති අයට රිදුණා නම් සමාවෙන්න. නැත්නම් මට බැනලා අදහස් පළකරන්න. (නි)
කවුරු ඇවිත් මොනවා දුන්නත් අපි එය පවත්වාගෙන යන්නේ නැහැ නොවැ. මීට දශක 3කට පෙර මිලියන 700 ක පමණ වියදමින් ප්‍රංශයෙන් කොළඹ නගර ජල පද්ධතිය කළමනාකරණයට දුන් පරිගණක පද්ධතිය නවීකරණය නොකර ටික කලකදී ඉවත් කළා. (මෙම පද්ධතිය මඟින් කරන ක්‍රියාවන් පරිගණකගත වීම සමහර සේවකයන්ගේ වැඩවලට බාධාවක් වීම නිසා ) (නි)
ලංකාවට, ලංකාවේ පරිසරයට, ජනතාවට, හරියන ක්‍රමයකට දුම්රිය සේවය හදාගන්න අපි දැනගන්න ඕනෑ. ලංකාව දුපතක්. දැනුම බෙදා හදාගෙන ඉස්සරහට ගියොත් හොඳයි වගේ. මේ පින්තූර වල රේල් පීලි අස්සේ අපද්‍රව්‍ය තියෙනවා. ඒවගේ මනසක් අපිට එපා. හොඳ දේ ගනිමු අනවශ්‍ය දේ නොගනිමු. (නි)
ඔය වගේ එහාට මෙහාට සංචාර නම් ගෝනි ගානට සිද්ධ වෙනවා, නමුත් වෙන දෙයක් නම් පෙනෙන්න නැහැ (නි)
රාධා එක්ක එකඟයි. ලංකාවේ පවත්වාගැනීමේ ගැටළු තියනවා. පේනවනේ කෝටි ගානක් වටිනා එන්ජින් මරදානේ ගාල්කරලා තියන හැටි
ඉන්දියාවේ වාහන පදින ගමන්, ඉන්දියාවෙන් මෙරටට වැඩමවූ බුදුදහම වැළඳගත් සමහර අපේ මිනිස්සු ඉන්දියාවට අකමැතිවීමනේ පුදුමේ කියන්නේ. (නි)
ඇත්තටම හොඳ වැඩක්, අමාරුවෙන් හරි මේවගේ දෙයක් කරනවානම් හොරකම් කරන අයට ඉඩ නොදී! ජනතාවට කරන ලොකු සේවයක්. (බ)
කරනවනම් හොඳ වැඩක්. මෙහෙ මිනිස්සුන්ට වැඩියෙන් දුක් විදින්න වෙලා තියෙන්නේ වැඩ කරල නෙමෙයි වැඩට යන්න එන්න ගිහිල්ල. (බ)
මේ කියන සමාගමත් එක්ක මේ වැඩේ කෙරෙනවා නම් ඉතා හොඳයි . හැබැයි මේ පින්තුර ඇත්තටම පැරිසියේ ඒවාද කියල ප්‍රශ්නයක් තියෙනවා . හොඳට බලන්න මේ රේල්පාරේ කසල හැම තැනම විසිරිලා තියෙනවා . මම දන්නා විදියට නම් ප්‍රංශයේ මිනිස්සු පාරවල් වලට , රේල් පාරවල් වලට කසල දමන්නේ නැහැ . කසල බැහැර කරන ස්ථානවල නියමිත විදියට තියෙන කසල භාජන වලට තමයි කසල දමන්නේ .(බ)
ඔන්න හොඳ වැඩක් කරනවා නම්. (නි)
උමං දුම්රිය ලංකාවට ඕනි නෑ ලංකාව පැරිසිය තරම් ලොකුත් නෑ, දුම්රිය මාර්ග පුළුල් කළොත් මීට වැඩ හොඳයි. තව දුම්රිය ටිකක් ගෙනැවිත් කාර්යක්ෂම කරන්නේ. (බ)
ලංකාවේ මිනිසුන් වැඩිපුරම කාලය නාස්ති කරන්නේ මහපාරට. මොකද හරිහමන් ප්‍රවාහන සේවයක් නැති නිසා. ඔය කියන දුම්රිය ක්‍රමය ආවා නම් පාරේ දුවන වාහනත් අඩුවේවි. කාර්යාලවල සේවයත් ඉක්මන් වේවි. අනේ කොමිස් පස්සේ දුවන්නේ නැතුව මේ වැඩේවත් හරියට කරන්න, ලොකු දෙයක් අපට. (නි)
අපි බලමු මේකවත් හරියයිද කියලා (නි)
මේක හොඳ වැඩක්. ප්‍රංශයේ හැමතැනම පිරිසිදු නැහැ. මං එහෙ හිටියා. එදාට පැරිස් කුණු ගොඩවල් වලින් පිරිලා. උමං දුම්රිය තමයි මම හිතන්නේ කොළඹට හොඳ (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
වැඩේ හොඳයි තමයි, කට්ටිය පිල්ලි ගහන්නේ නැත්නම් (නි)
නියමයිනේ ......(බ)
අනාගතය දැකල වරාය එයාර්පෝර්ට් හැදුවම ඒකටත් බැන බැන වී ගබඩා කරන මොලේ නැති දේශපාලකයෝ මෙහෙ ඉන්නේ (බ)
ඉන්දියාවේ දේවල් අපි ගන්නේ මිල අඩු නිසා මිසක් ඉන්දියාවට ආදරේ නිසා නෙමෙයි. ඇමෙරිකාවේ දේවල් අපි ගන්නේ නොගෙන බැරි නිසා මිසක් ඇමෙරිකාවට කැමති නිසා නෙමෙයි. (බ)
හොඳ වැඩක්.(හේ)
කාලෝචිත වෑයමක්, උමං දුම් රිය ජනාකීර්ණ නගරවලට ගැලපෙනම මගීප්‍රවාහන ක්රමවේදයයි (බ)