මං පුංචි කාලයේ ඉඳලා හැදුණෙ බාලිකාවක.
ආ... කලබලයට වැරදි එකයි කියැවුණේ.
පුංචි කාලයේ ඉඳන් මං හැදුණෙ බාලිකාවට අල්ලපු ගෙදර.
ඉතිං මං පුංචි කාලයේ ඉඳලා වැඩිපුර උන්නෙ, ගැහැණු ළමයින්ගෙ ඔඩොක්කුවල. ඉතිං මට හිතෙන්නෙ තවමත් මං ගැහැණු ළමයෙක් කියලයි.
මෙහෙම කියන්නෙ පේ‍්‍රම්කුමාර්. ඔහු ඒ විදියට කියන්නෙ ඬේසිට. අන්තිමට පේ‍්‍රම්කුමාර් මෙන්න මේ විදියටත් කියනවා.
”මගේ අංකය 168. ලෝරන්ස්ගෙයි - ඬේසිගෙයි කසාදෙ කෙරුණේ නැහැ.
මට හරි සතුටුයි ඇත්තටම මං මගේ ඬේසිට පණටත් වඩා ආදරෙයි.”
පේ‍්‍රම්කුමාර් ලෙස මේ විදියට චරිත රංගනයක යෙදෙන්නෙ සම්පත් ජයවීරයි. ඔහුගෙ ඒ අපූරු රංගනය අපට දැකගත හැකිවන්නේ, ලෝරන්ස්ගෙ මනමාලි නාට්‍යය සමගයි. ඒ අපූරු චරිතයට අමතරව, සම්පත් රූපවාහිනි තිරයේ විකාශය කෙරෙන විෂ්ණු සංක‍්‍රාන්තිය, හඳුනා ගත්තොත් ඔබ මා හුස්ම සහ ඔක්සිජන් යන ටෙලිනාට්‍ය සමග අප හමුවට පැමිණෙනවා. මේ හැම දෙයක් ගැනම අපි සම්පත් සමග ටිකක් කතා බහකරමු.
සම්පත්, මේ දිනවල රඟපාන මේ චරිත අතරින් ඔබට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ?
හුස්ම සහ ඔක්සිජන් ටෙලි නාට්‍යයේ චරිතයට වගේම ”ලෝරන්ස්ගෙ මනමාලි” නාට්‍යයේ සජීවී අත්දැකීමටත් බොහෝදෙනා ප‍්‍රිය කරන වග පෙනෙනවා.
සම්පත් ජයවීර කියන ඔබ, නළුවකු වුණේ කොහොමද?
පාසැල් අධ්‍යාපනය හමාර වුණාට පසුව ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධවී රංග කලා අංශයෙන් නාට්‍ය හා රංග කලාව ගැන පාඨමාලාවක් හැදෑරුවා. ඒ විදියට පටන් ගත්ත ගමන තමයි මේ

ඒ කාලයේදී වෙන රැකියාවක් ගැන හිතුවෙ නැද්ද?
රස්සාවක් කරන්න හිතුණා. නමුත් නළුවකු වීමේ අදහස තමයි ඇතුළාන්තයේ තිබුණෙ. නළුවකුට එහා ගිය රංග ශිල්පියකු කියන තැනට ආවේ.
නළුවා සහ රංග ශිල්පියා අතර වෙනස?
ඒක හරි සරලයිනෙ. නළුවෝ සෑම තැනකදීම හමුවේවි. බස් හෝල්ට් එකේ ඉඳලා ඕනෑ තැනක සිටින්න පුළුවනි. නමුත් රංග ශිල්පියා යනු ඊට වඩා වෙනස් රංගනයට සහ රංග කලාවට වැදගත් වන චරිතයක්.
එතැනින් එහාට ඔබට පුද්ගලික ජීවිතය ගැන කිව්වොත්?
මම විවාහකයි. බිරිඳගෙ නම රුවිනි. සිරස ගුවන් විදුලියේ සේවය කරන්නෙ. අපට පුතෙක් සිටිනවා. පුතාගෙ නම මේඛන ආදිත්‍ය.
සම්පත්ගෙ ජීවිතය අද ගෙවෙන්නෙ මොන විදියටද?
සංකීර්ණ නැහැ. සමාජයට ඉතිරි කළ දෙයක් සමග සරලව ජීවිතය ගලාගෙන යනවා. සජීවීව අද ලෝරන්ස්ගෙ මනමාලි නාට්‍යය වෙතින් ලබන ප‍්‍රතිචාර එහි රඟපාන අපි හැමෝටම අමුතු ජීවයක් ගෙන දෙනවා. බොළඳ මට්ටමින් තොරව එකිනෙකාගෙ අභිමතාර්ථ වලට වඩා ගුණාත්මක නාට්‍යයක් හැටියට පවත්වාගෙන යන ඒ නාට්‍යයට දර්ශන වාර 50 පිරෙන්නෙ මෙම 14 වැනිදාටයි. එදාට ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේදී සවස 3.30 ට සහ 6.30 ට මේ නාට්‍ය වේදිකාගත වෙනවා. ඊටත් අමතරව එය නිමිති කරගෙන ප‍්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කීපදෙනෙකුට මෙම නාට්‍ය කණ්ඩායමේ අපි විසින් උපහාර සම්මාන උළෙලක්ද පවත්වනවා.
මේ නාට්‍යයේ පේ‍්‍රම්කුමාර් ගැන ඔබට හැෙඟන්නෙ මොන විදියටද?
අවංක ගම්බද පේ‍්‍රමය ගැන ලොකු කැපකිරීමක් කරන, එය ජයගන්න උත්සාහ කරන තරුණයෙක්.
පේ‍්‍රම්කුමාර් ඬේසිට (දුලීකාට) කියන අපූරු දෙබස් අතරින් ඔබට එක්වර මතකයට එන දෙබස් කිව්වොත්?
මම ආපහු ඬේසිව හොයාගෙන ඇවිල්ලා, එයාව බඳින්න ඕනෑ කියලා එයාගෙ මමීට කිව්වා, වාසනාවකට වගේ එයාලා ඒකට කැමති වුණා. අර මෙලෝගෙ කැමැත්ත ගන්න රුපියල් 5000 ක් විතරයි මට ගියේ. අන්න දැන් ඒකා කොරියාවේ රස්සාවක. කොහොම හරි අන්තිමට මට මගේ ඬේසිව ලැබුණා. අද අපි දෙන්නගෙ වෙඩින් එක.
ලෝරා ඇන්ටිට කාරයක් නැහැලූ. මල්සර අංකල් බලා ගන්නම් කිව්වෙ.
එයාලා පල්ලිය ළඟ බලාගෙන ඉන්නවා. මං සුරුස් ගාලා යන්න ඕනෑ. ආ එක දෙයක් කියන්න අමතක වුණා. ”එදා අර වතුර ලයින් එක කැපුවෙ මං”
මෙහෙම කියන මේ පේ‍්‍රම්කුමාර්ට (ඔබට) බිරිඳගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
ඇය සාමාන්‍ය බිරිඳක්. මට සහයෝගය දෙනවා. වෙනත් චරිතයක් ලෙස අපි දෙන්නා සමාජ ගත වෙලා නැහැ. සරලයි සාමාන්‍යයයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍යාම්ගේ අදහසට ගරු කරන අතරේ ...එය සම්පුර්ණ වැරදි අදහසක් බව කියමි ...දුම්මලසුරිය යම් තරමකට එය පහදාදීම පිළිබඳව සතුටුයි ! (බ)
පව් අනේ මේ මනුස්සය (අ)
රගපෑම කියන්නේ සැබෑ ජිවිතයට නෙවෙයි. ඔහු රංගන ශිල්පියෙක් . එපමණයි. ඔහු රගපෑම සදහා තෝරාගත් චරිතය ඔහු එහි අධ්‍යක්ෂකට අවශ්‍ය විදිහට නිරුපනය කලා. ඒ රංගනය පිලිබදව යම් යම් මත පළවුණා තමයි. නමුත් ඔහු. ඒ කියන්නේ සම්පත් ජයවීර ඉතා දක්ෂ ශිල්පියෙක්. අපි ඒ දක්ෂකම අගයකල යුතුයි. ශ්‍යාම් මට හිතෙන්නේ එහෙමයි. (නදී)
හොඳට රඟපාන කෙනෙක් .සුභ පැතුම් (දිල්)
කළකම් අනුව අපි කවුරුත් කරන්නේ අප නොවන අපේ චරිතවල නළු-නිලි කම් පමණි.(හේ)
අධ්‍යක්ෂකවරයකුගේ කීමට තමන්ගේ ගරුත්වයට හානි වෙන දෙයක් කරන්නේ ඇයි.? (ර)
අපි වැදී බණ කියන්නේ නැහැ. අපි පුද්ගලිකත්වයක් ඇතිව සිදු විය යුතු දේවල් රඟපෑමක් ලෙසින් හරි ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීම හොඳයි කියල කියන්නේ නැහැ. චිත්‍රපටියේ එම පුවත් අවශ්‍ය නම් ඊට වැඩිය සංයමයකින් ඉදිරිපත් කල හැකියි. බලන්න සුමිත්‍රා පීරිස්ගේ ලොකු දුව චිත්‍රපටියේ මහා රාත්‍රී ගෙදර එන දුවගේ මුහුණේ මහන්සිය සමග දුවට ගෙට එන්න දොර හරින මවගේ නුරුස්සන බැල්ම, දුව විසින් තරුණියක විසින් නොගිය යුතු ගමනක් ගිය බව හොඳින්ම ප්‍රේක්ෂකයන්ට වැටහෙනවා. ප්‍රතිභාපුර්ණ රඟපෑමකට තමන්ගේ විලි බිය නැති බව ප්‍රදර්ශනය කරන්න අවශ්‍යම නැහැ. (නදී)
අපි ආදරය කරන කෙනෙක් (නි)
ඔහු දක්ෂයෙක්. මම ඔහුට සුබ පතනවා (නි)
මේ අය කරන්නේ රඟපෑමක් විතරයි ..එත් අපේ මිනිස්සු මේ වගේ දහජරා වැඩ ඇත්තටම කරනවා තමන්ගේ පවුල් ජිවිතයට හොරා....ඒ වගේ අය හැමදෙයක්ම හංගන්න තමයි උත්සහ කරන්නේ ..අන්න එහෙම කරන මිනිසුන්ගේ දරුවන්ටනම් අනාගතේ පාරේ බැහැල යනකොට හොඳවයින් ටිකක් අහගන්න පුළුවන් ..මේ මනුස්සයාගේ රංගනය විවේචනය කරන ඔබ සැබවින්ම යහපත්නම් ඔබේ විවේචනය යම් තරමකට හෝ සාදාරනයි ! (අ)
අපි ඉගිලෙන මාලුවෝහි රඟපෑමට ගයේෂට වැරැද්ද තැබුවා. මෙයත් එම ෆිල්ම් එකේ රංග නොපෑවා නම් ඉතාම දක්ෂ නළුවෙක්. (නදී)
මේ නළුවාගේ දරුවා ගැහැණු දරුවෙකු වුණා නම් ඔය චිත්‍රපටියේ රඟපෑම පෙන්නන්න පුළුවන්ද ? තමන්ගේ දරුවන්ට තමන් ඉදිරිපිට බලන්න බැරි දෙයක් රඟපානවා කියන්නේ ..මට නම් ඒ ගැන තවත් කියන්න දෙයක් නැහැ. (බ)
මම මේ නළුවාගේ රඟපෑම අගය කරන නමුත් අධ්‍යක්ෂකගේ පදයට නැටීම සෑම සම්භාවනීය නළුවෙක්ම කළ, කරන හෝ අනාගතයේ කළ හැකි දෙයක් යන්නට නම් එකඟ නොවෙමි. (බ)
මේ අර ඉගිල්ලෙන් මාළුවෝ චිත්‍රපටියේ රඟපෑවා කියන නළුවා නේද ? දරු පවුල් කාරයොත් මෙහෙම ඒවායේ පානවනේ ! සල්ලි වලට හැම දේම යටයි . තමන්ගේ ගරුත්වය කුජීතයි. (අ)
මොනවා වුනත් විශේෂයෙන් දරුවන් ඉන්න නළු නිලියන් අනාගතයේදී තමන් නිසා ඔවුනට යම් අපහසුතාවක් ඇති නොවන ලෙස තිරයේදීත් ඉන් පිටතදීත් හැසිරෙන එක හොඳයි. අන්තිමේදී වයස්ගත වුනාම තමන්ට වතුර ටික හරි ලඟට දෙන්න ඉන්නේ දරුවන් මිසක් අධ්‍යක්ෂක නෙවෙයිනේ. (නදී)
ඔබ හොද දක්ෂ නළුවෙක් හොද රංගන ශිල්පියෙක් මානව හිතවාදියෙක් පිඩිත ජනතාව වෙනුවෙන් යමක් කරාවි යන විස්වාසය තියේවි ඔබට ජයවේවා . (නදී)