ප්‍රියංකා පසුගියදා ගත් සෙල්ෆි ඡායාරූප කිහිපයක් සිය "ට්විටර්" ගිණුමට එක්කොට තිබුණ බව සඳහන්. ප්‍රියංකා පළකර ඇති මෙම සෙල්ෆි ඡායාරූපවලින් පෙනී යන්නේ වර්තමානය වනවිට ප්‍රියංකාගේ සිරුර කලින් තිබුණාටද වඩා සරාගී පෙනුමක් ලැබී ඇති බවයි.
කෙසේ වෙතත්, ප්‍රියංකා මෙම ඡායාරූප පළකර අදහසක් දී ඇත්තේ තමා රංගනයෙන් දායක වූ "බේවොච්" සිනමා පටය වෙනුවෙන් සිය සිරුරේ හැඩය වෙනස් කරගත් බවයි. එම චිත්‍රපටය %මුහුදු ආරක්ෂයන්^ කිහිප දෙනෙකු වටා ගෙතුණු කතා තේමාවක් වන අතර, එහි දර්ශන බොහොමයක පිහිනුම් ඇඳුම්වලින් පෙනී සිටින්නට තමාටත් සහෝදර නළු නිළියන්ට සිදුවූ බවය.
එම ඇඳුමට වඩාත් ගැළපෙන ආකාරයෙන් තමා සිය සිරුර වෙනස් කරගත් බවත් පවසන ප්‍රියංකා ලබන වසරේදී තිරගත වෙන මෙම චිත්‍රපටයේදී තම වෙනස් කරගත් පෙනුමට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනු ඇතැයිද විශ්වාසයක් පවතින බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd