
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ මුළුතැන්ගය අධීක්ෂණයට ලක් කිරීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් බත්තර මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පවරනු ලැබීය.
ඒ අනුව එම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තුවේ මුළුතැන්ගේ මාස් පතා පූර්ණ පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.
එසේම පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයි අඩුපාඩු නිවැරදි කිරීම සඳහා පංච පුද්ගල විශේෂ කමිටුවක්ද කතානායකවරයා විසින් පත් කරනු ලැබ ඇත.
එම කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාවටද නුදුරේදීම භාරදීමට නියමිතය.
එම කමිටු වාර්තාවෙන් හෙළිදරව් කෙරෙනකරුණු අනුව මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දී සංවර්ධනය කිරීමට කතානායකවරයා අදහස් කරගෙන සිටි.
පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය ඉතාම අපිරිසුදු ස්ථානයක් බවට එය පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වාර්තාවක් මගින් පෙන්වාදී ඇත. එසේම පාර්ලිමේන්තුව ආරම්භ වූ දා සිට මේ දක්වාම කිසිම අවස්ථාවක එහි මුළුතැන්ගේ පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවස්ථාවලදී නොතිබූ බව කතානායකවරයා පැවසුවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාකාලා, ගසාකාලා, අසම්මත ජාති වැඩ කරලා පුරුදු වෙචිචි දූෂිත දේසපාලුවන්ට කුස්සියේ ජරාව කන එකත් සතුටක් වෙන්ඩැති...
මුලින්ම ගත්ත හාදයා ආපහු හරවලා යැව්වේ ඇයි කියලා අපි දන්නවද මන්දා...?
පහුගිය කාලෙ දේශපාලුවො විතරක් නොවෙයි දේශපාලුවන්ගේ කුස්සියත් තිබුනේ නීතියට ඉහළින් බව පේනවා නේද? දැන්නම් ඒව හරියන්නේ නෑ වගෙයි...
ජීවිතේම ජරාව කාලා ජරාවෙන්ම ජීවත්වෙච්ච, හිටපු අයට පාර්මේන්තුවේ ජරාව රසවත් වෙන්න ඇති.
ආ ඒ වැඩේ, ආපහු කෝට්ටේ නගර සභාවට අනුයුක්ත කරපු, පී එච් අයි ලොල්ලාට බාරදීලා !