ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ අවමංගල්‍යාධාර ඒකකයට ආධාර පිණිස පැවැති ආධුනික ගී තරග වර්ණවත් කිරීමට ශ්‍රී ලංකාවේ ගායකයන් වූ නාමල් උඩුගම හා දීපාල් සිල්වා එක්වූහ.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත හා බිරිය රසාදරි පොන්සේකා, ප්‍රංශයේ තානාපති කාර්යාලයේ අන්තර් සංස්කෘතික කටයුතු පිලිබඳ ප්‍රථම ලේකම් කිසාගෝතමි සරච්චන්ද්‍ර මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් 18 වැනි වරටත් මෙවර පැවැත්වු ආධුනික ගී තරගයෙන් මල්ෂා ප්‍රියන්ගනී, නිසල් නිකොලා වෙත්තසිංහ, ජනිත් අයන්ත අනුපිළිවෙළින් ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන හිමි කර ගත්හ. හර්ෂනී ලියනවඩුගේ ජනප්‍රිය ගායිකාව ලෙස තෝරා ගැනිනි.
එම සියලූ දෙනාම ප්‍රංශයේ ඉපැදී ප්‍රංශයේ මුලික අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික දරුවන්වීම විශේෂයකි. පැරීසියේ ලාංකික සමාජ කටයුතු සදහා සිදුකරන ලද අගනා මෙහෙවර සදහා අමර ගුණසේකර, පුෂ්පසිරි ද අල්විස්, රංඡිත් විමලනාත, ලයනල් හා සුසිලා මල්ලිකාආරච්චි යන මහත්ම මහත්මීන්ට සැමරුම් තිලිණ පිරිනැමිණි.
දැඩි අභියෝග මැද මෙවර උත්සවය සාර්ථක කර ගැනීමට සහය දුන් හා නැරඹීමට පැමිනි සියලූ ශ්‍රී ලාංකිකයන්ටද තම ප්‍රණාමය පුදකරන බව සභාපති රංජිත් කුලතුංග මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරිසියේ ලස්සනට අපේ ලංකාවේ ලස්සන ළමයින්ගේ ලස්සනත් එකතු වෙලා . හරිම ලස්සනයි (නදී)
දරුවනි, නුඹලා ප්‍රංශයේ පුරවැසියන් උනත් ලංකාව තම මවු රට ලෙස සලකා මෙසේ කටයුතු කිරීම ඉතා අගේ කල යුතුය. නමුත් ලංකාවේ නිලධාරීන් සහ දේශපාලඥයන් නුඹලා ශ්‍රී ලංකික දරුවන් ලෙස සලකන්නේ නැත. වෙනත් රජයක් එනතුරු නුඹලාට මවු බිමේ පුරවැසිකම නොලැබෙනු ඇත. ද්විත්ව පුරවැසිකම නවතා දමා බොහෝ කල් ගතවී ඇති බව මතක තබාගත යුතුය. (නදී)
මේ කුමාර්, හාමුදුරුවන්ට නච්චගීතය කියලා දෙන්න ඔයා ඉගෙනගත් බණ මොකද්ද? (නි)
ප්‍රංශ ජාතික මේ දරුවන්ගෙයි ශ්‍රී ලාංකික අපගෙයි ඇති නෑදෑකම සිංහලකමයි. ඒ නෑදෑකම චිරාත් කාලයක් පවතීවා! නොපැකිළව කියන්න ඔබ ප්‍රංශ ජාතික සිංහලයන් බව. (ස)
අපේ පුරාජේරු කාරයන්ට ප්‍රංසෙට නොවේ හදට හරි කමක් නෑ පුරාජේරු කියන්ට පුලුවන් නම් නෑදා කන් කියයි. ලංකාවේ ඉපදිච්ච දමිල සහෝදරයන්ට ලාංකිකයෝ කියන්ට බැරි තරන් උද්දච්ච උදවිය ප්‍රංසේ ඉපදුන අය. (නදී)
ප්‍රංශය ඉතාලියට වඩා හොඳයිනේ ! (ස)
දැන් ඔබාමා කෙන්යානුවෙක් කියල හෝ සෝනියා ඉතාලි කියල හෝ මුරලි ඉන්දියානු කියල හෝ කවුරුත් නැති නෑදෑකම් කියමින් කබල් ගානවද. තමන් ඉපදිච්ච රට තමන්ගේ මව් රටයි. (නදී)
ලංකික දමිලයන්ගේ නිජබිම් සංකල්පය නොපිළිගන්නා ගමන්ම ප්‍රංස ජාතිකයන්ට නැති නිජබිම් සංකල්පයක් බලෙන් පටවන්නේ මොන කැක්කුමකටද මිනිසුනේ. (නදී)
අනිත්‍ය මෙනෙහි කරමින් සංසාරෙන් එතෙර වෙන්න කියල තමා කුමාර් බුදුන් වහන්සේ කිවේ. ප්‍රංශයේ ගිහින් මේ නැටුම් බලන්ට නෙවේ. (නදී)
හැමෝම විනෝද වුන පාටයි එහෙනම්.(නදී)
වෙනත් රටවල විදේශිකයන්ට සිංහල සම්බවයක් ඇතිනම් ඔවුන් ලාංකික නොවුනත් ඒ ගැන සම්බන්දතා මතුකරමින් තලු මැරීම ජාති වාදීන්ගේ ලක්ෂණයකි. (නදී)
මේවා බලන හමුදුරුවන්න්ට "නච්ච ගීත වාදිත විසූප දස්සන මාලා ඝන්ධ විලේපන >>>> සිල් පදය ගැන වගකීමක් නැද්ද ?(නදී)
දැක්ක හොඳම සංවිධානය. වැඩේ ලස්සනයි. අපි සතුටු වුනා සංවිධානයට සුබ පතමි. (ස)
ප්‍රංශය ඉතාලියට වැඩිය හොදද කියල අහන්නත් ඕනෙද? ඒක දන්නේ අද ද යාළුවා.(නදී)
ප්‍රංශයේ ඉතාලියේ ලෝකේ කොහේ ඉපදුනත් ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන මම හරි ආඩම්බර වෙනවා. ලෝකේ තියෙන හොදම රට අපේ රට (නදී)
හාමුදුරුවරුන්ට කලාව අකපැයි කියලද මේ කුමාර් කියන මහත්මයා කියන්නෙ? නැහැ. බුදුබණේ එහෙම කියලා නැහැ.කලාව තුලින් ජනයාට සේවයක් කරන්න පුලුවන් නම් ඒක අගනා පිංකමක්. (නි)
ඉතාලියේ ඉන්න අයට වඩා ප්‍රංශයේ ජීවත්වන අය ගොඩක් හොදයි.(නදී)
ඉතා දැකුම්කළු සාර්ථක ආධුනික ගී තරගයක් හා සංගීත රාත්‍රියක්. පැරිසිය දෙවනත් කළා.විශාල පිරිසක් නරඹන්න අවා, අපිට හරි සතුටුයි. නව සභාපතිතුමනි, ඔබතුමාගේ කැපවීම, ධන පරිත්‍යාගය, දක්ෂකම, එඩිතරකම, පළපුරුද්ද, නිහතමානිකම, අැහුම්කන්දීමේ ප්‍රවණතාවය මත තමයි මෙවන් නිර්මාණයක් බිහි වුණේ. දිගටම සභාපති පදවියේ රැදෙන්න කියා මම ඔබතුමාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ජයවේවා !!!! (නි)
වැඩකරුට බොරු බැහැ, බොරුකරුට වැඩ බැහැ. නව සභාපතිතුමනි, ඔබතුමාට ජයවේවා!!! (නි)
ලස්සනයි! (නි)
අපේ සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! (නි)
මේ ඉතාලිය ගැන නෙමේ මේ හොද වැඩ කරමු එකතුවෙලා ඉතාලිය අපේ ලගම තියෙන ලස්සන රටක්. අපේ මීලග පරම්පරාව ගොඩගන්න එකතු වෙමු. සංස්කෘතිය දරුවන්ට කියලා දෙමු. අපේ භාෂාව ගුණධර්ම සමගිය වැඩිහිටියන්ට ගරුකිරීම කියලා දෙමු. නැත්නම් යුරෝපේ හෙත් එක වගේ තමයි. අපි හදමු රටවල් හදන්න ඉස්සර අපේ දරුවන් හොදට. (නදී)
අවුරුදු ගානකට පස්සේ ප්‍රංශයේ අපි දැක්ක ලස්සනම, ගොඩක් පිරිස එකවුණු ආදුනික ගී තරගයක්. (දිල්)
ගොඩක් ලස්සනයි.සුබ පැතුම්! ලලිත් කියන දේ හරි (නි)