(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (8) පස්වරු 12.30ට පැවැත්වීමට නියමිතය.

මේ අතරලබන වසර සඳහා වන අයවැය ජනාධිපතිවරයා විසින්  ලබන 14 වැනිදා ඉදිරිපත් කෙරේ.

අයවැය විවාද  ඊට පසු දින ආරම්භ කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් මස 8 වැනිදාය.