-
ඉතාලි පොලීසිය ශ්‍රී ලාංකිකයකු සොයයි. ඔහුගේ දස හැවිරිදි දියණිය පාසලේ ගුරුවරියට කළ පැමිණිල්ලක් අනුව පියා සොයනුයේ ඔහු වසර තුනක් තිස්සේම ඇය කෙළෙසීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.
- අඩු බර පාං වැඩි මිලට විකිණු වෙළෙඳුන් 300 දෙනකු නුවරඑළියේදී වැටලූ බව මිල පාලන නිලධරයෝ කියති. රුපියල් 60කට විකිණූ ඇතැම් පාං ගෙඩියක මිල ග්‍රෑම් 300ක් පමණ විය. පාං ගෙඩියක බර ග්‍රෑම් 450කි. නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතාගේ මෙහෙයවීමෙන් මේ වැටලීම සිදු විය.
- අනුරාධපුර දිස්ත්‍රික්යේ, ගිරිබාව, කැකිරාව පෙදෙස්හි ලිං තිස් දහසික් ලිං අට දහසකම ජලය ක්ලෝරයිඩ් බහුල බව පරීක්ෂණයකදී සොයාගෙන ඇත. ජලයේ ක්ලෝරයිඩ් වැඩිවීම වකුගඩු ආසාධන ඇති කරන බව වෛද්‍යවරු කියති.
- 2013 මුල් කාර්තුවේදී අම්පාරේ මධ්‍යම ආයුර්වේද බෙහෙත්හල්වලට රුපියල් ලක්ෂ 19ක බෙහෙත් නිකුත් කර ඇත. ආයුර්වේද ආයතන 53කට ගිය වසරේ රුපියල් තුන්කෝටි තිස් ලක්ෂයක බෙහෙත් සැපයීය.
-
සදලංකාවේදී පෞද්ගලික බස් රියදුරයකු හා ලංගම බස් රියදුරකු අතර ආරවුලකින් ලංගම රියදුරා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල්. දඩ ගහන්න ඕනේ ඔය දෙගොල්ලන්ටම නෙමෙයි බර අඩු පාන් ගන්න අපිට. අපි ගන්න නිසානේ ඒ අය අඩු බරට හදන්නේ.(නදී)
රෑගෙන යාමේ පහසුව තකා වෙන්න ඕන 300 පාං හදන්නෙ වරදක් කියන්න බෑ. ඔවුන් මහ ජනයා ගෑන හිතලයි එහෙම කරන්නේ.(නදී)
නුවර එළියේ විකිනු ඇතැම් පාන් ගෙඩියක මිල කොහොමද ග්රෑම් 300 ක් උනේ. එක බර වෙන්න එපාය.(නදී)
බැරිද කඩුවෙල පැත්තට එන්න. කඩවල්වලයි චූන් පාන් කාරයොයි විකුනන්නේ 300ග්‍රෑම්. විතරමයි. (නදී)
ඉතාලි පියාගේ ගම වෙන්නප්පුව වෙන්න ඇති.(නදී)
දඩ ගහන්න ඔන, විකුණන අයටද? අඩු බර පන් හදන අයටද?(ස)
නෑ පිටිගල ඒයා ඉන්නේ මිලානෝවල.(නදී)
අපි බලමු ඉතාලි රජයෙන් මේවගේ අමන පියවරුන්ට දෙන දඩුවම මොන වගේද කියලා. ලජ්ජා නැති පිරිමි. තම ලෙයින් උපන් කිරි සප්පයව දුෂණය කරන්න තරමට,පහත් පිරිමිද ඉන්නේ (නි)
පිටිගල, වෙන්නප්පුවේ අයට විතරද ලිංගික අවයව පිහිටලා තියෙන්නේ? මිනිස්සු අමනුස්ස වැඩ කරන්නේ තමන්ගේ ගම නගරය අනුව නෙමෙයි. නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)