‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් ප්‍රශ්න බේරගන්නේ නැතුව අතින් පයින් ප්‍රශ්න බේරගන්න තැනකට පත් වෙලා තියනවා. ඒකට නෙමේ එයාලව පාර්ලිමේන්තු යවන්නේ. කෝටි දෙකකට වැඩි ජනතාව වෙනුවෙන් 225ක් තෝරලා යවන්නේ ව්‍යවස්ථාදායකය සඳහා සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳන්න,අලුත් ප්‍රතිපත්ති ගේන්න,මූල්‍ය පාලනය කරන්න‘ යැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (5) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘දැන් ඒක ගුටි ඇනගෙන ලේ හලාගෙන කරන්න පුළුවන්නම් ඒකට පාර්ලිමේන්තුවක් ඕනේ නෑ. මහින්දගේ ආරක්ෂාවට හමුදාවෙන් සපයා ඇති ආරක්ෂයක් ගණන 216කි. ඉන් 60ක් තවමත් යුද හමුදාවේ‘ යැයිද රත්නප්‍රිය මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එකක්වත් නොවෙයි ප්‍රශ්නේ. මහජන මුදලින් පාර්ලිමේන්තුවේ ලාබෙට සුපිරි කෑම එක කාලා තෙල වැඩිවෙලා. උගත්, බුද්ධිමත්, වැදගත් මිනිසුන් තමයි ඕකට යවන්න තිබුනේ (නි)
මොළේ නැති, නූගත් සමහරු රට හදන තැනට යැව්වාට අපි අපිටම මඩු වලිගයෙන් තළාගත යුතුයි. (නි)
මෙන්න බොලේ මෙතුමලා අවදිවෙලා එකපාරටම. (නි)
බමුණු ආරච්චි මහත්තයෝ, ඔහේ මුළු ලෝකෙම පාර්ලිමේන්තු පිළිබඳ මාධ්‍යවේදියෙක්ද? නිකන් තමන්ගේ නූගත්කම ප්‍රදර්ශනය නොකර ඉන්නවා නම් ඒක තමන්ටම හොඳයි නේද? (නි)
තම තමන්ගේ දියුණුම අවිය භාවිතා කරලා සටන් කරන එක කාගේත් හැටිනේ. මොළේට උඩින් නේ අත් තියෙන්නෙත්. (බ)
වෙනසකට ඉඩක්ද (හේ)
මහජනයා පිළිගත් අයව පාර්ලිමේන්තු යවන්න පැරදි අයව ගත් එක වැරදි වැඩක් මේ සේරටම මුල ඒකයි (හේ)
ඉතින් ඕක ගිහින් කියන්න ඔයාලගේ පක්ෂේ පාලිත තෙවරප්පෙරුමට. අපිට පැහැදිලිව පේනවා වීඩියෝ වල එයා තමයි මුලින්ම ගහන්න පටන් ගන්නේ. (බ)
මේක ඉතාමත් පැහැදිලිව ප්ලෑන් කරලා කරපු වැඩත්. හැම දෙයක්ම ලියාගෙන ඉදලා වගේ. වාර්තාවත් එහෙම වගේ නැත්තම් කොහොමද කලින්ම මාධ්‍යවලට ගියේ (ම)
වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද අපි? (ර)
මොළය පාවිච්චි කරලා ප්‍රශ්න විසන්දනවාට වඩා, අතපය හතර පාවිච්චි කරලා ප්‍රශ්න විසඳන එක පහසුයි කියලා මේ අය හිතනවා වෙන්න ඇති. අනිත් එක ඉතින් මොළේ හැටියටනේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. (ර)
ගහ ගැනීම නම් කොහොමත් අනුමත කරන්න බැහැ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව, මීළඟ කථිකයා හඳුන්වා දිය යුතු වන්නේ මුලාසනය හොබවන කථානායක තුමන් විසිනුයි. (ර)
ඔක්කොම වෙනකන් ඉඳලා බයිලා ගහන්න එපා. මොලේ කල්පනා කරලා පාර්ලිමේන්තුවට යවන අයව තීරණය කරන්න. (බ)
අර කිව්වත් වගේ කටට බලේ නැති එකේ අතේ පයේ බලේ යොදවලා හරි ඉල්ලීම් දිනාගන්න වලිකනවා ඇති. (බ)
එදා පාර්ලිමේන්තුවේදී ෆොන්සේකා මහතා කළ කතාව පොලිසිය බාර ඇමතිවරයෙක් කළා නම් තමයි හොඳ. (නි)
ප්‍රජාතන්තවාදයේ ප්‍රතිමූර්තිය කියන එංගලන්තයේ තිබුන ගහගැනීම් අන්තර්ජලයට ගිහින් බලන්න. මුළු ලෝකයේම පාර්ලිමේන්තුවල මෙවැනි ගහගැනීම් සිදුවෙලා තිබෙනවා. එමනිසා ඒ ගැන කලබල වෙන්න එපා (නි)