සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ "ට්විටර්" ගිණුමට එක්වූ රසික, රසිකාවියන් පිරිස පසුගියදා මිලියන 13 දක්වා ඉක්ම ගිය බව "ඕල්ස්ටාර්ස්" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. ආසියාවෙන් මෙවැනි විශාල "ට්විටර්" රසික, රසිකාවියන් පිරිසක් සිටින තුන්වැනි ජනප්‍රියතම කාන්තාව බවට ඇය පත්ව ඇත.
මෙම වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට ප්‍රියංකාට මෙසේ එක්වරම රසික පිරිසක් එක්වීමට හේතුව වී ඇත්තේ ඇය මේ දිනවල ඩිවෝන් ජොන්සන් හා සෑක් එෆ්රෝන් සමගින් රංගනයෙන් දායක වන "බේවොච්" හොලිවුඩ් චිත්‍රපටයයි. ඇයට පසුපසින් වැඩිම රසික පිරිසක් සම්බන්ධවූ "ට්විටර්" ගිණුම් හිමිකාරියන් අතරේ දීපිකා පදුකෝන් සහ සෝනම් කපූර්ද සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd