බලශක්ති සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් මැයි 29 වැනිදා නිකුත් කළ නව මිල ලැයිස්තුවට අනුව පැට්‍රොල් (ප්‍රිමියම්) මිල ජූනි මාසයේදී සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ජාත්‍යන්තර මිල ගණන්වලට අනුකූලව දේශීය ඉන්ධන මිල ගණන්ද සමාලෝචනය කිරීමට පසුගියදා ගනු ලැබූ තීරණයට අනුව ජූනි මාසය සඳහා වන ඉන්ධන මිල ගණන් අමාත්‍යාංශය සිය නිල වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත්කර තිබුණි. ඒ අනුව ප්‍රිමියම් පැට්‍රෝල් ලීටරයක මිල ජූනි මාසයේදී කටාර් රියාල් 1.20 ක් දක්වා ඩිරාම් 5 කින් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් සුපර් පැට්‍රෝල් සහ ඩීසල් මිලේ වෙනසක් සිදුව නැති අතර ඒවායේ මිල ගණන් පිළිවෙළින් කටාර් රියාල් 1.30 ක් සහ 1.40 ක් ලෙසින් පවතිනු ඇත. පසුගිය මාසයේදී ප්‍රිමියම් පැට්‍රෝල් ලීටරයක මිල කටාර් රියාල් 1.15 ක් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd