ප්‍රංශය පුරා හදිසි නීතිය පැනවූ ප්‍රංශ ජනාධිපති ඔලන්ඩේ ප්‍රංශ යුද හමුදාවේ 1500 ක්ද සක්‍රිය සේවයට කැඳවීය.
මිය ගිය සංඛ්‍යාව 120ක් වෙතියි එක් වාර්තාවක් කියන අතර තවත් වාර්තාවක් කියනුයේ 160ක් මැරුම් කන්නට ඇති බවයි.
ත්‍රස්තවාදීන් කවුරුන්දැයි දන්නා බවත් කිසිම කරුණාවක් නොදක්වා ත්‍රස්තවාදීන්ට පිළිතුරු දෙන බවත් ජනපති කීවේය.
අලුත්ම වාර්තාවකින් කියනුයේ ත්‍රස්තවාදීන් සියලු දෙනා මරා දමා ඇති බවයි.
නාට්‍ය ශාලාවක්, ක්‍රීඩාංගණයක් හා අවන්හලක් ඇතුළු ස්ථාන 7කට ත්‍රස්ත ප්‍රහාර එල්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණින් යුධ ගිනි දැල් නිවේවා! (නි)
බස්නායක වගේ අය අඩුයි. ඔබට ජය වේවා!!! (නි)
බටහිරයන්ට දැන්වත් තේරෙනවද ත්‍රස්තවාදයේ බිහිසුණුකම? (නි)
ත්‍රස්තවාදීන් සියලු දෙනා මරා ඇත්තේ ඔවුන් සුදු කොඩි ඔසවාගෙන පැමිණෙන විට බව මා හට අයිඑස් සංවිධානයේ මගේ මිතුරෙක් පවසා ඇත. එම අපරාධය කළ කොමාන්ඩෝ භටයන්ට නිසි දඩුවම් ලබාදෙමු. (බ)
සාගරික මිනිහෙක් ගුටි කද්දී අහක බලාගන ඉන්න කෙනා කරන්නේ ගහන එකාට අනුබල දීමක්. ඉහේ ඉන්න උකුණ එහි වපසරිය දන්නේ නැහැනේ? (ම)
බස්නායක ඔබ හරි .සමහරුන්ට ඕව වැටහෙන කොට පෙරහැර ගිහිල්ල (ම)
එවැනි එඩිතර තීරණයක් ගත ප්‍රංස ජනපතිවරයාට ජය වේවා. (බ)
ඔන්න මහින්ද මහත්තය ත්‍රස්තවාදීන් මර්දනයකරපු අගය වටහාගන්න හොඳ අවස්ථාවක්! පිටරට ඉන්න ලංකාවෙ ඇතැම් මිනිස්සු මහින්ද විදුලි පුටුවෙ තියන්න කතාකරන්නෙ.දැන් බලමු ප්‍රංශ නායකයො ත්‍රස්තයන්ගෙ මානවහිමිකම් රකිනහැටි!!” කොටි ගහල මදිතොපිට”වගේ ඉස්ලාම් ත්‍රස්තයො ගහල මදිතොපිට”අකමැත්තෙන් හෝ කියන්න වෙන්නෙ.ප්‍රංශයේ බර්නාඩ්ලාට දැන් මහින්ද කියන්න ඕන ප්‍රංශයේ ත්‍රස්තමර්දන මෙහෙයුම් නතරකරන් මැදිහත්වෙන්න කියල හොලන්ඩේටත් කිව්වනම්හරි.අනේ… අනේ!! (බ)
අපි දෙදෙනාටම එක රජදහනක රජ වෙන්නට බැහැ..(බ)
තර්ස්තවාදින්ට ජාතියක්, ආගමක්,කුලයක් නැත පටු දේශපාලන අබිමතයන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා ලොව පුරා ක්‍රියා කරන මෙවැනි ම්ලේච්ච තර්ස්තවාදින්ට මරණ දඩුවම දියයුතු අතර ඔවුන්ට උඩගෙඩි දෙන උන්ට ද එසේම කළ යුතුය. (බ)
බටුගෙදර මහත්තයා. මම කතා කරන්න දන්නා දෙය තමයි. ඔබ නොදන්නා තව බොහෝ දේ තියෙනවා. ඒවා ඇහුවොත් පුදුම වෙයි ඇයි මේ වගේ දෙයක් රජයක් මගින් ඇදහීමට අනුමැත කරන්නේ කියල.(ම)
අපේ මිනිස්සු බල්ලෝ ,බළල්ලු ගානට මැරෙද්දි යුරෝපය ත්‍රස්තවාදීන්ට සුදුහුණු ගෑව. එදා යුරෝපයට නොවැටහුණ දේ අදවත් තේරුම් ගත්තොත් ලොකු දෙයක්. "බස්නායක" කිවුව වගේ දැන් මෙයාල මානව හිමිකම් රකින හැටි බලමු. (බ)
මෙම සියලු දෙනා නිදහස් විප්ලවවාදින් ත්‍රස්ත වාදීන් නොවේ (බ)
අවිශ්වාස නොකරන්නන් හට ත්‍රාසය බිය පතුරවන්න. සැඟවී සිට පහර දෙන්න. ඔවුන් ඝාතනය කරන්න. ඔබට සමාව ලැබෙනු ඇති අතර මෙසේ පහරදීමෙන් ඔබද මරණයට පත් වුවහොත් ස්වර්ගයේදී ඔබට කන්‍යාවියන් 7 දෙනෙකුගේ පහස ලැබීමට ඒ පිනම ප්‍රමාණවත් වනු ඇත. (බ)
බස්නායක, මට පෙනෙන්නේ ඔයාගේ මොලේ අමාරුව තදවෙලා.කෙනෙක් කරදරයක වැටුනාම එයාට උදවුකරන්න ඉගෙනගන්න.එයාට අවශ්‍යය දිරිය දෙන්න.නැතිව පරණ කතා ඇදගෙන ගම කන්න හදන්න එපා.ඔයා වැස්සකටවත් ඉස්කෝලෙකට ,පන්සලකට ගිහිල්ලා තියෙනවාද..? (බ)
මානව හිමිකම් රකිමු, ත්‍රස්තවාදයට පණපොවමු කියපු අය දැන් මොකද කියන්නේ? (නි)
ලොව පුරා තිබෙන කුඩා රටවල් වලට බලපෑම් කරන්න,සහ ත්‍රස්තවාදී සංවිධාන වලට වක්‍ර ආකාරයෙන් උදවු කරන යටි අරමුණ ඇතිව,, එරටවල් වල ඉන්න ත්‍රස්තවාදීන්ට සහ උන්ගේ පවුල්වල උදවියට දේශපාලන රැකවරණ දීමේ ආදීනව. නයි මල්ලේ දාගෙන කනවෝ කනවෝ කිවුවට වැඩක් නැහැ. විහින් කරගත්ත දේවල්. (බ)
මේ ප්‍රශ්න ඔක්කොටම මුල සොයාගෙන අතීතයට ගියොත් ...අපිට හමුවන්නේ " අසාධාරණයයි..".අසාධාරණය ට පත්වුන මිනිසෙකුගේ,හෝ ,ගැහැණියකගේ හෝ ජන කොටසකගේ හිතේ පතුලේ පලවෙන බීජයක් තමයි " පලිගැනීම " කියන්නේ.පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කරන මේ චේතනාව අවසන් වන්නේ මහා මිනිස් ඝාතන වලින්....ටිකක් හිතන්න..දැන් ලෝකයේ බලවත් පොහොසත් රටවල් ඔක්කොම ඔය තරම් පොහොසත් වෙලා ඉන්නේ බහුතරයක් වන දුප්පත් රටවලින් ඍජුව හා වක්‍රව කොල්ලකාගත් ධනයෙන් සහ කොල්ලකාගත් භූමියෙන් . කොටින්ම කිවොත් " රත්තරන් " වලින්.දුප්පත් රටවල අලුත් පරම්පරාවන් තුල මේ අසාධාරණයට විරුද්ධ චින්තනය පහලවෙලා තියෙන්නේ.සමහර ආගමික, දේශපාලනික හා ජාතිවාදී අන්තයටම ගිය අය අර තරුණ පිරිස් ඒගොල්ලන්ගේ" බළල් අතක් " කරගන්නවා.අසාධාරණය " කවදා හෝ නැතිවනතුරු..මේප්‍රශ්නත් ඉතිරිවේවි. (බ)
රොහාන්, අද ප්‍රශ්නයට පරණ කතා ඇදගත යුතුමයි. පරණ කතා අද නොගතහොත් පරණ වැඩේම වෙයි (නි)
රොහාන් දයාදර මහතා වගේ අතීතය අමතක කරන හීන ලෝක වල ජීවත්වෙන මිනිස්සු ඉන්නතුරු ලංකාවට නම් ගොඩ එන්න අමාරුයි. එක පාරක දෙපාරක් නෙමෙයි, දහ දොළොස් පාරක් එකම දේ වුණත් රොහාන් මහත්තයා වගේ අය නම් පාඩමක් ඉගෙනගෙන නැහැ. (නි)
මිනිස්සු මොනවා කිවුවත් යුරෝපය තමා ඇමරිකාවටත් කලින් කොටි තහනම් කරලා අපිට උදව් කළේ. යුරෝපය කිව්වේ මානව හිමිකම් රකින්න කියලා විතරයි (නි)
ටෙනිසන් දන්නා දෙයක් කතාකරන්න. ප්‍රංශය කොහෙද ත්‍රස්තවාදීන්ට සුදුහුණු ගෑවේ? (නි)
ඒ මිනිස්සු මොනතරම් ගින්නකින් ඇද්ද? (නි)
අයිඑස් වැනි ම්ලේච්ඡ ත්‍රස්තවාදින්ට නවීනතම අවි ලැබුනේ කොහොමද කියලා පරීක්ෂණ කරන්න. ඒ අයට දැඩි දඩුවම් දෙන්න. (නි)
රොහාන් දයාදර, ලංකාවේ මිනිස්සු තමයි සතෙක් අනතුරකට පත්වුණත් අනේ අපොයි කිවුවේ. එහෙවු අපිව තමයි, යුරෝපියෝ මිලේච්ඡයෝ කියලා හංවඩු ගැහුවේ. විශේෂයෙන් සිංහල බෞද්ධයෝ සැමට කරුණාව මෛත්‍රීය කළා, උදවු උපකාර කළා. ඒ උදවුගත් අයගෙන් තමයි අද අපි ගුටිකන්නේ. ඉදිරිය නම් හරිම අවිනිශ්චිතයි. (නි)
ජෙනරල් සරත් ෆොන්සේකා වගේ හමුදා නායකයන්ගේ වටිනාකම තේරෙන්නේ ත්‍රස්ත ප්‍රහාර එල්ලවෙනකොට තමයි. (නි)
ප්‍රංශයට ඉක්මණින් සාමය උදාවේවා! (නි)
සමහරුන්ට නම් ත්‍රස්තවාදී නායකයන් ආරක්ෂා කරන්න ඕනෑවෙලයි තියෙන්නේ. ඒ ලෝකයේ තිබෙන මුදල් ධනස්කන්දය වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවෙයි. (නි)
පටු දේශපාලන අභිමතයන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා ඕනෑම ත්‍රස්ත නායකයෙකු වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම්ද සිටී (නි)
චමල්, දන්නා දෙයක් කතා කරන්න. සුනිල්, ඔබ හරි (නි)
මට නම් තේරෙන විදිහට බස්නායක මහත්තයාගේ කියුම මසුරන් (නි)
රොහාන් දයාදර, බස්නායක කියන්නේ තනිකර සත්‍යයයි. 1971 සිට ලංකාවාසි ජනතාව ත්‍රස්තයන්ගෙන් ඇතිවෙන්න බැටකෑවා. එකම විරයයි හිටියේ පහුගිය අවුරුදු 35 ටම. (නි)
දයාදර, ඔයා මෙතන "විරයා" වෙන්න හදන්න එපා. අපි කොටියාගෙන් බැටකනකොට සුද්දෝ අපිට හිනාවුණේ කොහොමද? (නි)
රොහාන් දයාදර, කියන්න බලන්න කව්ද අපිට උදව් කරන්න හිටියේ කියලා. අනික ප්‍රංශය මේ වෙලාවේ කරන්න ඕනෑ ත්‍රස්තවාදීන් සමඟ හැකි ඉක්මනින් සාකච්ඡා ආරම්භ කරන එක. (නි)
මේකේ අදහස් දාන සමහර අය ගැන මට නම් හරිම කණගාටුවක් දැනෙන්නේ. මොකද වෙනත් රටක අපරාධයක් වුණාම එයට කණගාටුව ප්‍රකාශ නොකර, ඒ නිහීන ක්‍රියාව කළ පාපතරයන්ට ශාපකරන්නේ නැතුව අපේ රටේ කුණු කන්දල් වගේම අතීතය වමාරන මිනිසුන්ද මේ ශ්‍රී ලංකාවේ ඉන්නේ කියලා හිතෙනවා. හොඳක් කළත් නරකටමයි පෙනෙන්නේ (නි)
විජිත් සමඟ මම එකඟයි (නි)
මේවා දකිනකොට අපේ රටේ තිබුණු ඒ බිහිසුණු යුගය මතක්වෙනවා (නි)
අහිංසක මිනිස්සු මරාදැමූවන්ට ආරක්ෂක බටයන් නියම පිළිතුරක් දී තිබෙන්නේ. වියරු වැටුණු පිස්සු බල්ලන්ට කිරි පොවන්න බැහැනේ. (නි)
ලංකාවේ නැවත ත්‍රස්තවාදය ඇති නොවීමට නම්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ හොඳ විමසිල්ලෙන් සිටිය යුතුයි. රටේ පාලකයින්ට මේවා ගැන හොයාබලන්න විශේෂ වගකීමක් තිබෙනවා. හමුදාවේ හෝ පොලිසියේ කාර්යය ජනතාව හෝ වෙනත් අය කරන්න ගියොත් එතන ඇතිවෙන්නේත් ගැටුමක්. (නි)
ජෝසප් ගැන මට නම් සැකයි (නි)
ප්‍රංශයේ ඇවිළුණු යුධ ගිනිදැල් කවදා නිවේද? (නි)
රොහාන් වැස්සකට ඉස්කෝලේ ගිහිල්ල නැද්ද? බස්නායක මහතා කියන දේ තේරෙන්නේ නැද්ද (බ)
ප්‍රංශ ජනපතිතුමෝ පරිස්සමින්, යුධ අපරාධ සිදු වෙන්න පුළුවන්. (බ)
අනේ ඉතින් ත්‍රස්තවාදියෝ කියන්නෙත් මනුස්සයෝනේ. ඒ අයගේ ඉල්ලීම් දුන්න නම් මුලින්ම,.... ඔහොම ඇවිත් මිනිස්සුන්ව මරදමන්නේ නැහැ නොව. එහෙම උනා නම් අද ත්‍රස්තවාදී මහත්තුරුත්, සාමාන්‍ය මහත්තුරුත් දෙගොල්ලම ජීවතුන් අතර නොවැ නැද්ද ? හා නැද්ද මන්කියන්නේ? (බ)
කොහොමත් සමහරුන්ට මේ වගේ අතීතයක් තිබ්බ කියන්නත් අකමැතියි ,දේශපාලනික නොවී අපේ නායකයෝ එදා හරි තීරනය ගත නිසා තමයි අද අපි නිදහසේ ඇවිදින්නේ ,එක ප්‍රංශයටත් අදාලයි (බ)
රොහාන් දයාදර,මට පෙනෙන්නේ ඔයාගේ මොලේ අමාරුව තදවෙලා. බස්නායක, ඔබට ජය. (බ)
ප්‍රනාන්දු, ඔබ සහ බස්නායක වැනි ආත්මාර්ථකාමී මිනිසුන් මල ගෙවල්වල යන්නේ මියගිය පුද්ගලයාට අවසන් ආචාරය කරන්න නොවෙනබව නම් ස්ථිරයි..මළගෙවල්වල සංග්‍රහ කරන ඔරේන්ජ් බාර්ලි සහ බිස්කට් කෑමටයි..(බ)
අල්ලාහු අක්බා අල්ලාහ් කියමින් මේවා කරනවාද......! (බ)
මිනිස්සු මැරුණට හිතට දුකයි. (නි)
මේ කරදර ඉක්මණින් පහවේවා! (නි)
බස්නායක, ඉල්ලගෙන කෑවා නේද..? හොඳ වැඩේ (නි)
මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
මේ අත්දැකීම් අපිත් ඉස්සර විඳි ආකාරය මට මතක්වුණා (නි)