
(ළහිරු හර්ෂණ )
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ආවේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති උදිත ගයාශාන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, කළාකරුවන්, රසිකයින් ඇතුළු විශාල පිරිසක් ඔහුට අවසන් ගෞරව ද දැක්වූහ.
ඔහුගේ දේහය 27 සවස දක්වා බොරැල්ල ජයරත්න (රෙස්පෙක්‍ට්) ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙන අතර සවස 4ට බොරැල්ල සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුකයි ගොඩාක්....
ඉතා විරල ගනයේ කට හඬකට, දිගු විරාමයක්