නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමැති ලෙස අද (21) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අධිකරණ නියෝජ්‍ය ඇමැති සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ද අද බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන් බව ජනපති කාර්යාල ආරංචි කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති මණ්ඩලය වැඩි බව කතා දෙකක් නැහැ. නමුත් මෙහිදී තනතුරු දරන දෙදෙනෙකුටමයි තවත් තනතුරු දෙන්නේ. 2/3 බලයක් තිබුණු මහින්ද මහත්තයටත් ඇමති මණ්ඩලය සීමාකරන්න බැරිවුණ එකේ මෙහෙම ආණ්ඩුවකින් එහෙම දෙයක් බලාපොරොත්තුවෙන්න බැහැ අපිට (නි)
පන්සිල් රකින කෙනෙක් විය යුතුයි (ම)
ජනතාවගේත් වගකීම් මේ සමග වැඩිවෙයි වගේ (බ)
මෙතනින් නවතිනන්නේ නැහැ. (ර)
සෝබිත හාමුදුරුවෝ හිටියනම් කියල හිතුණා. පිරිත් නුලක් බඳවා ගන්න ඇමතිතුමාට. (බ)
බලන්නකෝ අනේ යස අපුරුවට ඇමති මණ්ඩලය සීමාකළ ලස්සන! (නි)
පුදුම ඇමැතිකම් තොගයක්නේ දීගෙන යන්නේ. මුලදී කිව්වේ නම් ඔහොම නෙමෙයි නේද ජනාධිපති තුමනි. (බ)
මෙන්න රතන හාමුදුරුවන්ගේ ඇමතිවරු 30 කැබිනට් එක. යහපාලනය කියන්නේ ඒකනේ. යහපාලනටය ඇමරිකන් අධිරාජ්‍යවාදීන් සමග ඩීල් දැමූ බලසේනාව කවුද යන්න දැන් හරි පැහැදිලියි. (බ)
නීතිය, සාමය හා බන්ධනාගාර කියලා වෙන වෙනම ඇමතිවරු හිටියා නම් හොඳයි නේද? පවු මෙයාලට වැඩ වැඩිනේ නැත්නම්. කොහොමහරි ලෝක වාර්තාවක් තියන්න බලන්න හොඳේ. (නි)
අර කියපු දසගුණයේ සංවර්ධනයද ඔය? (නි)
දැන්නම් අපිට තේරෙනවා කරගත් මෝඩකමක තරම! (නි)
අනේ සෝභිත හිමියනේ, නැවත වඩිනු මැන! රතන හිමියනි, දැන් නම් අපිට හොඳටම සනීපයි (නි)
ඇසළගේ කතාව නම් මසුරන් (නි)
දැන්නම් හිතෙනවා අපිටම බූවල්ලෙන් තළාගන්න (නි)