රිටිගල රක්ෂිතයේ දුෂණ ගැන ලංකාදීපයේ පළ වු වාර්තාවක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ වුවමනාවක් මත පොලිසියෙන් කළ පැමිණිල්ලකට විරෝධය පාමින් මාධ්‍යවේදීහු පිරිසක් අද (12) කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වෙති.
උද්ඝෝෂණය පටන් ගන්නට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපස දොරටුව විවෘත කර තිබු නමුත් උද්ඝෝෂණය ආරම්භ වීමත් සමඟ එහි ආරක්ෂකයකු දොරටුවට යතුරු දැමීය.
උද්ඝෝෂණය අතරතුර ආචාර්ය දිසානායක මහතා එම වාර්තාව ලියු කාංචන කුමාර ආරියදාසට දුරකථනයෙන් කතා කර පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බව පැවසීය. නමුත් ඔවුහු පවසා සිටියේ ඉදිරියට පැමිණ ඒ බව පවසන ලෙසයි.
ජායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුරාවිදු දෙපාර්තමේන්තුවට විරෝධය : මාධ්‍යවේදීහු උද්ඝෝෂණයක
නිමල් Friday, 12 February 2016 02:35 PM
ලංකවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ පඩිය අරගෙන නිදියගන්න කට්ටියක් තමන්ට පවරා ඇති වගකීම් කොටස මගහැර කාලය කා දමමින් වෙලේ සිටවපු පබයන්සේ සිටින පිරිසක් ! පුරාවිද්‍යා ගවේශන ගැන හරි දැනුමක් නැති සෙල්ලිපි 30000 කට ආසන්න ප්‍රමාණයක් ඇති හෙළ බිමේ මොනවද කරලා තියෙන්නේ ???(කෞ)
උපුල් Friday, 12 February 2016 07:10 AM
වහන්න ඕන රිටිගල කැලේ ගේට්ටුව මිස කාර්යාලයේ ගේට්ටුව නෙවෙයි. (ර)
හෆීල් Friday, 12 February 2016 07:24 AM
මෙවන් නිලධාරින් ඉන්නකොට රට හදන්න පුලුවන්ද? හරියට වර්තමාන ඇමති මන්ධලයේ ඉන්න සමහර ඇමතිවරුන් වගේ. (ර)
බමුණු ආරච්චි Monday, 15 February 2016 12:28 AM
කවුරුත් විල්පත්තුව ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? (නි)
වෙල්ගම Friday, 12 February 2016 09:45 AM
මේ කවුරුත් විල්පත්තුව ගැන කතා කරන්නේ නැනේ. (ර)
ජනහිත Friday, 12 February 2016 09:34 PM
පොලිසියට යා යුත්තේ හොරුන්ට විරුද්ධවද, නැත්නම් හොරකම් පෙන්වන අයට විරුද්ධවද කියලා ප්‍රශ්නයක් මතුවෙලා නේද? මතකද අර කෞතුකාගාරේ හොරකම? තාම මොකුත් වෙලා නැහැනේ (නි)
ඩිල්ෂාන් Friday, 12 February 2016 06:10 AM
කතා කිරීමේ නිදහස ක්‍රමයෙන් අහිමිවෙන බව පෙනෙනවා. මාධ්‍යවේදීන්ට ස්තුතියි. මාධ්‍යවේදීන් රැකගැනීම ජනතාවගේ යුතුකමයි. (නි)
සෑම් Friday, 12 February 2016 06:16 AM
වැරදි කරන අයට දඬුවම් කරනවා වෙනුවට වැරදි හෙළිදරව් කරන මාධ්‍යවේදීන් පසුපස පැන්නීම තවමත් නතර වෙලා නැහැ වගෙයි . (ර)