දැන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ගැන කලබල වී සිටින පිරිස් මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ හිටපු ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ මහතාට හා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ලබා දුන් ආරක්ෂාව පිළිබඳව කල්පනා කළ යුතුව ඇතැයි සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.
ඇමතිවරයා එසේ පැවසුවේ අද (04) කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකා බුද්ධි අංශ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව කිසි විටක අවතක්සේරු නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇමැතිවරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
‘අතීතයේදී පාර්ලිමේන්තුවේ මෙවැනි සිදුවීම් වෙලා තියෙනවා. ඒත් කව්රුත් අතපය පාවිච්චි කරලා නැහැ. අතපය පාවිච්චි කරන්න දන්න කව්රුහරි අතපය පාවිච්චි කළොත් ඔය ඊයේ අතපය පාවිච්චි කරපු අය කොහෙද ඉන්නේ කියල දන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී අතපය පාවිච්චි කරන්න හොඳ නැහැ.‘ යැයි ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ සිදුවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.
‘අපේ පාර්ලිමේන්තු ඉතිහාසය එතරම් කැත නැහැ. මන්ත්‍රීවරුන්ට බිමදාගෙන ගහන්න තරම් අතීතයේ මන්ත්‍රීවරු වනචර වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ ලේ වගුරපු පළමු අවස්ථාව මේක. මේ ගැන ලැජ්ජා විය යුතුයි. ඒ වෙලාවේ පාසැල් දරුවෝ හිටියා. ඒ අය ඉවත් කරන්නත් සිදු වුණා. පාර්ලිමේන්තුව කියන්නේ ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති හදන උත්තරීතර තැන. මෙතනට එන තැනැත්තා ගෞරවනීය තැනැත්තෙක් විය යුතුයි. ඔහු රස්තියාදු කාරයෙක්, ගංජාකාරයෙක්, කසිප්පුකාරයෙක්, තගෙක් නෙවෙයි.‘ යැයි ද ඇමැතිවරයා පැවසීය.
ප්‍රශ්නය - මේ ගැන නීතිමය පියවර ගන්න පුළුවන්ද?
පිළිතුර - කථානායකවරයා ඒ ගැන තීරණය කරාවි.
ප්‍රශ්නය - මීට කළින් පාර්ලිමේන්තුවේදී හාමුදුරු කෙනෙක් මන්ත්‍රීවරයෙකුගේ යටිබඩ මිරිකල සිද්ධියක් වුනා. එය බරපතල නැත්ද ?
පිළිතුර - ඒක ඉතා රහසිගතව කළ දෙයක් නේ. මේ වගේ ප්‍රසිද්ධියේ කරපු දෙයකුත්, චන්ඩිකමට කළ දෙයකුත් නොවේ.
ප්‍රශ්නය - මෙවැනි සිද්ධීන් වෙන්නේ කරු ජයසූරිය කථානායක තුමාගේලිහිල් ප්‍රතිපත්ති නිසා නේද? චමල් රාජපක්ෂ මහතා කථානායක වී සිටින විට මෙහෙම වුනේ නෑ නේද?
පිළිතුර - නැහැ එදා ආණ්ඩුව ඉතා ශක්තිමත්. විපක්ෂය දුර්වල වෙලා තිබුනේ. අද ශක්තිමත් විපක්ෂයක් තියෙනවා.
ප්‍රශ්නය - මේ සිද්ධියට සම්බන්ධ වු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය විනය පියවර ගන්නවාද?
පිළිතුර - ඔව් මේ ගැන ක්‍රියා කරන්න පක්ෂයට අයිතියක් තියෙනවා. එවැනි අයව පක්ෂයෙන් ඉවත්කරන්න බලය තියෙනවා. ඉවත් කළොත් මන්ත්‍රීකමත් නැතිවෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදී සංවිධානයක් වුණත් තීරණ ගන්නේ මෝඩ විදිහට නොවෙයි. හිටපු රාජ්‍ය නායකයෙකුට ආරක්ෂාව ලබාදෙන්නේ ඒ අයගේ ගෞරවය සඳහායි. මේ සරල කාරණාව තේරුම් ගන්න බැරි ගමේ ගොඩේ අය හිතන්නේ, ඒ අය තම අසල්වාසීන්ගෙන් පළිගන්න විදිය තමයි. (නි)
මහින්ද ත්‍රස්තවාදය පරාජය කළ නිසානේ අපි මෙහෙම දැන් ඉන්නේ (නි)
ලැජ්ජා වියයුත්තේ ඔබතුමන්ලා නොව ජනතාවයි. අවුරුදු 68 ක් තිස්සේ ජනතාවටද ලැජ්ජාවක් පෙනෙන්නට නැත. (නි)
යහපාලනයට ගන්නේ පෙරාපු රත්තරන් වගේ අයනේෙ. ඉස්සර පාපැදියෙන් ගිය සමහරුන්ට දැන් මාළිගා?මේවා සාධාරණයෙන් ඉපැයුවද? (නි)
අනේ මොකටද අපි මේවට කතාකරලා නිකන් ඇඟේ ලේ පුච්චාගන්නේ? (නි)
අනේ! මහින්ද මහතා ඒ කාලේ මෙයාලට කළ උදවු වලට දැන් එතුමාට මෙහෙම වෙන්න ඕනෑ. (නි)
හැමෝම මේවාට වගකිවයුතුයි (නි)
ලැයිස්තුවේ බලේ... (ර)
පරාද අයව පාර්ලිමේන්තුවට ගැනීම මේ සේරටම මුල. (ර)
මේ අය කරපු දේවලුත් අපිට අමතක නැහැ. ඒකයි ඡන්දෙන් පරද්දලා දැම්මේ. අනේ පින් සිද්ධවෙයි, ලැබුණ ඇමතිකම රැකගෙන ඔය කට වහගෙන ඉන්න (නි)
එරන්ද, ඇමරිකාවේ ජාන්ධිපතිත් එක්ක කොටි තරහ නැහැ. අනික ඇමරිකාවේ හිටපු ජනපතිවරුන්ට ඇති තරමට ආරක්ෂාව තිබෙනවා. දැන් බලන්නකෝ ඔබාමා නොවැම්බරයේ ගියාම. බින් ලාඩන්ව මරන්න අණ දුන්නේ ඔහු. (බ)
අනේ මොකටද මගේ කට! (නි)
ජනතාව ප්‍රතික්ෂේප කළ අයගේ කතා අහන්න අපිට අවශ්‍ය නැහැ (නි)
එතකොට මහත්තයෝ, පාර්ලිමේන්තු ඇමතිවරයෙක් අධිකරණයට අපහාස කරන එක ගැන ලැජ්ජා වෙන්න ඕනෑ නැද්ද? (නි)
දැන් ඉතින් කාලයක් යනකන් මේ දේ අල්ලගෙන දඟලයි.(හේ)
මහින්දට කාගෙන්ද තර්ජන? අනික මහින්ද හෝ චන්ද්‍රිකා හෝ කුමන හිටපු නායකයෙකුට එක හා සමානව සැළකිය යුතුය. වරදක් නොකළ අය සාමාන්‍යයෙන් බය වෙන්නේ නැහැ. මෙතුමා ඉල්ලන්නේ අැමෙරිකාවේ ජනපතිටවත් නැති ආරක්ෂාවක්ද? (නි)
ඡන්දෙ නැතිවුණත් දිනුවේ නැතිවුණත් මන්ත්‍රී වුණා, ඇමති වුණා. කාටද ආඩම්බර? ඉතින් පින්වන්ත ඔබට නිදහසේ ඉන්න තියන තැන වෙන අය විත් ගහගන්න එක කොච්චර වැරදිද. (නි)
මොන ඡන්දෙන් දිනලද දන්නේ නැහැ පාර්ලිමේන්තු ගියේ. (ර)
මෙවැනි ගැටළු ඇති කරන්න ගත්තේ පාර්ලිමේන්තුවට පරාද උන අය (ර)
කවුරු කවුරු ගැනත් දැන්නම් ජනතාව හොඳට දැනගන්න ඇති (නි)
ඇත්ත තමයි..පාර්ලිමේන්තුවේ පමණක් නොවෙයි, සමස්ත ශ්‍රී ලාංකීය දේශපාලන ක්‍රියාවලිය ගැන පොදුජනතාව හැටියට අපි ලජ්ජා වෙනවා. ප්‍රශ්නය වෙලා තියෙන්නේ අපේ දේශපාලකයන්ට ලැජජා නැතිකම නේ. (ර)
මේ ගහගත්තු අය ඔක්කොම මහජනතා මනාපයෙන් තේරී පත්වූ අය. අන්න ඒ නිසා පරාජිත ඔබතුමා මේ සම්බන්ධයෙන් නිහඬ වුනොත් හොඳයි. ගරු කතානායකතුමා විධිමත් පියවර ගනීවි. (බ)
මේ වගේ සුළු සුළු ගැටුම් තිබිය යුතුයි නැත්තම් ගතියක් නෑනේ.(හේ)
මේ වගේ සිද්ධියකින් ලංකාවේ නම තමයි කැත වෙන්නේ.අපිට ලැජ්ජයි.(හේ)
මමත් මහින්ද මහත්තයත් එක්ක එතුමා වෙනුවෙන් පාරට බැහැපු කෙනෙක් දැන්නම් වෙන්නේ එතුමාගේ නම දමාගෙන වෙන කට්ටිය වැඩ කරගන්නවා (බ)
චන්ද්‍රිකාලට තිබුණු තර්ජනය සහ මහින්දට තියන තර්ජනය සමාන කරන්න එපා. මහින්ද කියන්නේ බටහිර අණට පිටින් කොටි ත්‍රස්තවාදියෝ පරදවල, ත්‍රස්තවාදීන්ගේ, ඩයස්පෝරාවේ විතරක් නෙවෙයි බටහිර රටවලත් පරම සතුරෙක් වී සිටින කෙනෙක්. තවමත් සැඟවී සිටින කොටියන්ගේ, විදේශ රටවල ඔත්තු සේවාවල තර්ජනය එතුමාට තියනවා. එ්කට සරිලන ආරක්ෂාවක් එතුමාට දෙන්න ඕන. රටට වැඩක් නොකළ නායකයින් එක්ක කොහොමද එතුමා සමාන කරන්නේ? (බ)
මහජනයා ප්‍රතික්ෂේප කළ අයව පාර්ලිමේන්තුවට ගත් එක තමා වරද ,ඒ අය ලවා වෛර ද්වේශය මතුවන කතා ඇති කිරීම (බ)
මරා කොටා ගන්න තරමට මොවුන් පත්වෙලා තියෙන්නේ පිල් බෙදිලා කරන මේ වෛරී දේශපාලන සෙල්ලම නිසයි. (බ)
කවුද ඔය කියන ශක්තිමත් විපක්ෂය? දෙමල ජාතික සන්ධානේද? එයාල වගේම ජවිපෙත් යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවෝ , ඉතින් කොහෙද ඔය කියන ශක්තිමත් විපක්ෂේ තියෙන්නේ? (බ)
නිරුවත් කරලා පාරේ ඇදගෙන යන්න ඕන කිවුවේ අපිද එතකොට? (බ)
මෙතුමාට ලැජ්ජාවක් නැද්ද චන්ද්‍රිකා ගැන කතා කරන්නේ. මෙයාට ඉතින් ඔය ඉන්න තැනට කඩේ යනවා ඇරෙන්න වෙන මොන කරන්නද? පින් ඇමතිකම් ගත්තම ඔහොම වෙනවනේ. එ්ත් ඉතින් අපරාදේ වචන ටික කවුරුත් මෙයා කියන දේ අහන්නෑ දැන් (බ)
අනේ මේ අහවල් අයගේ කතානේ...කට හින්දනේ හිරේ ගියෙත්..මහින්දනේ සමාව දීලා එලියට ගත්තේ...අපිටනම් මතකයි. (බ)
මෙයාලට මේවා කියද්දී තාම ලංකාවේ 88/89 කාලේ ජීවත්වෙච්ච මිනිස්සු ඉන්නවා කියලා අමතක වෙලා. (නි)
මහින්දගේ ආරක්ෂාවට හමුදාවම ඉල්ලන්නේ ඇයි? (නි)
අදාළ ප්‍රශ්නය ගැන පමණක් කතාකරනවා නම් හොඳයි (නි)
ලැජ්ජා හිතෙන්නේ අපිටයි මහත්තයෝ (නි)
දියවන්නාවේ ඉන්න සමහරු ගැන අපි හොඳට දන්නවා. (නි)
ඔයාලම තමයි මේ විනාශයට වගකියන්නත් ඕනෑ (නි)
කොටි සමුල ඝාතනය කළා නම් කාගෙන් බේරෙන්නද හමුදා ආරක්ෂාව ඉල්ලන්නේ? (නි)
මෙයාලට ඡන්දෙ දීපු අයට බැනලා වැඩක් නැහැනේ. එයාලා මෙයාලව පාර්ලිමේන්තු ඇරියේ නැහැනේ. (නි)
එ්කනේ අපි ගහගන්න පුළුවන් අය පත්කරගත්තේ. නඩුත් නැති නිසා ඕක ඇතුළේම ගහමරාගෙන විනාශවෙන එක ජනතාවගේ බලාපොරොත්තුවක්. ඊටපස්සේ ජනතාවට නිවීසැනසිල්ලේ ඉන්න පුළුවන් (නි)
පස්ස දොරෙන් ඇතුළුවුණ අයට අනිත් අයගේ ලැජ්ජාව ගැන කතාකරන්නටවත් අයිතියක් නැත. (නි)
මෙතනට එන තැනැත්තා ගෞරවනීය තැනැත්තෙක් වියයුතුයි කිවුවාට අද එහෙම වෙලා තිබෙනවද? (නි)
ඒ කියන්නේ අපේ අය විපක්ෂයේ ඉඳලා හොඳින් වැඩේ දෙනවා කියන එකනේ! (නි)