ප්‍රංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
කුරිරු ත්‍රස්තවාදයේ අත්දැකීම් ඇති ජාතියක් ලෙස රටක් වශයෙන් හා සියලු පුද්ගලයන් ලෙස පැරිස් ප්‍රහාරය හෙළා දකින බව ජනපතිගේ ට්විටර් පණිවිඩයේ සටහන්වේ.
ට්විටර් ඔස්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව සියලු දෙනා එකමුතුවී ලොව පුරා පැතිර ඇති ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළ යුතු බව විශ්වාස කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාව ගැන නොසිතා බලයට ඒමට දුන් පොරොන්දු ඉටු කිරීමෙන් තව වැඩි කාලයක් නොගොස් මෛත්‍රි මහත්තයට ප්‍රංශ ජනාධිපතිගේ ශෝක පණිවිඩ අනෙක් පැත්තට එන වගනම් අපිට ස්ථිරයි (ම)
මෛත්‍රී මහත්තයෝ, අපේ සෝභිත හිමිගේ අපවත් වීමෙන් මුළු රටම කදුළු සලන වෙලාවේ උන් වහන්සේගේ ඉල්ලීම වන ඇමති මණ්ඩලය 20 ට අඩු කිරීම දැන්වත් කැබිනට් සංශෝධනයකින් කරනවානම් ඒක ඔබතුමාට උන්වහන්සේ වෙනුවෙන් කල හැකි ලොකුම උපහාරයයි. (ම)
ගරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතානණි කුරිරු ත්‍රස්තවාදයේ අත්දැකීම් අපහට නොමැත.(ම)
මහින්ද රාජපක්ෂ මහත්තයා නොහිටින්න අපටත් කියන්න තිබුනේ ප්‍රේරේ ෆොර් ශ්‍රීලංකා කියලා තමයි (ම) .
මහින්ද ජනාධිපති නොහිටින්න අපි තවම බෝම්බ වලින් මැරුණු කට්ටිය ගණන් කරනවා. (බ)
ත්‍රස්ත ක්‍රියා හෙළා දකින ඔබතුමා තවත් ඉන්න කොටි නිදහස් කරන්න පුළුවන් තරම් ඉක්මනින් රණවිරුවන්ව අත්අඩංගුවට ගන්න (බ)
නමුත් ඒගොල්ලෝ මෙහෙ ත්‍රස්ත ක්‍රියා හෙළා දැක්කේ නැහැ නේද? (නි)