මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ මූලිකත්වයෙන් උඩරට පාරම්පරික නර්ථන හා ගායන හා වාදන උපාධි පාඨමාලාවක් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නායක හිමිවරුන්ගේ මගපෙන්වීමෙන් ලබන අප්‍රේල් මස ඇරඹීමට සැලසුම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වූ බවත් දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පැවසීය.
පාරම්පරික කලා ශිල්පය රැක ගනිමින් ශිල්පීන්ට වෘත්තීය ගරුත්වයක් ලබා දීම සඳහාත්, කලාව සඳහා යොමුවන නවක තරුණ තරුණියන්ට විධිමත් දැනුමක් ලබාදීමත් පාඨමාලාවේ අරමුණ බව දෑල මහතා කීවේය.
විද්වත් කලා ශිල්පීන් හා ප්‍රවීන නර්තනාචාර්යවරුන් සමග සාකච්ඡා කර විශය නිර්දේශ ඉදිරිපත් කරන බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අවසරය කඩිනමින් ලබාගැනීමට කටයුතු කරන බවත් දියවඩන නිලමේ වරයා පැවැසිය.
මුලික වශයෙන් මෙම වැඩසටහන සදහා දලදා මාලිගාව මගින් රුපියල් මිලියන 100 ක් වෙන් කරන බවත් පල්ලකැලේ ජාත්‍යන්තර බෞද්ධ ඇකැඩමියට අයත් පරිශ්‍රයේ ගොඩනැගිලි දෙකක් මේ සදහා ඉදි කරන බවත් ඒ සදහා ඉන්දියාව,ප්‍රංශය හා ජර්මනිය සමග සාකච්ඡා කර අරමුදල් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හොඳ වැඩක් (නි)
ඔබතුමාට පින්සිද්ධ වේවා! ඒක නම් හොඳ අදහසක් (නි)
හොඳ වැඩක් (නි)
හොඳ යෝජනාවක්. විනාශයට යන ශිල්ප ශාස්ත්‍ර ආරක්ෂා කරගන්න මේ වගේ වැඩපිළිවෙලක් යොදන එක අගය කළයුතු දෙයක්. (නි)
පාරම්පරික කළා ශිල්ප ආරක්ෂා කරගන්න එක හොද දෙයක් එත් උපාධි පාටමාලාවක් පටන් ගන්න කලින් හිතන්න ඕනේ පිටවෙන උපාධි ධාරීන්ට රස්සා දෙන්නේ කොහොමද කියලා. (කෞ)
මමනම් කියන්නේ පාරම්පරික කලා ශිල්පවලට හොඳ වෙළද පොලක් හදන්න ඕනේ එහෙම වුනාම මෙතෙක් සිද්ද වෙච්ච විදිහට ඒ කලා ශිල්ප ආරක්ෂා වෙයි - නැතිනම් වෙන්නේ තවත් කණ්ඩායමක් රැකියා ඉල්ලලා පාරේ වාඩිවෙලා ඉඳියි (බ)
සේන, උපාධියක් යනු රැකියාවක් සඳහා විවරකළ දොරටුවක්ම පමණක් නොවේ (නි)
දියවඩන නිලමේ තුමා, සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සම්බන්ද කරන්න කටයුතු කරන්න.