රිටිගල රක්ෂිතයේ දුෂණ ගැන ලංකාදීපයේ පළ වු වාර්තාවක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ වුවමනාවක් මත පොලිසියෙන් කළ පැමිණිල්ලකට විරෝධය පාමින් මාධ්‍යවේදීහු පිරිසක් අද (12) කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වෙති.
උද්ඝෝෂණය පටන් ගන්නට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපස දොරටුව විවෘත කර තිබු නමුත් උද්ඝෝෂණය ආරම්භ වීමත් සමඟ එහි ආරක්ෂකයකු දොරටුවට යතුරු දැමීය.
උද්ඝෝෂණය අතරතුර ආචාර්ය දිසානායක මහතා එම වාර්තාව ලියු කාංචන කුමාර ආරියදාසට දුරකථනයෙන් කතා කර පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බව පැවසීය. නමුත් ඔවුහු පවසා සිටියේ ඉදිරියට පැමිණ ඒ බව පවසන ලෙසයි.
ජායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද











![image-2de2673fc315ee96b5348276b7024d0f65ec53d0a84209fed98ab78f1a2bd033-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/image-2de2673fc315ee96b5348276b7024d0f65ec53d0a84209fed98ab78f1a2bd033-V1.jpg)
![image-8b7ed160ac16270b66883fcc283c315179680b3aa1f25c1914994dc14acbf0f0-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/image-8b7ed160ac16270b66883fcc283c315179680b3aa1f25c1914994dc14acbf0f0-V1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ පඩිය අරගෙන නිදියගන්න කට්ටියක් තමන්ට පවරා ඇති වගකීම් කොටස මගහැර කාලය කා දමමින් වෙලේ සිටවපු පබයන්සේ සිටින පිරිසක් ! පුරාවිද්‍යා ගවේශන ගැන හරි දැනුමක් නැති සෙල්ලිපි 30000 කට ආසන්න ප්‍රමාණයක් ඇති හෙළ බිමේ මොනවද කරලා තියෙන්නේ ???(කෞ)
වහන්න ඕන රිටිගල කැලේ ගේට්ටුව මිස කාර්යාලයේ ගේට්ටුව නෙවෙයි. (ර)
මෙවන් නිලධාරින් ඉන්නකොට රට හදන්න පුලුවන්ද? හරියට වර්තමාන ඇමති මන්ධලයේ ඉන්න සමහර ඇමතිවරුන් වගේ. (ර)
කවුරුත් විල්පත්තුව ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? (නි)
මේ කවුරුත් විල්පත්තුව ගැන කතා කරන්නේ නැනේ. (ර)
පොලිසියට යා යුත්තේ හොරුන්ට විරුද්ධවද, නැත්නම් හොරකම් පෙන්වන අයට විරුද්ධවද කියලා ප්‍රශ්නයක් මතුවෙලා නේද? මතකද අර කෞතුකාගාරේ හොරකම? තාම මොකුත් වෙලා නැහැනේ (නි)
කතා කිරීමේ නිදහස ක්‍රමයෙන් අහිමිවෙන බව පෙනෙනවා. මාධ්‍යවේදීන්ට ස්තුතියි. මාධ්‍යවේදීන් රැකගැනීම ජනතාවගේ යුතුකමයි. (නි)
වැරදි කරන අයට දඬුවම් කරනවා වෙනුවට වැරදි හෙළිදරව් කරන මාධ්‍යවේදීන් පසුපස පැන්නීම තවමත් නතර වෙලා නැහැ වගෙයි . (ර)