පසුගිය සිකුරාදා පැරිසියට එල්ල වූ අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු උතුරු පැරිසියේ ස්ටඩ් ද ප්‍රාන්ස් පාපන්දු පිටිය සමීපයේ පිහිටි සෙන්ට් දෙනිස් නගරයේ (පැරිස් වේලාවෙන්) අද අලුයම 4.30ට ප්‍රංශ පොලිසියේ ‘රේඩ්‘ හා ‘බ්‍රී‘ විශේෂ ප්‍රහාරක බල ඇණි මෙහෙයුමක් කළේය.
එහිදී ගැහැණියක බෝම්බයක් පුපුරුවාගෙන සිය දිවි හානිකර ගත්තාය.
පොලිස් වෙඩි පහරින් තවත් මිනිසෙක් මැරුම් කෑවේය.
පොලිසිය මේ වැටලීම කළේ සිකුරාදා ප්‍රහාරයේ තවත් සැකකරුවන් ඇත්දැයි සෙවීම සඳහා ය. සිකුරාදා ප්‍රහාරයෙන් මැරුම් කෑ ඊබ්‍රහීම් අබ්දෙල් සලාම්ගේ මිත්‍රයකු බව කියන අබ්දෙල් හමීඩ් අබවුද් නැමැති ත්‍රස්තවාදියා මෙතෙක් සොයා ගෙන නැත. ඔහු මෙම ප්‍රහාරය බෙල්ජියමේ සිට සැලසුම් කළැයි ප්‍රංශ පොලිසිය සැක කරයි.
මෙම සෝදිසිය වෙනුවෙන් සෙන්ට් දෙනිස් සරසවිය ද, කඩසාප්පු ද වසා දැමිණි.
අංක 13 උමං දුම්රිය ද මහජන බස් , ට්‍රෑම් සේවා ද නවතා දැමිණි.
ඇල්ජීරිය, මොරොක්කෝ, ටියුනීසියා, පාකිස්තාන්, ඉන්දියා හා ශ්‍රී ලාංකික දෙමළ ජනයා මෙම නගරයේ වැඩිපුර ජීවත් වෙති.
මේ අතර ප්‍රංශයේ කළ සෝදිසිවලින් 168 දෙනෙකුත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව 23 දෙනකු රඳවා ගත් බවත්, ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව අද උදේ සෙන්ට් දෙනිස් වැටලීම කළ බවත් ප්‍රංශ පොලිසිය කියයි.
මේ අතර ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලොන්ද් අද වොෂින්ටන් නුවර දී බරක් ඔබාමා ඇමරිකා ජනාධිපති හමු විය.
ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජෝන් කෙරීද ප්‍රංශයට පැමිණියේ ය.
ප්‍රංශ ජනපති බුහස්පතින්දා (19) මොස්කව් නුවරට යෑමට ද නියමිතය.
කළු ඇඳුමින් සැරසුණු මෙම පොලිසිය මුහුණු ආවරණ පළඳී.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදය මුලු ලෝකයෙන්ම තුරන් කළයුතුය (නි)
දැන් තේරෙනවා ඇති ත්‍රස්තවාදයේ භයානකකම. (ර)
ජිවිත දේපල විනාශ කරමින් මොනා ලබාගන්නද මේ මිනිස්සු මේ ත්‍රස්ත ක්‍රියා පතුරුවන්නේ. අන්තිමේදී ඔවුන්ට අත්වන ඉරණම අකාලේ මියයාම නේද? (ම)
මොකක්ද මෙච්චර දරුණු අපරාධ කරන්න හේතුව? (නි)