කොළඹ නගර සීමාවේ ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර හා ඒවාට සම්බන්ධ අතුරු මාර්ගවල තෝරාගත් වාහන ගාල් කිරීමේ ස්ථාන 1600ක නවතා තබන වාහනවලින් ගාස්තු අය කිරීම අද (4) සිට ක්‍රියාත්මක කෙරෙන බව කොළඹ නගර සභාව පවසයි.

කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ.අනුර මහතා පැවසූයේ පැයක කාලයක් සඳහා යතුරු පැදියකින් රුපියල් 10ක්, ත්‍රී රෝද රථයකින් රුපියල් 20ක්, මෝටර් රථ හා වෑන් රථවලින් රුපියල් 30 ක් ද බස් හා ලොරි රථ සඳහා රුපියල් 50ක් ද අයකරන බවයි.

මෙම අයකිරීම් සඳහා වාහන පාලකයින් යොදවා ඇතැයිද ඔහු කිවේය.

මේ ක්‍රමය මුලින්ම ආරම්භ කළේ හිටපු ජනපති ප්‍රේමදාස මහතාය.