
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වග කියනු ලබන අනුකාරක සභා තුනක් ස්ථාපිත කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාල අනුකාරක සභා පිහිටුවා ඇත.
අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වන අනු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස චන්දන සූරියආරච්චි (සභාපති), ජගත් විතාන, දිනිඳු සමන් සහ දේවානන්ද සුරවීර මන්ත්‍රීවරුන් පත් කර තිබේ.
ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතීමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වන අනුකාරක සභාවට නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර (සභාපති), සුගත් වසන්ත ද සිල්වා, තනුර දිසානායක සහ සුජීව දිසානායක මන්ත්‍රීවරු පත්ව සිටිති.
ප්‍රවාහන කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි (Business Models) සැකසීම වෙනුවෙන් පිහිටුවා ඇති අනුකාරක සභාවට චතුරංග අබේසිංහ (සභාපති), රවීන්ද්‍ර බණ්ඩාර සහ ධනුෂ්ක රංගනාත් මන්ත්‍රීවරුන් පත්කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායේ සභාපතිලත් ඉල්ලා අස්වෙයිද දන්නේ නැ මොංගල් ඇමතිගේ කුණුහරුප අහන් ඉන්න බැරුව.
ප්‍රවාහන විශේෂඥයින් ඉන්නවා විශ්වවිද්‍යාල වල උන්ගෙන් උපදෙස් අරගන්නේ නැතිව ඔය නිකම්ම නිකන් මන්ත්‍රීලා මොනවා කරන්නද? ඒවත් නිකන් කාලේ කා දමන කතා සාප්පු, ආණ්ඩුව පත්වෙන්න කලින් කිව්වා නේ හැම රෙද්දටම විධිමත් සැලසුම් තියෙනවා කියලා, කෝ ඉතින් ඒවා? පොරොන්දු වූ පරිදි ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න, එහෙම නැතිව මේ මන්ත්‍රීලා ඉන්න කමිටු කියන්නේ තවත් නාස්තියක් විතරයි..