- ග්‍රෑන්ඩ්පාස්හි වරාය පිවිසුම දෙසට ධාවනය වූ ලොරියක් යතුරුපැදියක හැපීමෙන් රෝහල් ගත කළ යතුරුපැදිකරු මිය ගිය බව රෝහල කියයි.
- කටුනායක හා දක්ෂිණ අධිවේගී මාර්ගයන්හි වැරදි කරන රියදුරන් ඇල්ලීමේ මෙහෙයුම දෙවැනි දිනටත් සඳුදා (9) ක්‍රියාත්මක විය. දකුණෙන් ඉස්සර කර දිගටම දකුණේන්ම ගමන් කරන රියදුරන් ද, කිලෝමීටර සියයයේ වේගය ඉක්ම වූ රියදුරන් ද ඒ අතර වෙතියි අධිවේගී මාර්ග පොලිසිය කියයි.
- පෑලියගොඩින් අධිවේගී මාර්ගයට ත්‍රීරෝද රියක් ඇතුළු කළ රියදුරෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
- හික්කඩුව මුහුදේ නාන්නට ගිය රුසියා ජාතිකයකු දිය වැලකට අසුවී ගසා ගෙන යද්දී බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂකයෝ සමත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවෘත්ති සංදේශය මෙය කියවීමෙන් පුවත් කිහිපයක් එක වර කියවිය හැකි නිසා ඉතා හොඳ දෙයක්.(නදී)