IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රවීණ නළු ජීන් හැක්මන් සමුගනී

ඔස්කර් සම්මානනීය නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවාගේ සිරුරු ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ජනපදයේ සැන්ටා ෆේ නුවර ඔවුන්ගේ නිවසින් හමුවුණු බව පොලිසිය පවසයි.

ජීන් හැක්මන්, 1970 දශකයේ අතිශය ජනප්‍රිය, ලොව ප්‍රකට හොලිවුඩ් නළුවෙකි. මියයනවිට, 95 හැවිරිදි හොලිවුඩ් නළු ජීන් හැක්මන්, දෙවරක් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබ සිටියේය.

1971 දී තිරගත වුණු ‘ෆ්‍රෙන්ච් කනෙක්ෂන්’, 1972 දී තිරගත වුණු ‘පොසයිඩන් ඇඩ්වෙන්චර්’, 1973 දී තිරගත වුණු ‘ස්කෙයා ක්‍රෝව්’, 1978 දී තිරගත වුණු ‘සුපර්මෑන්’ සහ 1992 වසරේ දී තිරගත වුණු ‘අන්ෆෝගිවන්’ යන චිත්‍රපට ජීන් හැක්මන්ගේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ලෙස සැලකෙයි.

ජීන් හැක්මන්, 2000 වසරේ දී හොලිවුඩ් රංගනයෙන් විශ්‍රාම ගියේය. ඉන්පසු ඔහු බිරිඳ සමඟ සැන්ටා ෆේ නිවසේ අප්‍රකටය ජීවත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ජීන් හැක්මන්, අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ, 2024 වසරේ දී එක් අවස්ථාවකදී පමණි.

ජීන් හැක්මන්ගේ බිරිඳ බෙට්සි අරකාවා මියයනවිට 63 හැවිරිදි විය. ඔවුන් දෙදෙනාට අමතරව, නිවසේ සිටි ඔවුන්ගේ බලු සුරතලා ද මියගොස් සිටි බව පොලිසිය කියයි.

හැක්මන්ගේත් බිරිඳ අරකාවාගේත් මරණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති නමුත් සැකකටයුතු කිසිවක් හමුවී නැතැයි ද සැන්ටා ෆේ පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.



අදහස් (0)

ප්‍රවීණ නළු ජීන් හැක්මන් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site