චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ආරාධනයකට අනුව අධ්‍යයන චාරිකාවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සිකුරාදා (10) චීනයේ සංචාරයක නිරතවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් මෙම චාරිකාව සඳහා තෝරාගෙන ඇත. මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හිමිව ඇත.
මීට අමතරව මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, ජේ. සී අලවතුවල, වඩිවේලු සුරේෂ්, ජයන්ත සමරවීර , කේ. කේ පියදාස, සන්දිත් සමරසිංහ, නිහාල් ගලප්පත්ති, අරවින්ද් කුමාර්, විජිත බේරුගොඩ සහ හෙක්ටර් අප්පුහාමි සහභාගීවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් ටික කියනකොට ලැජ්ජාවකුත් හිතෙනවා ,වැඩිහිටියන්ට සලකනහැටි වැදගත් තැනක කතා කරන හැටි මේ අධ්‍යාපන චාරිකාවෙන් ඉගෙන ගෙන. පාර්ලිමේන්තුවේදී අනිත් අයට පෙන්වන්න (බ)
අධ්‍යයන චාරිකාවක් සඳහා නේද? (ර)
දේශපාලන වේදිකාවල නම් කිවුවේ "චීන හිඟන්නෝ" කියලා. දැන් මොකද ඒ රටවල සවාරි යන්නේ? (නි)
සෙනරත් මහත්මයෝ බොරුව අතින් අල්ලන් එක්කන් යන්නෙ නැතිව කියන්නකො කව්ද කීවේ චීන හිගන්නු කියලා?? චීනෙන් හිගාකාලා හොරාකාපු හිගන්නු කියල කියනවනම් මටත් ඇහුනා..නිකන් බොරුව රජකරවන්න හදන්න එපා මහත්තයෝ වේදනාව දරාගන්නම අමාරුනම් වේදනානාශකයක් බීලා නිදාගන්න (බ)
ගිහින් ආපසු ආවහම මෙයාලත් ඇමතිකමක් ගනී වගේ (නි)
නිකන් යන්න දෙනවා නම් ඇෆ්ගනිස්ථානයට වුණත් යයි. (නි)
මේ නිකමට අහන්නේ. චිනෙත් හොඳ සාප්පු සංකීර්ණ තියෙනවද? (නි)
නියමයිනෙ... (නි)