(අංජු
ල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ලබන අයවැයෙන් ආබාධිත ප්‍රජාවගේ දීමනාව 7500 සිට 10000 දක්වා අනිවාර්යයෙන්ම වැඩි කරන බව පත් කළ මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා:-(ජාජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ මගේ මංගල කතාවයි.එමෙන්ම මෙය ඓතිහාසික කතාවක්.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වසර 76 කට පසු ආබාධ සහිත පුද්ගලයකුට පාර්ලිමේන්තු වරම් හිමිවෙනවා.මෙය අහඹු ලෙස හෝ ඉහළින් පාත් වූ දෙයක් අනුව ලැබුණු වරමක් නොවේ.ඒ සඳහා වෙහෙසුණු කණ්ඩායමක් ඉන්නවා.ලක්ෂ දාහතකට අධික මගේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ඒ කණ්ඩායමට ස්තුති කරන්න අවශ්‍යයි.
එම ප්‍රජාවට තීන්දු තීරණ ගැනීම සඳහා නියෝජනයක් අවශ්‍ය බවට තේරුම් ගත්තේ ජාතික ජන බලවේගය පමණයි. ආබාධ සහිත පුද්ගලයා යනු මේ ලෝකයට ලස්සන කැන්දාගෙන ආ දූත පිරිසක්.විචිත්‍රත්වය නිර්මාණය වන්නේ විවිධත්වය මතයි. ඔබ අතර ඇස් නොපෙනෙන මම නිසා මෙතන විවිධත්වයක් ඇතිවී තිබෙනවා.මානව සමාජයේ විචිත්‍රත්වය නිර්මාණය වී ඇත්තේ ඒ විචිත්‍රත්වය නිසයි.
මේ ආබාධිත බව අප බලෙන් උරුම කරගත් දෙයක් නොවේ" යනුවෙන්ද සුගත් වසන්ත මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිය නොවන්න. අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිමු....
මෙතෙක් සිටි පාලකයින් ජනතා ගැටළු ඉදිරියේ අන්ධයින් සේ හැසිරුනි. ඇස් ඇරගෙන සිටින පාලකයින්ට ජනතා දුක පෙනේ. විවිධත්වයද පෙනේ...
ඉතාම හැඟුම්බර අවස්ථාවක්... මේ ලංකාවේ දේශපාලනයට අකමැති වුවත් ජාත්‍යන්තර සිංහ සමාජ හරහාම මේ ජනතාවගේ දුක හොදින් හැදුනානම් පසුගිය වස 15 ක කාලය තුළ ඔවුන්ට කළ හැකි සියල්ල කිරිමට ලැබීම ම භාග්‍යයක් සේ සළකමි. ඉදිරියටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමි.
මමත් දන්නවා සුගත් අයියාව, මාරම දක්ෂ මනුස්සයෙක්. අපිට වගේ 100 ගුණයක් මතක තියෙනවා. මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට එන්නේ තිබ්බේ දැනට අවුරුදු 20කට කලින්. මගෙත් යාළුවෙක් ඉන්නවා... හැබැයි කවදාවත් කොන් කරලා නෑ, හැබැයි ඒත් ලංකාවේ මිනිස්සු ඉන්නවා පොට්ටයා කියලා බනින ඇත්තටම අංගවිකල අයත්. එහෙම වෙලාවට අපිට වුණත් දුකයි. ඒ ලංකාවේ ඉන්න 10-15% ප්‍රජාව නියෝජනය කරන නායකයෙක් ඉන්නවා. මේ රජයේ ලැයිස්තුගතවට දාපු වැදගත්ම චරිතය සුගත් අයියා...