අද පාර්ලිමේන්තුවේ සභා මැදට පැමිණි එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කෑගල්ල එජාප මන්ත්‍රි සන්දීත් සමරසිංහ මහතාට පහර දුන්හ. ගැටුම සංසිදුවා ගත නොහැකි කළ කතානායක මිනිත්තු පහකට සභාව කල් තැබීය.
ගැටුම ඇරඹුණේ මෙසේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව අඩු කළැයි දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්නයක් මතු කළේය.
කතානායකවරයා පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි. ඒ සමඟම එකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු පස්වරු 1.20 ට පමණ සභා ගැබ මැදට ආහ. ප්‍රසන්න රණවීර,එජාප මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහත්වරු ඒ අතර වුහ.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිතුරු දෙමින් කතා කරන්නට විය. “මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව දෙනවා. එතුමාට ආරක්ෂාව දිය යුතුයි. එතුමා නැත්නම් අපට ඡන්දය දිනන්ට බැහැ.” ඉන්පසු ඇමැති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කතා කළේය. මහින්ද රාජපක්ෂ සමයේ ඔහුට ලැබුණු ආරක්ෂාවේ තරම ඔහු විස්තර කළේය. “වෙල්විදානේ” යනුවෙන් කෑගසමින් විපක්ෂ මන්ත්‍රිවරු තව තවත් කෑ කෝ ගසන්නට වුහ. ප්‍රසන්න රණවීර හා පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රිවරු එකිනෙකාට අභීයෝග කර ගනිමින් ඉදිරියට එද්දී සන්දීත් සමරසිංහ මහතා මැදට පැමිණියේය. එකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු පිරිසක් ඔහුට තඩි බාන්නට වුහ. කතානායකවරයා පස්වරු 1.35 ට රැස්විම කල් තබා අසුනින් නැගිට ගියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අපේ උත්තරීතර මන්ත්‍රීවරු! (නි)
දියේ ඉන්න මාලුවටත් මෙහෙම වෙනවලු කට නිසා (නි)
බලය ආවහම අනිත් මිනිස්සු පාගාගෙන ඉන්න බලන්නේ. පරාද වූ අය ගෙනවිත් රට බේරාගත් මනුස්සයාට ගරහනවා. (නි)
මහින්දගේ ගෝලයෝ දන්නේ තර්කයෙන් නොවේ අතින් පයින් ජයගන්න. (ම)
ඊයේ සිදුවීමට නියමිතව තිබු ගුටි කෙළිය කල්නොදමා අදම පැවැත්වීම ගැන මෙතුමන්ලාට අපේ ඉහළම ගෞරවය හිමි වෙනවා ඇත. (ම)
ඔය ඒකාබද්ධ විපක්ෂය කියන එකේ කට්ටිය පාර්ලිමේන්තුව තුළ හැසිරුනේ මැරයින් ලෙසයි. ආණ්ඩු පක්ෂයට කතාකරන්නට ඉඩනොදී දිගින් දිගටම අශීලාචාර ලෙස බාධා කළ නිසා තමයි මේ තත්වය ඇතිවුණේ. (නි)
හිතුවට වඩා මහා සෙනගක් රජයේ මැයි රැලි වලට ආව නිසා කලබල වෙලා වගේ... (ර)
බලය නැතුව මෙහෙමනම් ලැබුනොත් කොහොම තියේවිද ? (ම)
ලෝකයේ හොඳම මහජන මන්ත්‍රීන් ඉන්නේ අප රටේ කියා ලොවට පෙන්වූ මන්ත්‍රීවරුන්ට අපේ ගෞරවය පිරිනමමු. (නි)
ඉදිරියේදී පාර්ලිමේන්තු ඇතුලෙත් හමුදා ආරක්ෂාව දිය යුතු කාලයක් උදා වෙලා වගේ. (ර)
මෙහෙම අය පත්කරන අයටයි ගහන්න ඕනෑ (නි)
ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ පුද්ගලයින් පෑලදොරින් මැති සබයට ගැනීමේ ප්‍රථිපල දැන් ඇස් පනාපිටම පේනවා. කොතැන ගියත් වෛරය වපුරන කථා කියන සමහර උදවිය නිසා මෙසේ සිදුවන බව අපේ විශ්වාසයයි. (නි)
මේක පුදුම වෙන්න දේවල් නොවෙයි... (ර)
පසුගිය ජනාධිපති මැතිවරණ කාලෙත් මහින්ද මහත්මයාගේ රැස්වීම් වලට විශාල සෙනගක් අවා. නමුත් එයා පැරදුනා. (ර)
වාහන පර්මිට් ගන්න ගොඩක් මන්ත්‍රීවරුන්ට දැනටමත් වාහන පර්මිට් තියෙනවා. ඉතින් මේවා ව්‍යාපාරිකයන් මිලදී ගන්නවා. මේ එක පර්මිට් එකක් ලක්ෂ 200 ක් විතර වටිනවා. මේ නිසා රජයට ලැබිය යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක් ඉන්න නිසා ගාන හදල බලන්න. ඊට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් ලැබෙනවා. රජයට අහිමිවන බදු මුදල් ප්‍රමාණය මෙතකැයි කියන්න බැහැ. මේක කිසිසේත්ම සාදාරනීකනය කරන්න බැහැ. මම ඉතා ආදරයෙන් මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පර්මිට් වකුගඩු රෝගීන්ගේ අරමුදල් පිහිටුවා එයට පරිතාග කරන ලෙසට. ඒක අද හැම මන්ත්‍රී කෙනෙකුගේම ජාතික යුතුකමක් ලෙසත් මම දකිනවා. (ර)
උත්තරීතර යැයි කියන්නේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙන්න ඇති. (නි)
මෙවැනි අයට ඡන්දය දෙන අය කවුද? (ර)
ලෙස්ලි මහත්තයෝ, ඔබ හරි. ඔය ඒකාබද්ධ විපක්ෂය කියන එකේ වැඩි හරියක්ම ඉන්නේ හොර තක්කඩි. (හේ)
නියම කට්ටිය ආයෙත් බලයට ගේන්න. (ර)
මේ දවස් වල අර අපේ අදහස් දාන චතුරි කොහෙද ඉන්නේ? (නි)
මෙන්න සුපිරි ජනතා නියෝජිතයෝ! (නි)
මේ ගහන අයටම තමයි මන්දබුද්ධික ඡන්දදායකයෝ ඡන්දෙ දෙන්නේත් (නි)
ගමේ නගරන් දාන අයියලා පාර්ලිමේන්තුවට ඇරියාම මීට වඩා මොනවාද බලාපොරොත්තු වෙන්න පුළුවන්? (බ)
නලින්, ඕව කියන්න ඕන මොලයක් ඇති මිනිස්සුන්ට. කියල වැඩක් නැහැ පුදුම කලකිරීමක් තියෙන්නේ. තනිකරම මිනිස්සුන්ගේ වරද, මම කියන්නේ තනිකරම ඡන්දය දෙන මෝඩ මිනිස්සුන්ගේ වරද. ලක්ෂ දෙසිය විතරද? තව මොන තරම් පහල මට්ටමේ දේශපාලකයෝ ඉන්නවද? (බ)
මේවා පුදුම වෙන්න තරම් ප්‍රවෘත්ති නෙමෙයි . මේවගේ බුද්ධිමත් ශීලාචාර පිරිසක් වෙනුවෙන් ඡන්දෙ දුන්න සියලු දෙනාම සතුටු වෙන්න ඕනේ. වපුරපු දෙයට වඩා වෙන දෙයක් අස්වැන්න විදිහට ලැබෙන්නේ නෙහෙනේ. (බ)
ගහන්න තිබ්බේ හොදටම.(හේ)
කරුණාකර ගහපු අයගේ නම, නියෝජනය කරන දිස්ත්‍රික්කය, පක්ෂය, ලබාගත් මනාප සංඛ්‍යාව ප්‍රසිද්ධ කරන්න. අපට බලාගන්න පුළුවන් එවැනි දිස්ත්‍රික්ක වල ජනයාගේ හැටි !!! (නි)
මේ රජය බලයට ආපු දවසේ සිට අද දක්වා කිසිදිනක සන්සුන් පාර්ලිමේන්තු සැසිවාරයක් මා දුටුවේ නැහැ. (ර)
අජන්ත, මාළු මාර්කට් එකේ මිනිස්සු වුණත් ගහගන්නේ නැහැ. සමාදානයෙන් තමන්ගේ වැඩ කරගෙන යනවා. (නි)
විපක්ෂය බොරු සොයමින් රාජපක්ෂ රකින්න හදනවා. රටේ වැඩ කඩාකප්පල් කරලා සතුටක් ලබනවා. සියලුම හොරුන්ට නඩු දාලා පක්ෂයෙන් එළවන්න (නි)
මේ කට්ටියගෙන් මීට වඩා හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (ර)
අපේ රටේ මහජනතාවට ඉස්සරහට බොහොම දුක්වෙන්න වෙයි (නි)
ඉස්සරත් අපි විවිධාකාර පොර බලලා සතුටක් ගත්තා. අද මට ඒ අතීතය මතක්වුණා (නි)
නුගත් මෝඩ දේශපාලකයින්ගෙන් මීට වැඩ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ (ම)
අනේ මන්දා අපේ රටේ තියෙන උත්තරීතරම ආයතනයේ මහජන නියෝජිතයෝ හැසිරෙන්නේ මෙහෙමනම් අනෙක් අය ගැන මොනවා කතාකරන්නද. (ර)
ගුටිකෙලි කොහොම වුණනත් එංගලන්තේ පාර්ලිමේන්තුවයි අපේ පාර්ලිමේන්තුවයි බැලුවහම අපේ අයට මොන සැපද? ඉතින් ටිකක් ගුටිකෑවහම මොකද? (නි)
එතෙන්ට ගියානම් ඕව විඳගන්න ඕන, කතා කරන්න ජනතාවට ආදර්ශය දෙන්න. (ර)
ලංකාවේ පාර්ලිමේන්තුව මාළු මාර්කට් එකක් ගානට වැටුනා එහෙනම් (නි)
ඔහොම යමු තව හොද හොද සෙල්ලම් එළිවෙන් ජාමෙට. (ර)
තමන්ගේ තරම පෙන්වන්න වෙනත් දෙයක් මොකටද ? (ර)
මෙය පුදුමයක් නොවේ. (ර)
රටේ උත්තරීතර යැයි පවසන තැනත් මෙහෙම නම් අනෙක් තැන් කොහොම ඇද්ද? (නි)