IMG-LOGO

ප‍්‍රවිශ්කා නැන්දාගෙන් ළමයින්ට ටැලන්ට් ක්ලබ් එකක්

2016-05-06-ent-04

මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සිටි කාලයෙන් වැඩිකාලයක් දරුවන් වෙනුවෙන් කැපකළ ඇය කුඩා දරුවන් හඳුනාගත්තේ ප‍්‍රවිශ්කා නැන්දා නමිනි. සඳැල්ල අපිත් ප‍්‍රවිශ්කා නැන්දාගේ ආගිය තතු හා අනාගත සැලසුම් පිළිබඳව තොරතුරු විචාලෙමු.

 

2016-05-06-ent-05

ඔයාව හඳුනාගත්තේ කොහොමද?

මම ප‍්‍රවිශ්කා ශ‍්‍රිමාලි ජයවීර මගේ ගම මාලබේ. මම අධ්‍යාපනය ලැබුවේ ශ‍්‍රි රාහුල බාලිකා විද්‍යාලයෙන්. කුඩා කාලයේ ඉඳලම කලා කටයුතුවලට උනන්දුව දැක්වූවා.

 

නිවේදන ක්ෂේත‍්‍රයට පිවිසුනේ කොහොමද?

මම නිවේදනයට සම්බන්ධ වෙන්නේ 3 වසර ඉගෙනුම ලබන අවධියේ. මගේ සංගීත ගුරුතුමියගේ මහත්තයා වැඩ කළේ සිරස මාධ්‍ය ආයතනයේ. එතුමා මම පාසල් වේදිකාවේ නිවේදන කටයුතු කරන ආකාරය දුටුවා. ඉන්පසු ඔහුගේ උපකාරයෙනුයි මාව සිරස මාධ්‍ය ආයතනය කරගෙන ගිය රන්සිත්යාය ළමා වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. අධ්‍යාපනය ලබන කාලයේදීම ඒ වැඩසටහනට සම්බන්ධ වෙලා පිටපත් රචනය, සංගීතය, නාට්‍ය යන සියලූ අංශයන්ගේ අත්දැකීම් ලබාගත්තා. උසස් පෙළ අවසන් කළාට පස්සේ ශ්‍රී ලංකා යුර්ත් ආයතනයට බැඳිලා ජනමාධ්‍ය පාඨමාලාවක් හැදෑරුවා.

 

රූප මාධ්‍යයට ගිය ඔබ ගුවන්විදුලි ක්ෂේත‍්‍රයට යොමුවුණේ කෙසේද?

ජනමාධ්‍ය පාඨමාලාව හදාරා අවසන් කර ප‍්‍රායෝගික පුහුණුව සඳහා ඇසුර එෆ්එම් එකට සම්බන්ධ වුණේ. ඒ අවස්ථාව ලබා දුන්නේ මගේ පාසලේ සහෝදර ශිෂ්‍යාවක්. ඒ ආයතනයේ පුහුණුවීම් කරගෙන යද්දී හදිසි වේකන්සි එකක් ආවා. ඒ අනුවයි මම ගුවන්විදුලි නිවේදිකාවක් බවට පත්වෙන්නේ. එම ආයතනයේ සේවය කළ සියලූ දෙනා අපට දරුවන්ට වගේ සලකලා හැමදේම කියලා දුන්නා. මම රාති‍්‍ර වැඩසටහන් වලිනුයි නිවේදනය ආරම්භ කළේ. ඒත් ඉතාම කෙටි කාලයකින් උදෑසන වැඩසටහන් කිරීමේ භාග්‍යයත් උදාවුණා.

මිළඟට මම සම්බන්ධ වූයේ නෙත් එෆ්.එම්. ගුවන් විදුලියට. මම මුලින්ම කළේ ආදරයේ මන්දිරය යන කාන්තා වැඩ සටහන. ඉන් අලූත් අත්දැකීම් රාශියක් ලබාගත්තා. පසුව සෙනසුරාදා, ඉරිදා ළමා වැඩසටහන් කරගෙන ගියා. නෙත් එෆ්එම් කලබල පැංචා වැඩසටහන ගොඩක් ආශාවෙන් කළා. නෙත් එෆ්එම් පුංචි උදෑසනත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නෙත් එෆ්එම් පුංචි සෙනසුරාදත් මෙහෙයවූවා. දරුවන් සමඟ කටයුතු කිරීම හරිම සතුටු දෙයක්. ළමා වැඩසටහන්වලට අමතරව ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමත් සිදුකළා. මේ අතරතුර වීඩියෝ අධ්‍යක්ෂණය, සහය අධ්‍යක්ෂණය වැනි රූපමාධ්‍යයේ කටයුතු පිළිබඳව අධ්‍යයනය කළා. මම විවිධ දේ හදාරන්න ආශයි. ඒ අනුව ජාතික රූපවාහිනියේ නිවේදන ක්ෂේත‍්‍රයට යළිත් සම්බන්ධවීමේ අවස්ථාව උදාවුණා. සතියේ දින පහේම ජාතික රූපවාහිනියේ විකාශය වූ ව්‍යාපාරික ලෝකය කියන වැඩසටහනේ නිවේදිකාව ලෙස කටයුතු කළා. ඒත් මම විවාහකයි. දරුවා ලැබීමත් සමඟ ඒ සියලූ දේ කාලයකට නතර කරන්න සිද්ධවුණා. ඉන් පසු නැවතත් ශ්‍රී එෆ්එම් ගුවන්විදුලියේ ළමා වැඩසටහන්වලට සම්බන්ධවුණා. මම වැඩි කාලයක් ලබාදීල තිබුණේ දරුවගේ කටයුතුවලට. ස්ථිර සේවකයෙක් ලෙස එම මාධ්‍ය ආයතනයට සම්බන්ධවෙලා හිටියේ නෑ.

දැන් මගේ අරමුණ දරුවන් වෙනුවෙන් ටැලන්ට් ක්ලබ් එකක් ආරම්භ කිරීම. අපි යම් දෙයක් කරනකොට ඒ පිළිබඳ හරි හැදෑරීමක් කරන්න ඕන. මම පුංචි කාලයකින් රූපවාහිනිය හා ගුවන් විදුලිය යන මාධ්‍ය දෙකේම අත්දැකීම් ලබාගත්තා. ඒ අත්දැකීම්වලින් හා මම ඉගෙනගත් දේ ප‍්‍රයෝජනයට ගෙන දක්ෂතා ඇති දරුවෝ ඉදිරියට ගෙන ඒමයි අරමුණ. දැනටමත් මාත් සමඟ එකට කටයුතු කළ දරුවො රාශියක් එකතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒ දරුවන්ගේ මව්පියන්ගේ ඉල්ලීමත් මෙවැනි දේකට මුලපිරීමට හේතුවුණා. අපිත් එක්ක එකතුවෙන්න කැමති නම් චර්පසියන්ිරසප්කස?ටප්සකගජදප සමඟ සම්බන්ධවී තොරතුරු ලබාගත හැකිය.

 

කුමාරි හේරත්

 

sandalla

 

2016-05-06-ent-03

 



අදහස් (0)

ප‍්‍රවිශ්කා නැන්දාගෙන් ළමයින්ට ටැලන්ට් ක්ලබ් එකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site