ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රේමදාස විතානගේ (63) දෙහිවල නැදිමාල පාලම අසල දී හදිසියේ අසනීප වී කළුබෝවිල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
සරා, අන්දර වැට, කෝපි කඩේ වැනි ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑ ප්‍රේමදාස විතානගේ පිළිකා රෝගයෙන්ද පීඩා විඳි අතර රූපවාහිනියේ විකාශය වන සබ්බ සකලමනා නාට්‍යයේ ද ‘අයි ඈම් ශ්‍රී ලංකා‘, ‘සිවම්මා ධනපාල‘, ‘මයි නේම් ඊස් බන්දු‘ යන වේදිකා නාට්‍ය වලද රංගනයට එක්වී සිටියේය.
ඔහුගේ දේහය 17/4 සී ධර්මාරාම පාර කරගම්පිටිය, දෙහිවල නිවසේ තැන්පත් කර ඇති අතර ලබන ඉරිදා ගල්කිස්ස කනත්තේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ ගමන්.!!! (බ)
ඔබට නිවන් සුව! (නි)
දෙහිවල නැදිමාල පාලම ළඟ අසනීප වෙච්ච කෙනාව මොකද කළුතර රෝහලකට අරගෙන ගියේ. කළුබෝවිල නේද ලගම තියෙන්නේ හොඳම රෝහල. කෙසේ වුනත් තවත් හොඳ රංගන ශිල්පියෙක්ගේ ගමන වෙනස් වුනා.. ඔබට නිවන් සුව ලැබේවා .. !!!(හේ)
මැරෙන්නේ නැතුව තියේවිද දෙහිවල සිට කළුතර දක්වා දුර බලන්න කළුබෝවිල තමයි ළඟම (අ)
කෝපිකඩේට සම්බන්ධ තුන්වන මරණය මේක. අදාළ පුද්ගලයින් මේ ගැන අවධානයක් යොමු කරන මෙන් ඉල්ලා සිටිමි. මේ අය වැඩිපුරම ගැවසුන තැන් වල පාරිසරික සාධක අධ්‍යනයට ලක් කල යුතුයි. (අ)
ඔබට නිවන් සුව පතමි!! (බ)
මා හොඳින් හඳුනන කලාකරුවාණෙනි, ඔබට නිවන්සුව පතන අතරම සංවේගයට පත්ව සිටින රූපිකා නිරංජලා දියණිය ඇතුළු සැමට මාගේ සංවේගය ප්‍රකාශකර සිටිමි! (නි)
අපිව හොඳට හිනස්සවපු නළුවෙක්. එතුමාට නිවන් සුව පතමි. (ර)
කණගාටු දායක පුවතක්..! ඔබට නිවන් සුව ලැබේවා..! (ම)
63 ක් කියන්නේ ලොකු වයසක් නෙවෙයි. ලංකාවේ ගොඩ දෙනෙක් තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන එතරම් නොහිතන නිසා තමයි අඩු වයසෙන් ලෙඩ රෝග සහ මරණය සිද්ධ වන්නේ. තරුණ වයසේ ඉඳලම අනිත් වැඩ කටයුතු වගේම ඒ ගැනත් හිතන්න ඕනෑ. ඔබ තුමාට නිවන්සුව.! (ර)
ඔබට නිවන් සුව ලැබේවා... (ම)
ඔබට නිවන් සුව! (නි)