මහනුවර ප‍්‍රදේශයේ වන්දනා චාරිකා ආයතනයකින් එක් අයෙකුට රුපියල් 66000 බැගින් ගෙවා දඹදිව වන්දනාවේ පැමිණ සිටියදී සංචාරය අතරමග නවතා දැමීමට නඩේ ගුරා තීරණය කිරීමෙන් පසු දින කිහිපයක් තිස්සේ ඉන්දියාවේ බුද්ධගයා ප‍්‍රදේශයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 110 දෙනා අද (3) චෙන්නායි නුවරට පිටත් කර හැරීමට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කටයුතු යෙදූ බව ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් ඇසල වීරකෝන් මහතා ලංකාදීපයට පැවසීය.
ගයා සිට දුම්රියෙන් චෙන්නායි වෙත පැමිණෙන අතර වන්දනාකරුවන් 100 කට වැඩි නිසා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කොට දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගත් බවද වීරකෝන් මහතා කියා සිටියේය.
ඔවුන් ලබන 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයිද ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා කීය.
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා මහාබෝධි සමාගම මෙම වන්දනාකරුවන් ගැන සොයා බලනු ඇතැයිද ඔහු කීය.
මෙම වන්දනාකරුවන් සියලූ දෙනාම වැඩිහිටි පිරිස් වන අතර ඔවුන් සියලූ දෙනාම යහපත් සෞඛය තත්ත්වයෙන් පසුවන බවත්, ගයාවේ මහාබෝධි සමාගමේ කහටගොල්ලෑවේ මේධංකර හිමියන්ගෙන් මේ ලාංකිකයින් ගැන තමන්ට දැන ගන්නට ලැබුණු බවද හෙතෙම කීය. පුරා දින කිහිපයක්ම මෙම පිරිසගේ දුක් සැප සොයා බැලීමට මේධංකර හිමියන් විශල මෙහෙවරක් ඉටු කළ බවද වීරකෝන් මහතා පැවසීය.
සතියක්ම ඔවුහු මහාබෝධි සමාගමේ අනුග්‍රහය ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරය අතරමග නවතා දැමුවයි කියන්නේ නඩේගුරා මේ මිනිසුන්ව අතරමන් කරලා පැනල ගිහින්ද? (බ)
විශාල ලෙස වයෝවෘද්ධ පින්වතුන් සහභාගිවන මෙම ගමන් සඳහා රජයේ අධීක්ෂණයක් අවශ්‍යමයි. (නි)
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනුවිසුනුව වැටුනේ (බ)
මෙවැන්නක් සිදුවූ පළමු අවස්ත්තව මෙය නොවේ දමදිව වන්දන්ව ව්‍යාපාරක් කරගෙන .මෙවැනි පාපකාරී ක්‍රියාවලට යෙදෙන්නන්ට විරුද්ධව නීති මගින් ක්‍රියා කර දැඩි දඩුවම් දිය යුතු මෙන්ම පීඩා විඳි අසරණ වන්දනාකරුවන්ට වන්දි මුදලක්ද ලබදියයුතුය .තවද මෙම වන්දනා සංවිධාන සියල්ලම රජයේ ලියාපදිංචි කල යුතුය i(රේ)
ලංකාවේ පැය 25 ක් 30 ක් එක දිගට කෝච්චියේ නොගියපු වයසක අම්මලා තාත්තලා ගයා සිට දුම්රියෙන් චෙන්නායි යන්නේ කොහොමද ?දඹදිව වන්දනාවේ / සංචාරය කරන අයව කෝච්චියෙන් ගෙනයාම තහනම් කරන්න ඕනා.(රේ)
දඹදිව වන්දනා මෙහෙයවීම දැන් ලොකුම ලොකු ව්‍යාපාරයක් වෙලා. (නි)