ඉතාලියේ බොලෝඤ්ඤා නගරයේ ඩූකෝ දීබොනින්සේඤ්ඤා මාවතේදී ඇන්තනි ඩූලන් යේසුදායන් (22) හා සරන්ජේ චන්ද්‍රකුමාර් (24 ) යන ලාංකීකයෝ දෙදෙනා ඉතාලි පොලීසිය විසින් යුරෝපීය පොලිස් වරෙන්තුවක් අනුව අත්අඩංගුවට ගනු ලැබුහ.
පසුගිය දෙසැම්බර් හයවැනිදා ප්‍රංශයේ පැරිස් නගරයේ ගර් දූ නොඩ් දුම්රියපොළ අසල බාබර්සාප්පුවකදී ඔවුන් දෙදෙනා සහ තවත් දෙදෙනෙකු සමගතවත් ලාංකිකයකුට මන්නයකින් සහ කෙටේරියකින් කපාකොටා දැමීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතුවයි.
තුවාලලැබූ පුද්ගලයා දැඩිසත්කාර ඒකකයේ ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වෙයි.
බාබර් සාප්පුව තුලදී ඇසින් දුටු අය සාක්කි දුන් අය පවසන්නේ මේ ගැටුම පැරිස් නගරයේ කල්ලි දෙකක් අතර ඇති ගැටුමක් බවයි.ඉහතකී පිරිස සතනායී කල්ලියට අයත් බව කියති.
ඔවුන් ඉතාලියට පැනවිත් බොලෝඤ්ඤා නගරයේ හිතවතෙකුගේ නිවසේ සැඟවි සිටිමින් ව්‍යාජ ලියවිලි සාදාගෙන වෙනත්රටකට පැනයාම අරමුණ වීයැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය ඔබ කියන දේ හරියට හරිමේ අයගේ හැටි ඔහොම තමයි (දිල්)
ලෝකේ කොහාටවත් සන්නද්ද කල්ලි අවශ්‍ය නැහැනේ ලෝකේ කොහේ හිටියත් අල්ලා ගන්න ඕනේ (දී)
බාබර්සාප්පුවට ගිහිල්ල තියෙන්නේ දර කපන්න ගිහිල්ලා එන ගමන් වගේ (දී)
වයස 22,24 නම් ඉතින් ආයුධ අතින් අරන් ඉපදුනු අයනේ. (දී)
මොවුන් ශ්‍රීලන්කිකයන් වීම ගැන අපි දුක් වෙන්න ඕනේ (දී)
රටින් පිට වසන එල්.ටී.ටී.ඊ එකට හිතවත් ද්‍රවිඩ ජාතිකයින් විදේශ රටවලදී දරුණුම ගණයේ අපරාධ කටයුතු වල නියැලුනා. නීතියේ ග්‍රහණය ට අසු වූ විට ඔවුන් පවසන්නේ ඔවුන් ශ්‍රී ලාංකිකයින් බවය. එහෙත් ඔවුන්ගෙන් කෙනෙක් යහපත් දෙයක් කළහොත් මාධ්‍යය වල සඳහන් වන්නේ දෙමළ ජාතිකයෙක් බවය. කොඳු නාරටි නැති අපේ තානාපති සේවයේ යෙදෙන්නෝත් මේවා නොදැක්කාසේ නිදි කිරති. (නදී)
ලංකාවේ හමුදාව මරන්න එනවෝ කියල බොරු ගොතල රට පැනල ගිය අපේ දෙමළ සහෝදරයෝ දෙන්නෙක් තමුන්ට හොදටම කරන්න පුළුවන් එකම දේ කරලා වගේ.(දිල්)
නුවන් මෙතන එක්කෙනෙක් විතරයි දෙමළ(දිල්)
පිටිගලගේ යතාර්ථවාදී අදහස් නැතුව කිසිම පුවතක් 'පත්තු වෙලා' යන්නේ නැහැ.(නදී)
කමල්,දෙමළ නම් තියෙන සිංහල අයත් ඉන්නවද? (නදී)
ඉතාලි පොලිසියට අපේ සුබ පැතුම් .කේ .පි හෝ කරුණා ඉතාලියට ආවත් මේ දේමයි වෙන්නේ. අපේ රටේ එයාලව හුරතල් කෙරුවට.(නදී)
කමල් වැරදියි. දෙදෙනාම දෙමළ. එක් අයෙක් දෙමළ හින්දු ,අනිත් කෙනා දෙමළ කතෝලික. මම කියන්නේ මේ අයගේ නම තියෙන හැටියට. (නදී)
මේ අය ලංකාවේ අහිංසක මිනිසුන්ව මන්නා වලින් කපල කොටලා මැරුවා පිටරට ගිහිල්ලත් අලුගෝසුවෝ වගේ හැසිරෙන්නේ. (නදී)