මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති කුසලාන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරගයේදී (දිවා/රාත‍්‍රි) ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 139 කින් දිනේෂ් චන්දිමාල් මෙහෙයවන ශ්‍රී ලංකා (සෙසු) පිල පරාජය කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 79 කට කඩුලූ 4 ක් බිඳ වැටී තිබියදී අෂාන් ප‍්‍රියංජන් (නොදැවී 136) සහ ඇන්ජලෝ පෙරේරා (112) පස්වැනි කඩුල්ල වෙනුවෙන් 224 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
අෂාන් ප‍්‍රියංජන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 99 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 136 ක් රැස් කිරීමට සමත් විය. ඇන්ජලෝ පෙරේරා පන්දු 97 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 112 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 5 ට 325 (නිරෝෂන් දික්වැල්ල 30, ඇන්ජලෝ පෙරේරා 112, අෂාන් ප‍්‍රියංජන් නොදැවී 136, ශාමින්ද එරංග 50/2)
ශ්‍රී ලංකා (සෙසු) පිල ඕවර 40.5 කදී සියලූ දෙනා දැවී 186 (කුසල් මෙන්ඩිස් 33, ළහිරු තිරිමාන්න 42, ඩිල්රුවන් පෙරේරා 27, මිලින්ද සිරිවර්ධන 35, ශාමින්ද එරංග නොදැවී 20, සුරංග ලක්මාල් 43/2, රමිත රඹුක්වැල්ල 43/3, උදාර ජයසුන්දර 17/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජාතික පිලේ නායකයා ඉන්දියාවේ ගිහින් කාර්ඩ් කුඩු කරගන්නවා ,උපනායකයා ලංකාවේදීම කුඩුකර ගන්නවා. මේ ඔක්කොම අයින් කරලා අලුත් කොල්ලෝ ටිකක් ටීම් එකට දැම්මා නම් හරි (නි)
චන්දිමාල් ලංකාවට ක්‍රිකට් අතින් සම්පතක්. (නි)
චන්දිමාල්ට දැන්වත් තේරෙන්න ඕනෑ ටෙස්ට් තර වලට විතරයි එය හරියන්නේ කියලා. යාර 30 ට උඩින් පාරක් ගහන්න බැහැනේ බැට් කරනකොට, බැට් එක කැරකෙනවා (නි)
කුසල් ,ලහිරු දෙන්නම වේල්ස් කුමාර කොල්ලෝ,ජය වේවා! ඔහොම යමු (නි)
ඇන්ජලෝ පෙරේරා කියන්නේ ලංකාවට ඉන්න වේගවත් පිතිකරුවෙක් .කාලෙක ඉඳන් ටීම් එකට එන්න හදන කෙනෙක්. චන්දිමාල් වරදක් නැහැ, එයා හොද නායකයෙක්. එය කලින් මැච් එකේ ලකුණු ගැහුවා. ඒත් එයා කලබල වැඩියි. එයාට ආරම්භක පිතිකරු වගේ තැනකනම් බයක් නැතුව ලකුණු ගහන්න පුළුවන්. (නි)