සිංහරාසා නඩු තීන්දුව සම්බන්ධයෙන් අගමැතිවරයා කථානායකගෙන් කළ ඉල්ලීමක් අභියෝගයකට ලක් කරමින් නීතීඥ දර්ශන වේරදූවගේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉවත දමන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා දෙක පිළිබඳ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය කල් තැබීය.
පෙත්සමට සම්බන්ධ කරුණු පාර්ලිමේන්තුව තුළ සිදුවූ විවාදයකට සම්බන්ධ බවත් මේ පිළිබඳව විමර්ශනය කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි පරිපාලන සහ විධායක ක‍්‍රියාවක් හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සඳහන් වී නොමැති බැවින් මෙම පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙස නීතිපතිවරයා ඉදිරිපත් කළ එක් මූලික විරෝධතාවක් විය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රකාශිත එස්සී/ එස්පීඑල්ඒ / 182/99 දරණ සිංහරාසා නඩු තීන්දුව සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය අර්ථකථනයක් කර ඉදිරි පියවරක් ගන්නා ලෙස අගමැතිවරයා ඉකුත් ජූලි 07 වැනිදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කරනු ලැබීය. එය ශ්‍රේෂ්ඨාධිකරණය සතු මහජනතාවගේ අධිකරණමය බලයට බලපෑම් කිරීමක් බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
සිංහරාසා නඩු තීන්දුව යනු 2005 වසරේ දී එවකට අගවිනිසුරුවරයා වශයෙන් කටයුතු කළ සරත් නන්ද සිල්වා මහතා විසින් ලබා දුන් නඩු තීන්දුවක් වන අතර එමඟින් විදේශ අධිකරණයන්හි හෝ ආයතන වල නියෝග ක‍්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අධිකරණය බැඳී නොමැති බව ප‍්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩු තීන්දුවක් ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නැහැ අපිට. (නි)
අනේ මන්දා මේවට මොනවා කියනවද කියලා (නි)
පාර්ලිමේන්තුවේ ඉන්නේ වැරදි කරන අය නොවේනේ. එතුමන්ලාගේ තීරණ වලින් තමයි අපි යහපත් රටක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. (නි)