හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතාගේ 21 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ අලුත් කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම අද උදෑසන සිදු කෙරිණි.
සජිත් ප්‍රේමදාස,දුලාංජලී ප්‍රේමදාස,හේමා ප්‍රේමදාස ඇතුළු ප්‍රේමදාස පවුලේ සියළු දෙනා ප්‍රථමයෙන් පිළිරුවට පුෂ්පෝහාර දැක් වු අතර කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා ප්‍රේමදාස ජනපතිවරයාගේ මිණිබිරියක සමග පිළිරුවට දොඹකර ආධාරයෙන් මල් දමක් පැළැදවීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනක් ද පිටකොටුව කෙසෙල්වත්ත ප්‍රදේශවාසීහු රැසක් ද මෙම අවස්ථාවට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණ රිචඩ් සොයිසා මහතා ඉතා අගය කල කෙනෙක් ප්‍රේමදාස මහතා
හෙළ ජාතික අභිමානේ, ඇසු විරුවන් සේ දෙරණේ, අපේ මවු බිම සවු සිරියෙන් සැරසු, පැරකුම් යුගයක්, ඔවු ප්‍රේමදාස යුගයක් නැවතත් අරබවූ ! ජය භූමිය වේ ලංකා. (දී)
ඇසට පෙනෙන දෙවියා ඔබයි, අදටත් ගම් උදා ගම්මාන වල අහිංසක දිළිඳු නිවාස ලාභි මහා ජනයා දිවංගත අතිගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස දෙවියාට පහන් පත්තු කරනවා, දුත්පතාගේ දුක හඳුනාගත්, දුකට පිහිට වූ දෙවියනි, ඔබතුමා නැවත අප අතර ඉපදේවා !!! නිවාස නොමැතිව දුක්විඳින ජනතාවට නිවාස ලාබගැනිමට ඔබතුමාගේ පිහිට තුලින් සැමටම නිවසක් ලැබේවා. දුප්පත් දරුවන්ට කිරි වීදුරුව, නිල ඇඳුම ලාබාදුන් ඔබතුමා සදා අමරණිය වනු ඇත. (දී)
ඇත්තටම මෙවැනි නායකයන් අපිට ඕන (ස)
ප්‍රේමදාස මහතා දුප්පතුන්ට නම් දෙවියෙක්. (නි)
සිය කාලය ඉතාමත් විශිෂ්ඨ ලෙස කළමනාකරණය කර ගනිමින් රාජකාරියේ නියැළුනු මෙතුමා රටටද ආදර්ශයක් දීම වෙනුවෙන් ලංකාවේ සෑම පළාතකම පාහේ හෝරා ස්ථම්භ ඇතිකළ නමුත් අද වන විට ඒවායින් බොහොමයක් අකර්මන්‍යව තිබෙනු දක්නට ඇත. කැස්බෑව නගර මධ්‍යයේ තිබු මනස්කාන්ත හෝරා ස්ථම්භය මාර්ග සංවර්ධනයේ ආශ්චාර්යය වෙනුවෙන් බිමටම සමතලා කර ඇත. එය සෑදෙන පාටක් නම් තාමත් නැත. දැන්නම් කාලය රන් වලට වඩා වටී!!! (අ)
ඔබට අපේ ගෞරවය සදකලිකයි. (ස)
ශ්‍රී ලංකා මාතාවට එක්සත් ජාතික පක්ෂයෙන් ලැවරිය මල්ලෙන් දර මඩුවෙන් රජ මැදුරට පියමන් කල මුහුදු, ඇල, ගං, ඉවුරේ, පිදුරු, පොල්අතු, පැල්පත්, උලු ගඩොල් නිවාස වලට පරිවර්තනය කල ජන සවිය, අසරන සරණ මා පිය කැප කරු, ජන සෙත, ටවර් හෝල් පදනම,දුගී දුත්පත්කම තුරන් කිරීම, හිසට සෙවනක් හිතට නිවහනක්, ගම් උදාව, නිවාස 15 ලක්ෂය, ඇගලුම් කම්හල් 200 වැඩපිලිවල කෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගනය නිර්මාණය, සුගතදාස ක්‍රීඩාංගනය නවීකරණය මහාමාර්ග කාපට් කිරීම, තරුණ තරුණියන් දේශපාලන ව්‍යූහයට ඇතුලත් කිරීම, තරඟ විභාග තුලින් රැකියා අවස්ථා, ජනාධිපති ජනහමුව, ජනාධිපති ජංගම සේවා තුලින් ජනතාව අතරට ජනාධිපති ගොස් ප්‍රශ්න විසඳීම, සැමදාම දිනකට පැය 24න් පැය 22ක්ම ජනතාව වෙනුවෙන් සේවය කල ලොව පහල වූ එකම එක ජන නායකයා දුත්පතාගේ හිතවතා, දුක්විඳින ජනතාවගේ දහඩිය ගුණ සුවඳ අඳුනාගත් කම්කරු දිනයේ තම ජීවිතය පුජා කල රාවන, පැරකුම්, දුටුගැමුණු රජුන් එකතුවක සොභාධර්මයාගේ නිර්මාණයක් වූ දිවන් ගත විස්ම කර්ම අතිගරු විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස උතුමාණන් දේශීය වෙදුන් 25 දෙනෙකුගෙන් වෙදගමක් නිර්මාණය කිරීම හා තවත් මට අමතක වූ දේ එමටයි. එතුමාගේ සංකල්පයක් වන සැමටම නිවසක් යන උදාර වචනයේ පරිසමාප්ත අර්ථය ලක් වැසියෝ බුක්ති විඳින්නේ කවදාද ? 21ක් වෙනි ගුණ සැමරුම මා මෙසේ සනිටුහන් කළෙමු ! (නදී)
රටේ දුප්පත් ජනයාගේ පියා , අපේ ප්‍රාර්ථනාව නැවතත් රටට ඔබ වගේ නායකයෙක් බිහිවෙන්න ඕනේ. (ස)
එකල ඔබ අපේ තද දෝෂාරෝපණයට ලක්වුවත් අද සමහරුන්ට වඩා යහපත් බවට දැන් සිතේ.. (අ)
මේවාට වියදම් කරන්නේ කාගේ සල්ලිද? (නි)
ඔබ සැබෑ විරුවෙකි (නි)
ලංකාවේ බිහිවුණු ප්‍රයෝගිකම නායකයා මෙතුමයි. (අ)
හිටපු ජනාධිපති ආර්, ප්‍රේමදාස මහතා සැබෑ නායකයෙක්. එහෙත් දැන් ඉන්න සමහර අය වගේ අය නම් අපට එපා (නි)