හික්කඩුව පැරෑලියේ සුනාමි ස්මාරකය අසල සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව සුනාමිය සැමැරීමේ මිනිත්තු දෙකක නිහඩතාවය අද උදේ 9.25 ට පැවැත්විණි.
2004/12/26 වැනිදා පැරෑලියේදී සුනාමියට හසු වී දිවි බේරා ගත් දුම්රියේ නියාමකද මේ අවස්ථාවට සහභාගී විය.
දුම්රියේ ගිය එක්දහස් දෙසිය හැත්තෑ දෙනකු හා ප්‍රදේශවාසීන් දෙසිය හතලිස් නව දෙනකු ඇතුළු හතලිස් දහසක් දෙනා සුනාමියෙන් මරුමුවට පත් වුහ.
.gif)
හැටන්,මඩකලපුව,වවිනියාව,අම්පාර,කළුතර (ඡායාරූප රජිත් රාජපක්ෂ,ජවුෆර් ඛාන්,රෝමේෂ් මදුෂංක,වසන්ත චන්ද්‍රපාල,කමල් ශ්‍රී ලියනගේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවන් විපතක් අයෙමත් අපේ රටටත් මේ මුළු ලෝකෙටමත් නොවේවා!(දිල්)
මෙවන් විපතක් යලි සිදු නොවේවායි පතමි.(නදී)
ඒ සියලුම දෙනාට නිවන් සුව අත්වේවා! (නදී)
ඒ බිහිසුනු අත්දැකීම මතක් වෙනකොටත් හිතට දුකයි.(නදී)
උපහාර දක්වන්න සැහෙන පිරිසක් ඇවිල්ල නේ. (නදී)
මියගිය සැමට නිවන් සුව! මෙවන් විපතක් කිසිදු දිනක, කිසිදු රටක,නොමවේවා. පැරෑලියේ සිද්දිය තාමත් මා හද සසල කරවයි.(නදී)
අනේ කෝ අපේ මේ දේශපාලන මහත්වරු. (නදී)
මතු උපදින ජාති ජාති සංසාරයේ කිසිම මනු සත්වයෙකුට මෙවන් අනතුරක් සිදු නොවේවා. අනතුරට පත්වූ සියලුම දෙනාට නිවන් සුව ප්‍රර්ථනා කරමි. (නදී)
සුනාමි සැමරුම් ජාතික උත්සවය පසුගිය අවුරුදුවල පැවත් උනේ ඔතන. මේ සැරේ ඒකත් සුනාමියට ගිහින් වගේ.(නදී)
මේ දුම්රියේ බේරුනේ නියාමක සහ උප නියාමක පමනයි. රියදුරා හා සහයක රියදුරා දෙන්නම මිය ගියා. එදා ඉදිරියට යන්න සිග්නල් දීලා නොතිබුන නිසා මෙතන දුම්රිය නැවැත්තුවා. මෙතන කෙලින්ම මුහුදට මුහුන දාලා තියෙන ස්ථානයක්. ප්‍රධාන නියාමකට පුලුවන් දුම්රියට ඉදිරියට යන්න සිග්නල් නැති උනත්. ඔහු එංජිමට ගිහින් පැයට කිලෝමීටර 5ක උපරිම වේගයෙන් ඊ ලග සිග්නල් කනුව හෝ දුම්රිය ස්ථානය දක්වා දුම්රිය පදවන්න රියදුරාට අවසර දෙන්න. එදා එහෙම කලානම් මේ නැති උන ජීවිත විශාල ගනනක් අද ජීවත් වෙනවා. මම දන්නා තරමින් තමයි මේ කිව්වෙ.(නදී)
එක දේශපාලුවෙක් වත් නෑ වගේ. ඔක්කොම ටුවර් ගිහින් වගේ. දැන් මැරුන මිනිස්සුන්ගේ ඡන්ද නැති නිසා වෙන්ඩ ඇති. (නදී)
තවත් මේ වගේ විපතක් මේ මිහිතලය මත නොවේවා කිසි දිනෙක.(නදී)
ජාතික ආරක්ෂක දිනයක් ප්‍රකාශයට පත් වී අනතුරු අවම කර ගැනීම ගැන ජනතා ක්‍රියාකාරිත්වයක් ගොඩනැගීම මීටත් වඩා ඉදිරියට ගෙන යා යුතුයි. වසර නවයකට කලින් අපට අහිමි වූ සැමට මොක් සුව පතමි. (දිල්)
මරණයට පත්වු සියළු දෙනාට නිවන් සුව (දිල්)