දහතුන් වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව සශෝධනය කර එහි අඩංගුව නැති තනතුරු කිහිපයක් ස්ථාපිත කරන ලෙසත් තිබෙන තනතුරු කිහිපයක නිල නාමයන් වෙනස් කරන ලෙසත් මධ්‍යම රජයෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් සබරගමු පළාත් සභාව ඒකමතිකව සම්මත කළේය.
පළාත් සභා සභාපති කංචන ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පළාත් සභා රැස්වීමේ දී පෞද්ගලික මන්ත‍්‍රීවරුන්ගේ කටයුතු යටතේ සභානායක පළාත් සභා මන්ත‍්‍රී අසෝක ජයවර්ධන මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
දහතුන් වන ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ 1987 අංක 41 දරණ පළාත් සභා පනතේ සඳහන් නොවන නමුත් පළාත් සභාවන් හි කාර්යයන් ඉටු කිරිම වර්තමානය වනවිට අත්‍යවශ්‍යව ඇති පළාත් සභා විපක්‍ෂනායක, පළාත් සභා සභානායක, ආණ්ඩු පක්‍ෂ සංවිධායක සහ විපක්‍ෂ සංවිධායක යන තනතුරු අනුමත නීත්‍යානුකූල තනතුරු බවට පත්කරන ලෙසත් පළාත් සභා සභාපති යන නාමය පළාත් කතානායක ලෙස හා නියෝජ්‍ය සභාපති යන නාමය ‘පළාත් නියෝජ්‍ය කතානායක’ ලෙස සංශෝධනය කරන ලෙසත්, ඒ අනුව පළාත් සභා පනත සංශෝධනය කරන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින ලෙස සභාවට යෝජනා කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා ඉන්දියාවෙන් අපට බලහත්කාරයෙන් පටෝපු බරක්. ඒවා අපේ රටට වුවමනාම නැහැ. අහෝසි කරන්න. අපි යලිත් පරණ ගම් සභා ක්‍රමයට යා යුතුයි.එසේ කළොත් මේ රටේ කෙරෙන අපරාධ, දූෂණ, මුදල් නාස්ති බොහෝ දුරටම වලක්වා ගන්න පුළුවන් වෙනවා නිසැකයි! (බ)
දිය ඇලගෙදර හරියටම හරි. (අ)
ඒ කියන්නේ දැන් හම්බවෙන වරප්‍රසාද මදිවෙලා වෙන්න ඇති. ඇයි, තනතුරු නාමය වෙනස් වෙනකොට ලැබෙන පිම්බීමත් එක්ක වරප්‍රසාදත් පිම්බෙන්න එපායැ. (නි)
ආයතනවල පවතින තනතුරු හොදටම පමාණවත්. රාජකාරි නොපිරිහෙලා ඉටු කරන්නේ නමි අලුත් තනතුරු ඉල්ලීම හෝ ඇතිකිරීමට වෙහෙසීම ඉතාම බොළද අදහසකි. වර්තමාන පලාත් සභා හා ප්‍රාදේශීය සභා නොමැතිව රාජකාරි තිතටම ඉටුකළ දීප්තිමත් අතීතයක් අපට තිබුණු බව මතක් කර දීමටද කාලය එලඔ ඇත. (බ)