(සම්පත් ප්‍රියනන්දන )
පාර්ලිමේන්තුවට ඇතුළු විමේ අවසර පත්‍ර ,පාර්ලිමේන්තු පිවිසුමි මාර්ගයේ දළ සැලැස්මක් ,සිමිකාඩිපත් , ජිව උණ්ඩ සහ තවත් සැකකටයුතු දෑ සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් තරුණයා ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (04) දා නියෝග කළේය.
යළි මේ මස 11 වැනිදා යළි අධිකරණයේ පෙනි සිටින ලෙසද මහෙස්ත්‍රාත් නියෝග කළේය. මෙලෙස ශරීර ඇප මත මුදා හරින ලද්දේ බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචි නිසාරින් නිස්ලාන් නැමති විසිහත් හැවිරිදි තරුණයෙකුයි.
මෙම තරුණයා ඉකුත් අප්‍රෙල් මාසයේ 24 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මීට පෙර අවස්ථාව කිහිපයකකදි දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තූතියි. ඔහුගේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් ලබාදීමට පියවර ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිමු...
සියලුම අන්තවාදීන්, ත්රස්තවාදීන් නිදහස ලබමින් සිටී. නැවත මිනිස් බිලි රාශියක් ඔවුන් විසින් ගතකළ මහ ජනතාවගේ නීතිය රටේ ක්‍රියාත්මක වනු ඇත...