(ගයාන් සූරියආරච්චි)
ප්‍රංශයේ රැකියාවකට යවන බව පවසමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 5 ක් වංචා කළ බව කියන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකවරයකු අද (12) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂයකු වන යාපනය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
යාපනය, කච්චේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් යාපනය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව යාපනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික අබේගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යාපනය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉකුත් අගෝස්තු මාසයේ සැකකරු එම පුද්ගලයා ප්‍රංශයට යවන බව පවසා මුදල් ලබාගෙන තිබූ බවත් සැකකරුට විදේශ රැකියා ඒජන්සියක් හෝ නොමැති බවත් විමර්ශවලදී අනාවරණයවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ඇතුළු දිළිදු රටවල් වලින් ආපු විශාල පිරිසක් රැකියා නැතුව ඉන්නවා. කොන්ඩය කපන්න වගේ වෘත්තියක් දන්නවා නම් තමයි සාර්ථක
ඡන්දෙට වියදම් කරන්න සල්ලි මදි වෙන්න ඇති. තව කොහොමද මේ වගේ අයට බලය ලැබුණොත්...!